ඒ.. අත්දැකීම් ඔස්සේ පරම්පරාවෙන් පරම්පරාවට ඒ විශ්වාසයන් ගලා ගියා. විටෙක රාත්රීයේ අඳුරේ හුදකලාවේ පාළු මංසන්දියේ සුසාන භූමියේදී අදෘශ්යමාන බලවේග භූත ප්රේත හොල්මන් අවතාර ලෙසින් කළ බලපෑම ගැන වඩා වඩාත් විශ්වාස කරමින් භීතියට පත් වී තිබුණා.
මරණයෙන් පසු මරණයෙන් පිබිදුණු විශ්වයේ සැරිසරන අදිසි ගුප්ත බලවේග සොයා යන.. නවතම ටෙලිවිෂන් රූ මාලාවයි... "අඳුරු සෙවනැලි".
හිරු ටීවී නිෂ්පාදනයක් ලෙසින් දිග හැරෙන, "අඳුරු සෙවනැලි" අද්භූත ටෙලි නාට්ය මාලාව, සෑම අඟහරුවාදාවකම රාත්රී 10.30 ට හිරු TV ඔස්සේ විකාශනය වනවා.
රස්සාවක් නැතුව නන්නත්තාර වෙලා හිටපු ජගත්-ට රස්සාවක් ලබාගන්න උදව් කළේ ඔහුගේ හොඳම මිතුරෙකු වන "ජනක." මේ රස්සාව නිසාම තමන්ගේ ජීවිතේ නොහිතපු අතකට දුවන් යාවී කියලා ඔහු නොහිතන්නට ඇති....
එක්තරා කාර්යාලයක ප්රවාහන අංශයේ රියදුරෙකු විදිහටයි ජගත් රැකියාවේ නියැලුනේ. හැමදාමත් කාර්යාලයේ ඉන්න "මිස්ලා සර්ලා" ඇරලවන, අරන් එන රැකියාව තමයි ඔහු කළේ.
මේ මිස්ලා සර්ලා අතරින් එකම එක "මිස් කෙනෙක්" ජගත්ට විශේෂ කෙනෙක් වුණා. ඒ ඇය නිතරම වගේ ජගත් ගැන උනන්දු වෙන්න, ඔහු එක්ක කතා කරන්න පෙළඹුණු නිසා.
ඇගේ නම සඳුනි. ලස්සන කෙල්ලක් වුනු සඳුනි මිස්ගෙන් ආ ගිය තොරතුරු අහන්න පටන් ගන්න ජගත් ඈට තවත් සමීප වෙනවා. ඒත්... ඇත්තටම "සඳුනි" කියලා කෙනෙක්, මේ කාර්යාලයේ හිටියේ නෑ. ඈ භූතාත්මයක් බව ජගත් දැනගෙන හිටියෙත් නෑ.
අවසානයේ මේ සැඟවිච්ච අද්භූත කතාව, ජනක, ජගත්ට විස්තර කරනවා. එක්තරා කාළෙක ජගත්ගේ වෑන් රියේ එහා මෙහා ගිය සඳුනි ඒ රියදුරු එක්ක සම්බන්ධකමක් පටන් අරන්. අවසානයේ ඒ දෙන්නා විටින් විට රිය අනතුරුවලට ලක් වෙලා පරලොව ගිහින්..
ජගත්ට "පරිස්සම් වෙන්න" කියලා කිව්වා වුණත්.. "ජගත්ව පරිස්සම් කරගන්න" ජනකට බැරිවුණා. ඒ විදිහට තමයි මේ ඛේදාන්තයේ අවසානය සනිහිටුවන් වෙන්නේ.
එම කතාංගයේ වීඩියෝව පහතින් බලන්න....