Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
21
ප්‍රතිඵල කණපිට හරවන්න හදන ට්‍රම්ප්, බයින්ඩින්ටත් හොර රහසේම අලුත් නාඩගමකට සුදානම් වෙයි - දියණිය ඉවන්කාටත් ජනපති හීනයක් තියෙනවලූ - ලෝකෙම අවධානය දිනා ගත්තූ, ජනපති සටනේ අලුත්ම විස්තර මෙන්න - Photos

- ප්‍රතිඵල කණපිට හරවන්න හදන ට්‍රම්ප්, බයින්ඩින්ටත් හොර රහසේම අලුත් නාඩගමකට සුදානම් වෙයි - දියණිය ඉවන්කාටත් ජනපති හීනයක් තියෙනවලූ - ලෝකෙම අවධානය දිනා ගත්තූ, ජනපති සටනේ අලුත්ම විස්තර මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25 Views
2024 ජනාධිපතිවරණයට කමලා සහ ඉවන්කා එක්ව සටන් කරාවීද ?
 
ඉවන්කා තමන්ගේ අඩිපාර දිගේ යනවට ට්රම්ප් හරි කැමතිලූ..
 
ඇමෙරිකාවේ ජනාධිපතිවරණය අවසන් වී මේ වනවිට සති දෙකකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇතත් ඒ සම්බන්ධයෙන් වන ආන්දෝලනය තවමත් අවසන්ව නැත.
 
ඩිමොක්රටික් පක්ෂයේ ජෝ බයිඩන් ජනාධිපතිවරණයෙන් ජයගෙන ඇති බව පෙනෙන්නට තිබුණත් ඩොනල්ඩ් ට්රම්ප් ජනාධිපතිකම අත්හැර යෑමට සූදානම් නොමැති බවක් පෙනෙන අතර ඔහු පවසන්නේ තමා මෙම ප්රතිඵලය කණපිට හරවන බවයි.

ඔහුගේ රාජ්ය ලේකම්වරයා වන මයික් පොම්පෙයෝ ද මීට සමාන ප්රකාශයක් කර තිබෙනු දැකිය හැකි විය.
 
ට්රම්ප් ජනාධිපතිවරණ ප්රතිඵලය කණපිට හැරවීමට සැරසෙන්නේ ජනාධිපතිවරණයේ දී ඡන්ද දූෂණ සිදු වූ බවට චෝදනා කරමින් ඊට එරෙහිව නීතිමය පියවර ගැනීම හරහාය.
 
මේ වනවිට ප්රාන්ත කිහිපයකම මේ ආකාරයෙන් නීතිමය පියවර ගැනීමට ඔහුගේ කණ්ඩායම කටයුතු කර තිබේ.

එමෙන්ම සමහර ප්රාන්තවල ඡන්ද නැවත ගණන් කළ යුතු බවටද ඔහුගේ පාර්ශ්වයෙන් ඉල්ලීම් ඉදිරිපත් වූ අතර ජෝර්ජියා ප්රාන්තයේ දැනටමත් එම කටයුත්ත ආරම්භ වී ඇත.
 
එහි බයිඩන් ට්රම්ප්ට වඩා ලබාගත්තේ ඡන්ද 14,000ක් වැනි සුළු සංඛ්යාවකි. මේ අතර සමහර ප්රාන්තවල ඡන්ද ගණන් කිරීමේ මධ්යස්ථානවලදී තම පක්ෂයේ නියෝජිතයන්ට 'ළඟට යන්නට'ඉඩ දී නොමැති බවටද සමහර ප්රාන්තවල වැරදි ලෙස ලකුණු කළ ඡන්ද පත්රිකා නිවැරදි කිරීමට තම ප්රතිවාදී ඩිමොක්රටික් පක්ෂයේ විශාල පිරිසකට ඉඩදී තිබූ බවටද ට්රම්ප් ගේ කඳවුර චෝදනා කර තිබිණි.
 
කෙසේ වෙතත් ඡන්ද දූෂණ සිදු වූ බවට ඔහු කරන චෝදනා ඔප්පු කිරීමට ප්රමාණවත් තරම් සාක්ෂි ට්රම්ප් ඉදිරිපත් කර නොමැති බව බොහෝ නිරීක්ෂකයන්ගේ අදහසයි.
 
