Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ශ්‍රී ලංකන් Rap Girl Apziගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
යොවුන් නිරූපන ශිල්පිනී හෂිනි ගුරුගේ නවතම ඡායාරූප පෙළ
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
සුරූපී රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංගගේ තවත් සරාගී ඡායාරූප කිහිපයක් එළියට - Photos
රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, ඇගේ ආදරණීය දියණිය ස්වේතා සමඟ ගත් අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න - Photos
රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
ජනප්‍රිය නිළි ඕෂධි හිමාෂාගේ අලුත්ම වැඩක් එළියට ආ හැටි
පියුමි හංසමාලි සිය 28වන උපන්දිනය සැමරූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
Nov
21
“ප්‍රේමය නිසා මම ඕනෑ තරම් විඳවලා තියෙනවා. ඔහුගෙන් මට කිසිදු තහංචියක් නැහැ. ඩිෂ්නිට අනම් මනම් කියලා ගුටි කන්න තමා වෙන්නෙ..” - ඩිෂ්නි රාජපක්ෂ, පෙම්වතා ගැන, මුල්වරට කියූ කතාව - Photos

- “ප්‍රේමය නිසා මම ඕනෑ තරම් විඳවලා තියෙනවා. ඔහුගෙන් මට කිසිදු තහංචියක් නැහැ. ඩිෂ්නිට අනම් මනම් කියලා ගුටි කන්න තමා වෙන්නෙ..” - ඩිෂ්නි රාජපක්ෂ, පෙම්වතා ගැන, මුල්වරට කියූ කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,460 Views
“මේ ක්ෂේත්රයේ නොවුණත් ඔහු හොඳ රසවින්ඳනයක් ඇති කෙනෙක්...”
 
“කාට වුණත් කියන්න තියෙන දෙයක් මූණටම කීමයි මගේ සිරිත..”
 
“ආදරය කරද්දී දුක..කඳුළ...වගේ ඔය කියන නොයෙක් දේවල් ලැබෙනවානේ.”
 
පුංචි තිරයේ ටෙලි කතා බොහෝමයකින් ප්රේක්ෂකයින්ට සමීප වුනු ඇය ඩිස්නි රාජපක්ෂ. ඇත්තටම ඇය රංගන ශිල්පිනියක් විතරක් නෙවේ, වෘත්තියෙන් ගුරුවරියකුත් වෙනවා. ඉතින් ඇය ඇගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියා තිබුණා...

මේ දවස්වල මොන වගේ කටයුත්තකද ඩිෂ්නි මෙච්චර කාර්ය බහුල වෙලා ඉන්නේ ?
මම කුරුණෑගල ජාත්යන්තර පාසලක් පවත්වාගෙන යනවා. එහි ගුරුවරියක් විදියටත් කටයුතු කරනවා. ඉතින් මේ දවස්වල ප්රාථමික ශිෂ්ය ශිෂ්යාවන්ට ඔන්ලයින් උගන්වන එක තමයි මගේ ප්රධාන රාජකාරිය. පාසලේ ගුරුවරියන් පුහුණු කිරීම සිදු කෙරෙන්නෙත් මගේ අනු දැනුම යටතේ. විසිටිං ලෙක්චර් කෙනෙක් විදිහටත් කටයුතු කරනවා. ඉතින් මේවා තමයි මම මෙච්චර කාර්ය බහුල වෙන්න හේතුව.
 
ගුරු වෘත්තියට නිළිකමෙන් මොනවගේ බලපෑමක් ද ඇති වුණේ?
මුල් කාලේ දී මම රඟපාන්න ආවෙත් දෙගිඩියාවකින්. නිතරම කල්පනා කළේ රඟපෑවට පස්සේ ලැබෙන නිළිකම කියන ටයිටල් එකත් එක්ක ගුරුවරියක් විදිහට ළමයින්ගෙන්, මවුපියන්ගෙන් මොන වගේ පිළිගැනීමක් තියේවිද කියලයි. සමහර අයගේ ක්රියාකලාප නිසා නිළිකම කියන වෘත්තිය පහළ මට්ටමකට වැටුණු අවස්ථා තිබුණා. එහෙම වුණාම 'ආපෝ මෙයත් නිළියක්නේ' කියලා සමාජය බලන විදිහක් තියෙනවා. හැබැයි මම නිළියක් වුණාට පස්සෙත් වගකීමෙන් හැසිරෙන විදිහ හැමෝගෙම අගය කිරීමට ලක් වුණා. අම්මලා තාත්තලා වුණත් කැමතියි දැන් මම ම එයාලගේ දරුවන්ට උගන්වන එකට. ළමයිනුත් මං එනකල්ම ආසාවෙන් බලාගෙන ඉන්නේ.
 
