Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ශ්‍රී ලංකන් Rap Girl Apziගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
යොවුන් නිරූපන ශිල්පිනී හෂිනි ගුරුගේ නවතම ඡායාරූප පෙළ
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
සුරූපී රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංගගේ තවත් සරාගී ඡායාරූප කිහිපයක් එළියට - Photos
රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, ඇගේ ආදරණීය දියණිය ස්වේතා සමඟ ගත් අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න - Photos
රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
ජනප්‍රිය නිළි ඕෂධි හිමාෂාගේ අලුත්ම වැඩක් එළියට ආ හැටි
පියුමි හංසමාලි සිය 28වන උපන්දිනය සැමරූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
Nov
21
IDH රෝහලෙන් පැන අතුරුදහන් වූ, කොරෝනා ආසාදිත කාන්තාව අවසන් වරට දුටු තැන මෙන්න - කාන්තාව සොයන්න පොලිස් කණ්ඩායම් තුනක් - Video

- IDH රෝහලෙන් පැන අතුරුදහන් වූ, කොරෝනා ආසාදිත කාන්තාව අවසන් වරට දුටු තැන මෙන්න - කාන්තාව සොයන්න පොලිස් කණ්ඩායම් තුනක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,654 Views
ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ තොරතුරුත් එළියට...
 
කොරෝනා වෛරසය ආසාදනය වී, අයි.ඩී.එච්. රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී සිය කුඩා පුතුද රැගෙන පළාගිය කාන්තාව සොයා මේ වනවිට පොලිස් කණ්ඩායම් 03 ක් යොදවා තිබෙනවා.
 
25 හැවිරිදි මෙම කාන්තාව පෙරේදා රාත්රි 9 ට පමණ අවුරුදු දෙකහමාරක් වයසැති සිය දරුවාද රැගෙන අයි.ඩී.එච්. රෝහලෙන් පළාගොස් තිබුණා.

අනතුරුව එම දරුවා පමණක් ඇහැලියගොඩ ප්රදේශයේ නිවසක රඳවා සිටියදී පොලීසිය ඊයේ සොයා ගත්තේ එම කාන්තාවගේ ඇහැලියගොඩ - යාය පාරේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදීයි.
 
පළාගිය කාන්තාව මත්ද්රව්ය ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටියදී ජාතික බෝවන රෝග විද්යායතනයට ඇතුළත් කළ තැනැත්තියක්.
 
ඇහැලියගොඩ සහ කිරිඇල්ල ප්රදේශවල ඇය ඊයේ සැරිසරා ඇති බවට තොරතුරු ලැබී තිබූ අතර, ඇය පිඳුරංගල ප්රදේශයේදී දුටු බව ප්රදේශවාසීන් කිහිප දෙනෙකු ප්රකාශ කර තිබෙනවා.
 
ඒ අනුව ඇය සොයා තවදුරටත් සෝදිසි කිරීම් සිදුවනවා.
 
මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්යාව 19,280 ක් වන අතර, මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්ය වෙළඳපොල ආශ්රිත කොරෝනා පොකුරෙන් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්යාව 15,765 ක්.
 
ඊයේ දේශීය වශයෙන් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් 435 දෙනා අතරින් වැඩිම සංඛ්යාවක් කොළඹ දිස්ත්රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
 
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානය නිවේදනය කළේ කොළඹ දිස්ත්රික්කයෙන් ආසාදිතයින් 160 ක් සහ ගම්පහ දිස්ත්රික්කයෙන් ආසාදිතයින් 71 ක් වාර්තා වූ බවයි.
 
කළුතර දිස්ත්රික්කයෙන් ආසාදිතයින් 21 දෙනෙකුද ඊයේ වාර්තා වී තිබෙනවා.
 
එසේම, විදේශීය රටවල සිට පැමිණි මුහුදු ආරක්ෂකයෙකුට සහ විදේශිකයින් තුන් දෙනෙකුටද කොරෝනා වෛරසය වැළඳී ඇති බවයි එම ක්රියාන්විත මධ්යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
 
ඒ අනුව ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්යාව 439 ක්.
 
අද දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණ දහසක් පමණ කොළඹ නගරයේ සිදුකිරීමට නියමිත බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්යාවේදිනි වෛද්ය දිනූකා ගුරුගේ ප්රකාශ කළා.
 
ප්රතිදේහ පරීක්ෂණ සිදුකිරීමට ජංගම රසායනාගාර අවශ්ය බවයි වෛද්ය රසායනාගාර විද්යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේශ් මාධ්ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.
 
මේ වනවිට බන්ධනාගාර ආශ්රිතව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්යාව 617 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
ඒ, අලුතින් වාර්තා වූ ආසාදිතයින් 63 දෙනෙකු සමඟයි.
 
