Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
24
හිත්පිත් නැතිව ජීවිත බිලිගන්නා, මාරාන්තික කොරෝනා ආවේ ඉතාලියෙන්ද ? - “ඔවුන් ඒක හැංඟුවා..”, ලොවක් කැළඹූ කොරෝනාව ගැන, චීනය සාක්ෂිත් එක්ක ඉතාලියට එල්ල කළ බරපතල චෝදනාව - Photos

- හිත්පිත් නැතිව ජීවිත බිලිගන්නා, මාරාන්තික කොරෝනා ආවේ ඉතාලියෙන්ද ? - “ඔවුන් ඒක හැංඟුවා..”, ලොවක් කැළඹූ කොරෝනාව ගැන, චීනය සාක්ෂිත් එක්ක ඉතාලියට එල්ල කළ බරපතල චෝදනාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21 Views
“ඉතාලියේ පිළිකා රෝගීන් ආශ්රිතව මෙය ව්යාප්ත වන්නට පටන් ගත්තා..”
 
“කොරෝනා චීනෙට ආවේ දෙසැම්බර්.. ඉතාලියේ සැප්තැම්බර් ඉඳන් හිටියා...”
 
ලොවක් බිය ගැන්වූ මාරාන්තික කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසය මේ වන විට ලෝකයම සිය අණසකට යටත් කරගනිමින් සිටිනවා.
 
චීනයේ වුහාන් නගරයෙන් මෙම වෛරසය ව්යාප්ත වීම ඇරඹුණු අතර, ඉන් අනතුරුව ඉතාලි රාජ්ය, ඇමරිකාව, එක්සත් රාජධානිය, ප්රංශය වැනි බලවත් රාජ්යයන් වලටත් එල්ල කළේ දැඩි බලපෑමක්.

චීනයට සෘජුවම මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වුනු අතර, චීනයේ "වෛරස් බැංකුවෙන්" කොරෝනා "කාන්දු" වන්නට ඇති බවට බොහෝ දෙනා මත පළ කරන්නට පටන් ගත්තා.
 
ඉන් අනතුරුව ලෝක සෞඛ්ය සංවිධානය ද තීරණය කළේ, චීනයේ මෙම වෛරස් බැංකුව පරීක්ෂා කළ යුතු බවටයි.
 
ඇතැමෙක් සඳහන් කළේ සත්ත්ව ඝාතන වැඩි වශයෙන් සිදු වන චීනයේ, වවුලන් නිසා මෙම වෛරසය ව්යාප්ත වීම සිදු වන්නට ඇති බවයි.
 
කොහොම වුණත් චීනය මේ සියලු චෝදනා එකහෙළා ප්රතික්ෂේප කරන අතර, කොරෝනා මින් පෙරදිත් (එනම් චීනයෙන් වාර්තා වන්නට කලිනුත්.) ලොව පැවැති බවයි ඔවුන් කියන්නේ.
 
එමෙන්ම පසුගිය දිනෙක ඩේලිමේල් වාර්තාවක දැක්වුණේ, කොවිඩ් 19 පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ඉතාලි රාජ්යයෙන් ව්යාප්ත වන්නට පටන් ගත් බවට චීනය ප්රකාශ කර ඇති බවයි.
 
ඉතාලියේ පිළිකා රෝගීන් ආශ්රිතව මෙය දැඩිව ව්යාප්ත වීමට පටන් ගත් බවයි එමඟින් කරුණු දක්වා තිබුණේ.
 
චීනය සෘජුවම මෙසේ ඉතාලියට චෝදනා එල්ල කරන අතර, වසංගතය සඳහා ඉතාලිය වග කිව යුතු බවද චීනය ප්රකාශ කරනවා.
 
නමුත් මේ චෝදනා ප්රතික්ෂේප කරන ඉතාලිය පවසන්නේ, ඉතාලියට පෙර වැඩි කාලයක් චීනයේ නිහඬව වෛරස සංසරණය වුනු බවයි.
 
කෙසේ වෙතත්, මෙම චෝදනා හමුවේ චිනයේ සහ ඉතාලියේ වෛරස් ව්යාප්තිය සිදු වූ ආකාරය දැක්වෙන කාල රාමුවක් ද ඩේලිමේල් එක් කර තිබෙනවා.

චීනයේ වෛරස් ව්‍යාප්තිය
 
දෙසැම්බර් 8 - චීනය ආසාදනයක් හඳුනාගත් මුල්ම දිනය
 
දෙසැම්බර් 31 - චීනය ප්රථම වරට මේ ගැන ලෝක සෞඛ්ය සංවිධානයට දැනුම් දීම.
 
ජනවාරි 1 - විෂබීජ නාශක සඳහා වුහාන් මුහුදු ආහාර වෙළඳපොල වසා දැමීම.
 
ජනවාරි 11 - චීනයේ පළමු මරණය වාර්තා වූයේ මෙදිනයි.
 
ජනවාරි 23 - වුහාන් අගුලු දමා ඇත.
 