ඇතැම් ස්ථානවල ඡන්ද දූෂණ සිදුව තිබෙන්නට ඉඩ ඇති වුවත් බයිඩන් ගේ ජයග්රහණය කණපිට හැරවීමට තරම් බරපතළ මට්ටමේ සහ සැලසුම් කරන ලද දූෂණ සිදු වී තිබෙන්නට ඉඩක් නැති බවට බොහෝ අදහස් පළ වෙයි.
 
මේ අනුව මෙම නිරීක්ෂකයන් ගේ අදහස වන්නේ ජෝ බයිඩන් සිය ධුරයෙහි දිවුරුම් දීමට නියමිතව ඇති ජනවාරි 20 වැනි දිනට පෙර ට්රම්ප් අකමැත්තෙන් වුව ද ධවල මන්දිරයෙන් නික්ම යනු ඇති බවයි.
 
මේ අතර පරාජය පිළිගෙන ගෞරවනීය ආකාරයෙන් ධවල මන්දිරයෙන් නික්ම යෑමට ඔහු කටයුතු කළ යුතු බව ඔහුගේ පවුලේ ඇතැමුන්ගේ මෙන්ම සමහර උපදේශකයන්ගේ ද අදහස වී ඇති බවටද තොරතුරු පළ වෙයි.
 
බිරිය මෙලනියා, දියණිය ඉවන්කා සහ ඉවන්කාගේ සැමියා වන ජයිර් කූෂ්නර් වැනි අය මෙම අදහස තුළ සිටින බව ඇතැම් මාධ්ය වාර්තාවල සඳහන් විය. පරාජය බාරගැනීම සඳහා ට්රම්ප් එකඟ කරවා ගැනීමට මෙම අය උත්සාහ කරමින් සිටින බවක් ද පළ වී තිබිණි.
 
මේ අතර ජෝ බයිඩන් වෙත විදෙස් නායකයන්ගෙන් ලැබුණු සුබපැතුම් පණිවුඩ සහ ඇමැතුම් ඔහු වෙත ලැබීම වැළැක්වීමට ට්රම්ප් පාලනය කටයුතු කර ඇති බවක්ද සඳහන් වේ.
 
ඇතැම් විදෙස් නායකයන් අලුතෙන් පත්වන ජනාධිපතිවරයකුට මේ ආකාරයෙන් පණිවුඩ එවන්නේ ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව හරහායි. ට්රම්ප්ගේ පාලනයට සම්බන්ධ පිරිස් විසින් අවහිර කරනු ලැබ ඇත්තේ මෙවැනි පණිවුඩ බවද මාධ්ය වාර්තා කර තිබිණි. රාජ්ය දෙපාර්තමේන්තුව තමුන්ට සහාය නොදීම නිසා බයිඩන්ගේ කණ්ඩායම යම් යම් අපහසුතාවන්ට මුහුණ දී සිටින බව පැවැසේ.
 
ඇමෙරිකාවේ ජනාධිපතිවරුන් බොහෝ දෙනකු සිය පළමු ධුර කාලයෙන් පසු දෙවැනි ධුර කාලයක් ද දිනාගැනීමට සමත් වූවෝ වෙති.
 
මෙයට පෙර එම අවස්ථාව නොලැබී ඇත්තේ හිටපු ජනාධිපතිවරුන් 10 දෙනකුට පමණි. අවසන් වරට ඒ ආකාරයෙන් පළමු ධුර කාලයෙන් පසු සමුගන්නට සිදු වූ ජනාධිපතිවරයා වූයේ 1989-93 අතර කාලයේ ජනාධිපති පදවිය දැරූ ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්, ජෝර්ජ් ඩබ්. බුෂ්ගේ පියාය.
 
ට්රම්ප් වසර 27කට පසු එම ඉරණමට මුහුණ දුන් පළමු ජනාධිපතිවරයායි. එයද ඔහු තුළ විශාල කනස්සල්ලක් ඇති කර තිබෙනවාට සැකයක් නැත.
 
2024 වසරේ පැවැත්වීමට නියමිතව ඇති මීළඟ ජනාධිපතිවරණය සඳහා ද රිපබ්ලිකන් පක්ෂයෙන් තරග කිරීමේ අදහසක් ට්රම්ප් තුළ පවතින බව පසුගිය දිනවල ධවල මන්දිර ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්ය සඳහන් කර තිබිණි.
 