නිලධාරීන් දෙදෙනෙකුට සහ රැඳවියන් 61 දෙනෙකුට එලෙස වෛරසය ආසාදනය වී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
 
එසේම, මේ දක්වා පොලිස් නිලධාරීන් 829 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
 
ඔවුන් අතරින් පොලිස් නිලධාරීන් 200 කට ආසන්න පිරිසක් මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවයි පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.
 
මේ අතර, යාත්රා හිමියන් සහ මාළු වෙළන්ඳන් පිරිසක් අද අලුයම බේරුවල ධීවර වරාය ඉදිරිපිටට පැමිණ එය විවෘත කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.
 
එහිදී ඔවුන් කියා සිටියේ සෞඛ්යාරක්ෂිත ක්රමවේදවලට යටත්ව එය විවෘත කිරීමට පියවර ගත යුතු බවයි.
 
කෙසේ වෙතත්, ඔවුන්ගේ එම ඉල්ලීමෙන් අනතුරුව තොග සහ සහ සිල්ලර වෙළඳාමට බේරුවල ධීවර වරාය හෙට විවෘත කිරීමට නියමිත බව බේරුවල ධීවර වරාය සංවර්ධන කමිටුවේ සභාපති සජිත් දේවප්රිය ප්රකාශ කළා.
 
පාරිභෝගික සීමිත පිරිසක් වරාය පරිශ්රයට ඇතුළත් කර ගනිමින් හෙට සිට වරාය විවෘත කිරීමට පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේ.
 
එසේම, ආර්ථික මධ්යස්ථාන සහ ආහාර ද්රව්ය මිලට ගැනීමට සහ අලෙවි කරන පුද්ගලයින් සෞඛ්යාරක්ෂිත පුරුදු සෑම අවස්ථාවක අනුගමනය කළ යුතු බව වසංගත රෝග විද්යා අංශයේ ප්රධාන වසංගත රෝග විද්යාඥ විශේෂඥ වෛද්ය සුදත් සමරවීර ප්රකාශ කළා.
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්යාව ඊයේ වාර්තාගත ලෙසින් 201,083 ක් ලෙස සටහන් වුණා.
 
කොරෝනා වසංගතය ආරම්භ වූ දා පටන් ලොව ඕනෑම රටකින් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිත සංඛ්යාව එයයි.
 
පසුගිය සති දෙකක කාලය තුළ ඇමරිකාවේ දෛනික ආසාදිතයින් සංඛ්යාවේ සාමාන්යය 130,000 ක් පමණ වනවා.
 
එමෙන්ම, ඇමෙරිකාවේ ඊයේ දිනයේ කොරෝනා මරණ සංඛ්යාව ද 1951 ක් ලෙස ඉහළ අගයක් ගත්තා.
 
එරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්යාව මේ වනවිට 12,275,000 කට ආසන්න වී ඇති අතර, මරණ සංඛ්යාව 260,000 කට අධිකයි.
 
මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයෙකුට අවම වශයෙන් මාස 06 ක් යනතුරු වෛරසය යළි ආසාදනය වීමේ හැකියාව ඉතා විරල බව බ්රිතාන්යයේ සිදුකළ අධ්යයනයකින් හෙලි වී තිබෙනවා.
 
ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් සිදුකළ මෙම අධ්යයනය සඳහා යොදාගෙන ඇත්තේ කොරෝනා මර්දන ක්රියාවලියේ මුල් පෙල සිටින සෞඛ්ය සේවකයින් පිරිසක්.
 
කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ ඇතැම් පුද්ගලයින් තුළ ප්රතිශක්තිය කෙටි කාලයක් තුළ දුර්වලවීමේ සිද්ධීන් කිහිපයක් පසුගිය කාලය තුළ වාර්තා වුණා.
 
එමෙන්ම, ඉහළ සක්රියතාවක් සහිත ඇමෙරිකානු ෆයිසර් ආයතනයේ කොවිඩ් 19 එන්නත හදිසි භාවිතය සඳහා එරට ඖෂධ නියාමන අධිකාරිය වන මධ්යම ඖෂධ පරිපාලනය වෙත යොමුකර තිබෙනවා.
 
එය කොවිඩ් 19 ව්යාප්තිය වැළැක්වීමේ නව ඉදිරි පියවරක් ලෙසයි සැලකෙන්නේ.
 
ෆයිසර් කොවිඩ් එන්නත මෙලෙස හදිසි භාවිත අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත්තේ ඇමරිකානු ෆයිසර් සමාගම සහ ජර්මානු බයෝ එන්ටෙක් සමාගම එන්නතෙහි කාර්යක්ෂමතාව සියයට 95 ක් ලෙස ප්රකාශයට පත් කිරීමෙන් අනතුරුවයි.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top