මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ තවත් වියළි කහ කිලෝ 710 ක් මන්නාරම - එරුක්කලම්පිඩ්ඩි වෙරළ තීරයේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
පොලීසිය සමග එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම කහ සහ කේරළ ගංජා තොගය සොයා ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි එම මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
ධීවර යාත්‍රාවක සඟවා ගෙන්වූ මෙම කහ තොගය සහ කේරළ ගංජා ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසියට භාර දී තිබෙනවා.