ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු නව මකුළු විශේෂ 104ක් ලෝකයට හඳුන්වා දී තිබෙනවා.
තවත් නව මකුළු විශේෂ 50ක් පමණ හඳුන්වා දීමට අදාළ කටයුතු අවසන් අදියරේ පවතින බවයි එම මහාචාර්යවරයා සඳහන් කළේ.
ඔහු ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පරිණාමය, පරිසර විද්‍යාව සහ පරිසර ජීව විද්‍යා පර්යේෂණ ව්‍යාපෘතියේ ප්‍රධානියා වන මහාචාර්ය සුරේෂ් පී. බෙන්ජමින්. ඔහු මේ වන විට ලෝකයට හඳුන්වා දී ඇති මකුළු විශේෂ 104රෙන් 82ක් සොයාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වීම ද විශේෂත්වයක්.
වෙනත් රටවලින් සොයාගෙන ඇති මකුළු විශේෂ සංඛ්‍යාව 22ක්.
ඉන්දුනීසියාවෙන් 7ක්, බ්‍රසීලය සහ ඉන්දියාවෙන් 4 බැගින් මැලේසියාවෙන් 3ක්, ටැන්සානියාවෙන් දෙකක්, මැඩගස්කරයෙන් සහ ඩොමිනිකන් රාජ්‍යයෙන් එක බැගින් මෙලෙස විදේශ රටවලින් නව මකුළු විශේෂ 22ක් සොයා ගත් බවයි ඔහු සඳහන් කළේ.
මීට අමතරව මකුළුවන් දැල් සාදන ආකාරය සම්බන්ධයෙන් ඔහු සිය ආචාර උපාධිය සම්පූර්ණ කර ඇති අතර ඔහුගේ බිරිඳ වන දුශානි බෙන්ජමින්ගේ නමින් නව මකුළු විශේෂයක් නම් කිරීමට ද මහාචාර්යවරයා කටයුතු කර තිබෙනවා.
මෙරට ඇති ජෛව විවිධත්වයට හානි පැමිණවීම මගින් මකුළුවන්ට තර්ජන පැමිණිය හැකි බවයි ඔහු සඳහන් කළේ.
ඒ අනුව වනාන්තර විනාශය අවම කරමින් මකුළුවන් ඇතුළු මෙරට ජෛව විවිධත්වය ආරක්ෂා කර ගත යුතු බවයි ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පරිණාමය, පරිසර විද්‍යාව සහ පරිසර ජීව විද්‍යා පර්යේෂණ ව්‍යාපෘතියේ ප්‍රධානියා වන මහාචාර්ය සුරේෂ් පී. බෙන්ජමින් ප්‍රකාශ කළේ.