පක්ෂව ඡන්ද 151යි ! විපක්ෂව 52 යි !2021 අයවැය දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ පැවැත් වුණා.
එයට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 52ක්.
ඒ අනුව අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 99කින් පාර්ලිමේන්තුවේදී අද (21) සම්මත වුණා.
2021 සඳහා වන අයවැය, මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.