පාසල් වියේ පසු වන දැරියක් (13) තම පෙම්වතා යැයි පවසන 17 හැවිරිදි අයකු සොයා පැමිණ ඇත.
මෙම දැරිය ඉකුත් 15 දා සිට අතුරුදන්ව සිට ඇති අතර දෙමාපියන්ට ඇති වූ සැකයක් මත ඔවුන් විසින් 17 හැවිරිදි අයගේ ගෙදරට දුරකථන ඇමතුමක් ලබා දීමෙන් අනතුරුව ඔවුන්ගෙන් ලැබුණු ප්‍රතිචාර මත දෙමාපියන් විසින් පොලිසියට පැමිණිලි කර ඇත.
ලැබුණු තොරතුරු මත පොලිසිය මෙම සැකකාර පුද්ගලයාගේ නිවස ඉකුත් 18 වැනිදා උදේ පරීක්ෂා කිරීමේදී මෙම දැරිය එහි සිට සොයාගෙන තිබේ. මෙම පුද්ගලයාට මේ සඳහා අනුබල දුන් ප්‍රදේශයේ යකැදුරකු ලෙස හදුන්වන ඔහුගේ පියා ද හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම දැරියගේ මව මානසික රෝගයකින් පෙළී ඇති අතර මීට මාස කිහිපයක පෙර මෙම අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා විසින් ඇයට ශාන්ති කර්මයක් සඳහා මෙම දැරියගේ නිවසට ගොස් ඇත.
මෙම දැරිය ගෙන්වා ගැනීමට අනුබලදී ඇත්තේ පෙම්වතාගේ පියා වන අතර, ඔවුන් විසින් දැරිය ත්‍රීවිල් රථයක නංවාගෙන ඔවුන්ගේ නිවසට රැගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම දැරිය යම් අපයෝජනයට ලක් වී ඇත්දැයි පරීක්ෂා කිරීමට පොලිසිය විසින් මූලික රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධියට සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
දිවයින