එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එහි නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කරන ලෙසට යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා.
ඒ, අද උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදියි.
පසුගිය සඳුදා පැවති එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුවේදී ද මෙම මන්ත්‍රි ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ නම් කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වුණා.
පක්ෂ කළමනාකරණ කමිටුව සාමාජිකයින් 19 දෙනෙකුගෙන් සමන්විත අතර, ඉන් 13 දෙනෙකුම සිය අත්සන යොදා ඊට කැමැත්ත පළ කරන ලද ලියවිල්ලක් ඉදිරිපත් කර ඇති බවටයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු සඳහන් කළේ.
අනෙක් සාමාජිකයින්ගේ ද අත්සන් ගැනීමෙන් පසුව එම ලියවිල්ල අද දිනයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන විසින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට භාරදෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණා.
කෙසේ වෙතත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට කරනු ලැබූ ඉල්ලීම මීට පෙර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කරනු ලැබුවා.