ගුරුකම නිසා නිළිකම ප්රතික්ෂේප කළ අවස්ථාත් ඇති?
මම චරිතයක් බාර ගන්න කලින් දෙවතාවක් නෙමේ තුන් හතර වතාවක් හිතනවා. විශේෂයෙන් වෙළෙඳ දැන්වීම්වල. මට රඟපාන්න ආරාධනා ලැබුණු වෙළෙඳ දැන්වීම් බහුතරයක් මට ප්රතික්ෂේප කරන්න සිද්ධ වුණා. මම දවස තිස්සෙම ළමයින්ට හොඳ පුරුදු උගන්වනවා. සෞඛ්ය ආරක්ෂිත ක්රමෝපායයන්, සම බල ආහාර වේලක් කියන්නේ මොනවද කියලත් කියා දෙනවා. එහෙම තියෙද්දි මට බැහැනේ වෙළෙඳ දැන්වීම් වලින් පෙන්වන සමහර අහිතකර දේවල් වලට පෙනී ඉඳලා ඒවා හොඳයි කියන්න. මම කියන කරන දේවල් දිහා මගේ ශිෂ්ය ශිෂ්යාවෝ බලාගෙන ඉන්නවා. හිතට එකඟව මට බැහැ ඔවුන්ට බොරු කරන්න.
 
ඔබ මේ දවස්වල පොත් ලියනවා කියලත් ආරංචියි?
ඔව්. ඒවා ලියන්නෙත් ළමයින්ටම තමයි. ඉංග්රීසි සාහිත්යමය පද්ය රචනා අඩංගු පොත් කිහිපයක් තමයි මම ලියමින් සිටින්නේ.
 
සැබෑ ජීවිතයේදී අප්රකාශිත ප්රේමයක් හිත තුළ තියාගෙන ඉඳලා නැද්ද?
නැහැ කවදාවත්ම නැහැ. හැබැයි ප්රේමය නිසා මම ඕනෑ තරම් විඳවලා තියෙනවා. ආදරය කරද්දී දුක..කඳුළ...වගේ ඔය කියන නොයෙක් දේවල් ලැබෙනවානේ. මටත් ඒව හිමි වෙලා තියෙනවා. ඒ මුහුණ දුන් අත්දැකීම් වලදී මම හැසුරුණු විදිහ, හැඟීම් ප්රකාශ කරපු අන්දම පසු කාලීනව මම නිරූපණය කරපු චරිත සාර්ථක කර ගන්න යොදා ගත්තා.
 
මේ වන විට ඔබ පෙම්වතියක්ද කියලා මම ඇහැව්වොත්?
ඔව් කියලා තමයි මම දෙන උත්තරේ.
 
ඔබේ රංගන ජීවිතය ගැන ඔහුට තියෙන්නේ මොනවගේ අදහසක් ද?
ඔහු දන්නවා මම වැරදි නැහැ බොහොම වගකීමෙන් කටයුතු කරන කෙනෙක් කියලා. ඒ නිසා ඔහුගෙන් මට කිසිදු තහංචියක් නැහැ. මේ ක්ෂේත්රයේ නොවුණත් ඔහු හොඳ රසවින්ඳනයක් ඇති කෙනෙක්. පොඩි කාලේ මම නිළියක් වෙන්න හිතාගෙන හිටියට පස්සේ ඒ සිතුවිල්ල යටපත් වුණා. ඒ කාලේ ඔහු තමයි මාව මේ ක්ෂේත්රයට යොමු කළේ. එතනින්ම හිතාගන්න පුළුවන් නේ.. ඔහු මට ලබා දෙන්නේ මොන වගේ සහායක් ද කියලා.
 
ඔබ ආදරය ඉදිරියේ මොන වගේ කෙනෙක්ද?
සාමාන්ය ජීවිතයේ දී බොහෝ දෙනෙක් මාව දකින්නේ කෙළින් වැඩ කරන කෙනෙක් හැටියට. කාට වුණත් කියන්න තියෙන දෙයක් මූණටම කීමයි මගේ සිරිත. "ඩිෂ්නිට අනම් මනම් කියලා අපිට ගුටි කන්න තමා වෙන්නෙ" කියලා සමහරු කියනවා. වෙලාවකට මම කොල්ලෙක් වගේ කියලයි මගේ ළඟම යාළුවෝ කියන්නේ. හැබැයි එච්චර දඟකාර කෙළිලොල් මම, ආදරය ඉස්සරහ හාත්පසින්ම වෙනස්.
 
සාමාන්ය ජීවිතයේ මට සෘණාත්මක දෙයක් වුණොත් කොයි වෙලාවකවත් වැටෙන්නැතුව ඉන්න මනස හදාගන්න පුළුවන්. හැබැයි ආදරේ කරද්දි පොඩි දේකට වුණත් මගේ හිත හරියට රිදෙනවා. මම ආදරය ඉස්සර හරිම සංවේදී චරිතයක්.
 
ඩිෂ්නි, ළඟදි චිත්රපටිවලට දායක වුණේ නැද්ද?
චිත්රපට දෙකකට මට කතා කරලා තිබුණා. එහි රූගත කිරීම් අරඹන්න සැලසුම් කරලයි තිබුණේ. නමුත් මේ වසංගතය එක්ක ඒවා ඉදිරි දිනවලට කල් ගියා. ඒ චරිත දෙකෙන් එකක් ආන්දෝලනාත්මක එකක් වේවි කියලයි මට හිතෙන්නේ. ඒ නිසා වැඩි විස්තර දැන්ම නොකියා ඉන්නම්.
 
ප්රසාද් සමරතුංග
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "සිළුමිණ" පුවත්පතේ "රසඳුන" අතිරේකයෙන්...


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top