Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
24
රෝගීන් 35 ක් හමුවූ වත්තල නිවාස සංකීර්ණයක් හුදකලා කරයි - කොරෝනා ආසාදිත මව්වරුන් ගණන 50යි - කොළඹින් ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගේ තොරතුරුත් එළියට - මෙරට කොවිඩ් අලුත්ම තත්ත්වය - Video

- රෝගීන් 35 ක් හමුවූ වත්තල නිවාස සංකීර්ණයක් හුදකලා කරයි - කොරෝනා ආසාදිත මව්වරුන් ගණන 50යි - කොළඹින් ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගේ තොරතුරුත් එළියට - මෙරට කොවිඩ් අලුත්ම තත්ත්වය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,820 Views
කොටහේන සහ බ්ලූමැන්ඩල් ප්රදේශවලින් 22ක් හමුවෙයි...
 
පුත්තලම සහ නුවරඑළිය දිස්ත්රික්කවලින් ඊයේ ආසාදිතයන් 11ක්..
 
කොළඹ ආශ්රිත බන්ධනාගාරවලින් ඊයේ දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයන් 35 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබෙනවා.
 
ඒ අනුව කොරෝනා ආසාදිත බන්ධනාගාර රැදවියන්ගේ සංඛ්යාව 717 දක්වා ඉහළ යන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය සඳහන් කළේ.

මේ අතර, කොරෝනා ආසාදිත ගර්භනී මව්වරුන් 50 දෙනෙකු මේ දක්වා හඳුනාගෙන ඇති බව ප්රජා වෛද්ය විශේෂඥ චිත්රමාලි ද සිල්වා ප්රකාශ කළා. ඇය කියා සිටියේ දරු උපතකින් පසු මවගෙන් දරුවාට වෛරසය ආසාදනය වීමේ සිද්ධීන් මේ දක්වා මෙරටින් වාර්තා නොවන බවයි.
 
ඊයේ දිනයේත් මෙරටින් ආසාදිතයන් 337 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඉන් 189 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්රික්කයෙන්. ඊයේ දිනයේ කොළඹ දිස්ත්රික්කයේ වැඩිම ආසාදිතයින් සංඛ්යාවක් එනම් නව ආසාදිතයින් 68 දෙනෙකු කොළඹ මහ නගර සභා බල ප්රදේශයට අයත් අලුත්කඬේ ප්රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
 
ග්රෑන්ඞ්පාස් ප්රදේශයෙන් ද ඊයේ අලුතින් ආසාදිතයන් ද 25 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, කොටහේන සහ බ්ලූමැන්ඩල් ප්රදේශවලින් 22 නෙකු හඳුනාගෙන ඇති බවයි කොවිඞ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානය සඳහන් කළේ.
 
කොළඹ 15 ප්රදේශයෙන් ආසාදිතයන් 19ක්, දෙමටගොඩින් 15ක්, බොරැල්ලෙන් 14ක් සහ කිරුළපනින් 11 දෙනෙකු ඊයේ වාර්තා වී තිබෙනවා.
 
ගම්පහ දිස්ත්රික්කයෙන් ද ඊයේ ආසාදිතයන් 47 දෙනෙකු අලුතින් හඳුනා ගත් අතර, ඉන් 22 දෙනෙකුම වාර්තා වී ඇත්තේ වේයන්ගොඩ ප්රදේශයෙන්. වත්තල කම්කරු නිවාස සංකීර්ණයෙන් ආසාදිතයන් 35 දෙනෙකු හමුවීමත් සමඟ වත්තල - පල්ලිය පාරේ පිහිටි එම නිවාස සංකීර්ණය හුදෙකලා කිරීමට පියවර ගෙන ඇති බවයි කොවිඞ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානය සඳහන් කළේ.
 
මේ අතර, රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව නිවසට පැමිණි හික්කඩුව - කළුපේ ප්රදේශයේ තරුණයෙකු දින 14ක ස්වයං නිරෝධායනයට යොමු කර සිටියදී සෞඛ්ය උපදෙස් නොතකා ප්රදේශයේ සැරිසරමින් සිටියදී මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් ඔහුටතරයේ අවවාද කළා.
 
පුත්තලම සහ නුවරඑළිය දිස්ත්රික්කවලින් ඊයේ ආසාදිතයන් 11 බැගින් සොයාගෙන තිබෙනවා.
 
බම්බලපිටිය ප්රදේශයේ සිට හැටන් - ඇබොස්ලි වතුයායේ තම නිවසට පැමිණි 44 හැවිරිදි දෙදරු පියෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව අද හඳුනා ගත් බවයි අඹගමුව සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.
 
පසුගිය 22 වන දා ඔහු කොළඹ සිට හැටන් ප්රදේශයේ තම නිවසට පැමිණෙන අතරතුර ගිනිගත්හේන - කළුගල පොලිස් මුරපොළ අසළ දී සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණයෙනුයි ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත්තේ.
 
එමෙන්ම, අනුරාධපුර - තිරප්පනේ - බමුණුගම ප්රදේශයේ වයස අවුරුදු 4ක කුඩා දරුවෙකු ශල්යකර්මයක් සිදුකිරීමට අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී එම දරුවාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.
 
කෙසේ වෙතත්, එම දරුවා දෙවන වරටත් පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති අතර ඉන් අනාවරණ වී ඇත්තේ දරුවාට වෛරසය ආසාදනය වී නොමැති බවටයි. ඒ හේතුවෙන් දරුවාට තවත් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇති බවයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්රකාශකයෙකු සඳහන් කළේ.
 
කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ බඹුණුගම ප්රදේශයේ වෙළඳසැල් සහ මුස්ලිම් මහා විද්යාලය ද තාවකාලිකව වසා දමා සංචරණ සීමා පැනවීමට කටයුතු කෙරුණා.
 
මේ අතර, පොලිස් විශේෂ කාර්ය බලකායේ 13 දෙනෙකුත්, පොලීසියේ 20 දෙනෙකුත් ඊයේ වාර්තා වූ ආසාදිතයන් අතර වන බවයි කොවිඞ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානය සඳහන් කළේ.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top