මෝටර් රථ වාහන ආනයන තහනම පිළිබඳ යළි සලකා බලන්නැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.
එමගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ වාහන ආනයන තහනම මෙරට ආර්ථිකයට මෙන්ම, වාහන ආනයනකරුවන් සහ ඊට අනුබද්ධ කර්මාන්තවලට දැඩි අහිතකර බලපෑමක් එල්ල කරන බවයි.
එමෙන්ම, තහනම තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් සිය ව්‍යාපාර වසා දැමීමට සිදුවිය හැකි බවත්, එය මෝටර් වාහන කර්මාන්තය මගින් ඍජුව සහ වක්‍රාකාරව දිවිපෙවත පවත්වා ගන්නා ලක්ෂයකට අධික පිරිසකට දැඩි මූල්‍ය දුෂ්කරතා ඇති කරන බවත් එමගින් පෙන්වා දෙනවා.
.