ජනවාරි 31 - ලෝක සෞඛ්ය සංවිධානය ජාත්යන්තරව මේ ගැන ලෝකයම දැනුවත් කිරීම.
 
පෙබරවාරි 23 - ඉතාලිය වාර්තා කරන්නේ චීනයේ සංචාරකයින්ට සම්බන්ධ නොවූ පළමු පුපුරා යාමේ සිද්ධි සමූහයකි.
 
නව සාක්ෂි අනුව චීනය කියන්නේ මීට පෙරදී ඉතාලියේ මෙය ව්යාප්ත වූ බවයි. (පහත සටහන බලන්න.)
 
සැප්තැම්බර් - මිලාන්හිදී ගන්නා ලද රුධිර සාම්පලවල කොවිඩ් ප්රතිදේහ අඩංගු බව සොයා ගැනීම.
 
ඔක්තෝබර්-දෙසැම්බර් - මිලාන් අසල ඇති 'නියුමෝනියාව' සිය ගණනක් වෛරසයට සම්බන්ධ විය හැකි බව විද්යාඥයින් විසින් විමර්ශනය කරනු ලැබීම.
 
නොවැම්බර්- බ්රසීලයේ ෆ්ලොරියානාපොලිස් හි ලබාගත් අපද්රව්ය සාම්පලවලින් පෙනී යන්නේ වෛරසය ඇති බවයි.
 
දෙසැම්බර් 1 - සමාලෝචනය කරන ලද අධ්යයනයක දී චීන පර්යේෂකයන් මෙම දිනයේ ආසාදනයක් වාර්තා කළ නමුත් එය බීජිනය විසින් පිළිගෙන නැත.
 
දෙසැම්බර් 18 - මිලාන් සහ ටියුරින් වලින් ලබාගත් අපද්රව්ය සාම්පල මගින් නගරවල වෛරස් සංසරණය වෙමින් පවතින බව අඟවයි.
 
2020 ජනවාරි - බාර්සිලෝනා හි අපජල සාම්පලවලින් පෙනී යන්නේ නගරයේ වෛරසය ඇති බවයි.
 
කෙසේ වෙතත්, පර්යේෂකයින් කණ්ඩායමක් මිලාන්හි පිළිකා ආයතනයේ රෝගීන් යොදාගෙන පරීක්ෂණ සිදු කර ඇති අතර, එම රුධිර සාම්පල ද පරීක්ෂා කර තිබෙනවා.
 
ඔවුන් පුදුමයට පත් කරමින් සහභාගී වූවන්ගෙන් සියයට 14ක් 2019 සැප්තැම්බර් දක්වා සාම්පලවල ප්රතිදේහ සොයා ගෙන ඇති බවයි ඩේලිමේල් පවසන්නේ.
 
මෙම සොයා ගැනීම්වලට අනුව දෙසැම්බරයේ චීනය මෙය නිල වශයෙන් දැන අඳුනාගැනීමට ප්රථම ඉතාලියේ නිහඬව සංචරණය වී ඇති බව සඳහන්.
 
කෙසේ වෙතත්, මෙය තවමත් නිශ්චිත ආකාරයෙන් සමාලෝචනය කර නොමැති අතර පර්යේෂකයින් අනතුරු අඟවන්නේ මෙය සත්යයක් ලෙස පිළිගැනීමට පෙර වැඩිදුර පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.
 
නමුත් තව අතකින් චීනයත් මෙම වෛරසය ගැන ලෝකයට සැඟවූ බවට චෝදනා ද අපමණයි. එයිනුත් ලී වෙන්ලියැන්ග් ඇතුළු චීනයේ වෛද්යවරු මේ වෛරසය වාර්තා කිරීමත් සමඟ ඒවාට එරටින් වාරණ නිකුත් කෙරුණා.
 
බොහෝ පිරිසක් අන්තර්ජාලය හරහා වෛරසය ගැන ප්රශ්න කරන්නට ගන්නේ ඉන් අනතුරුවයි.
 
එමෙන්ම සමාජ මාධ්ය හරහා මේ තොරතුරු වාර්තා කළ සමාජ ක්රියාකාරින් ගණනාවක් චීනය විසින් අතුරුදහන් කළ බවට ද ඔවුන්ට චෝදනා එල්ල වුණා.
 
By Lakshan
Dailymail ඇසුරිනි.

Zhao Lijian suggested a study which found evidence that Covid was in Italy in September 2019 clears China as the source of the virus, but his claim was rubbished by the study's authorItaly's first case of domestic coronavirus transmission - meaning the patient had not been to China - was detected in February 2020. New research suggests the virus could have been circulating silently for months before thatItaly was one of the first countries to report a domestic outbreak of the disease after China, but the body of evidence still points to China as the source (file image)Li WenliangLi WenliangHuanan Seafood Wholesale Market (pictured), where the coronavirus pandemic is believed to have started, was one of the largest marketplace in Wuhan with throngs of customers dailyThe market was shut on January 1 after dozens of workers there had contracted the disease
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top