මෙම සිදුවීම වාර්තා වූයේ පිළියන්ද, සුවාරපොළ විහාරස්ථානයෙන්. දැරිය අපහරණය කිරීමේ චෝදනාව මත අදාළ සැකකරු පෙරේදා දිනයේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණා.
මෙම සැකකරු අනතුරුව කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහරින ලෙස අතිරේක මහෙස්ත්රාත් නුවන්තිකා මාරසිංහ මහත්මිය නියෝග කළා.
මෙලෙස ඇප මත මුදා හැරියේ පානදුර උඩහමුල්ල ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි පෙදරේරුවෙක් බවයි වාර්තා වන්නේ.
සැකකරුගේ එම අශෝභන ක්රියාව සමාජ මාධ්ය ජාලා ඔස්සේ සහ විද්යුත් නාළිකාවල ප්රදර්ශනය කෙරුණු අතර සැකකරු පැමිණි යතුරුපැදියේ ලියාපදිංචිය අංකය ඔස්සේ කළ විමර්ශනවලදී සැකකරු කොට්ටාව ප්රදේශයේ රැකියාව කරන ස්ථානයේදී අත්අඩංගුවට ගත් බවයි පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතා අධිකරණයට සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.
කෙසේ වෙතත් සමාජ මාධ්ය ඔස්සේ මේ සිදුවීම සම්බන්ධයෙන් විවිධ පිරිස් ප්රතිචාර දක්වා තිබුණේ මේ ආකාරයෙන්.
ලෝකය මොන තරම් විසමාචාරද...?
මමත් අම්මා කෙනෙක් ටීවී එකේ දැක්කම,
මම නම් අර මිනිහාව අල්ලලා පන්සලෙ
ගේට්ටුවේ බැඳලා පන්සලට එන මිනිසුන්ට කියලා ගස්සනවා.
ඔය වගේ සතුන්ට කරන වෙන දෙයක් නෑ
ඔය තමයි තිරිසනුන් වෙන නමක් මම දන්නේ නෑ...
දැන් තිරිසන් වැඩ කරන්නෙ දෙවියො බුදුන් වැඳලා...
මේ ගැන ඇත්ත දැනුවත් කිරීම සමාජයේ වගකීමක්...
බයිසිකලයේ අංකය පෙනෙන්නට ඇති නිසා මොහු බොහෝ දුරට කොටු වනු ඇත. නමුත් ඒ කුඩා දැරියට මේ සිදුවීමත් සමග ජීවත් වීමට සිදු වනු ඇත.
(මෙම ලිපිය උපුටා ගැනීම මව්බිම පුවත්පත.)