ගිනිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති අතර එය ඉදිරි පැය 24ත් 48 ත් අතර කාලය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එම පද්ධතිය බස්නාහිර-වයඹ දෙසට ගම්න්කරනු ඇති අතර නොවැම්බර් මස 24 දින පමණ වනවිට දිවයිනේ උතුරු- නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වෙත ලඟාවිය හැකි බවයි අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද සඳහන්.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්තාවන්හි ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.