“අපි අපේ හොඳම ජීවිතය ගත කරමිනුයි මේ ඉන්නේ...”
“අපි හැමෝටම හීන තියෙනවා... මටත් තියෙනවා ඒ විදිහේ හීනයක්...”
ප්‍රීටි මයික් (Pretty Mike) කියන්නේ නයිජීරියාවේ ජනප්‍රිය ඉන්ස්ට්රැගෑම් තරුවක්. ඔහුගේ ඉන්ස්ට්රැගෑම් ගිණුමේ ඔහුට ආදරේ කරන, මිලියන ගණනක රසික පිරිසක් සිටිනවා.
ඉතින් මේ කියන්න හදන්නේ මෑතකදී ඔහු විසින් ඔහුගේ ඉන්ස්ට්රැගෑම් ගිණුමට එක් කරලා තිබුණු ආන්දෝලනාත්මක ඡායාරූපයක් ගැන කතාවක්.
මේ ඡායාරූපයේ ගැබිණි කාන්තාවන් 6 දෙනෙකු සිටින අතර, මයික් සඳහන් කරලා තිබුණේ මේ සියලුම දරුවන්ගේ හිමිකාරිත්වය තමන් සතු බවයි.
"මේක චිත්‍රපටි කතාවක් නෙවෙයි. අපි අපේ හොඳම ජීවිතය ගත කරමිනුයි ඉන්නේ..." යනුවෙන් ඔහු එහි සටහන් කර තිබුණා.
තරමක් මතභේදාත්මක චරිතයක් වන මේ ඉන්ස්ට්රැගෑම් තරුව, මින් ඉහතදී එනම් 2017 වර්ෂයේදී පොලිස් අත්අඩංගුවට පත් වුනේ, කාන්තාවන් පිරිසක් දම්වැල් යොදා බැඳ විවාහ මංගල්‍යයකට කැඳවාගෙන ආ හේතුව නිසයි. (ඔහු මේ කාන්තාවන් බල්ලන් විදිහට සැළකුවා කියලයි බොහෝ පිරිසකගේ චෝදනාව වුනේ.)
"අපි හැමෝටම සිහින තියෙනවා.. මගේ හිටපු පෙම්වතියන් දෙදෙනෙකු හා මගේ වර්තමාන පෙම්වතියන් තිදෙනෙකු විවාහ කර ගැනීම තමා මගේ සිහිනය..." ඔහු එහෙම කියනවා.
ඔහුගේ මේ විවිධ ක්‍රියාවන් ඔහු විසින් සමාජයේ අවධානය තමන් වෙත නතු කර ගැනීමේ අරමුණින් සිදු කරන බවයි ඇතැමුන් පෙන්වා දෙන්නේ.
නයිජීරියාවේ විශාලතම නගරය වන ලාගෝස් හි රාත්‍රී සමාජ ශාලා හිමිකරුවෙකු වන මයික්ගේ සැබෑ නම, මයික් ඊස් නවාලි නවෝගූ.
Dailymail ඇසුරිනි.