තමා ලෙහෙසියෙන් පරාජය බාර ගැනීමට සූදානම් නැති දැඩි සටන්කාමියකු බව පෙන්වීමද ට්රම්ප්ගේ වත්මන් හැසිරීමෙහි එක් අරමුණක් විය හැකිය. එය ඔහුගේ අනාගත දේශපාලන කටයුතු වෙනුවෙන් කරන ආයෝජනයක් වීමට පිළිවන.
 
මේ අතර ට්රම්ප්ගේ 39 හැවිරිදි දියණිය වන ඉවන්කා ගැනද මේ දිනවල යම් අවධානයක් යොමුව ඇති ආකාරයක් දැකිය හැකි වේ.
 
ඇය තුළද ජනාධිපති සිහිනයක් පවතින බව දැන් කාලයක සිටම කතාබහට ලක්වෙමින් ඇති කාරණයකි. ගෞරවනීය ආකාරයෙන් ධුරයෙන් සමුගෙන යන ලෙස ඇය සිය පියාට පවසමින් සිටින්නේද ඒ ඔස්සේ තමාගේ ප්රතිරූපය පවත්වා ගැනීමේ අරමුණින් විය හැකි බව ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙයි.
 
ට්රම්ප් පවුල සම්බන්ධයෙන් ලියා ඇති ඇතැම් ලේඛකයන් පවසන්නේ ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව බවට පත් වීමේ අදහසක් ඉවන්කා ට්රම්ප් තුළ පවතින බවයි.
 
ඩොනල්ඩ් ට්රම්ප් ගේ වයස මේ වනවිට අවුරුදු 74කි. තව වසර 4කින් ඔහුගේ වයස අවුරුදු 78ක් වෙයි. ඒ වනවිට ජනාධිපතිවරණයට තරග කිරීමේ අදහස සමහර විට ඔහුගෙන් ගිලිහී තිබෙන්නට ඉඩ ඇති බවත් ඉවන්කා රිපබ්ලිකන් පක්ෂයෙන් නාමයෝජනා දිනාගැනීම සඳහා ඉදිරිපත් විය හැකි බවත් සමහරුන්ගේ අදහසයි.
 
ඉවන්කා තමාගේ අඩි පාරේ යනු දැකීම ඩොනල්ඩ් ට්රම්ප්ගේද ලොකුම සිහිනයක් බව පැවැසේ.
 
යම් හෙයකින් ඉවන්කා මේ ආකාරයෙන් කටයුතු කළහොත් 2024 ජනාධිපතිවරණය කාන්තාවන් දෙදෙනකු අතර සටනක් බවට පත්වන්නටද බැරිකමක් නැත.
 
දැන් උප ජනාධිපති ධුරය සඳහා වරම් ලබා සිටින කමලා හැරිස් ද ජනාධිපති සිහිනයක සිටින්නියකි. 2024 වන විට ජෝ බයිඩන්ට වයස අවුරුදු 81ක් වනු ඇති අතර ඔහු දෙවැනි ධුර කාලයක් සඳහා තරග නොකිරීමට වැඩි ඉඩක් තිබේ. එම තත්ත්වය තුළ 2024 වසරේ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකාව කමලා හැරිස් වීමට ලොකු ඉඩක් ඇති බවට අදහස් පළ වේ.
 
එසේ වුවහොත් 2024 ජනාධිපතිවරණය කමලා සහ ඉවන්කා අතර තරගයක් වීමට පිළිවන.
 
ඉවන්කා මේ වනවිට තිදරු මවකි. දරුවන් සියලුදෙනා කුඩා වයසේ සිටින්නන්ය. මේ නිසා පවුලේ මෙම වගකීම්ද සමඟ ඇයට ජනාධිපති ධුරයේ කටයුතු කිරීම පහසු නොවනු ඇති බවට අදහස් දක්වන්නෝද වෙති. එමෙන්ම ඇය අතිශයින් අභියෝගාත්මක පදවියක් වන ඇමෙරිකානු ජනාධිපති පදවිය සමඟ එන දැවැන්ත පීඩනයට මුහුණ දීමට තරම් දැඩි බවක් ඇති කෙනකු නොවන බවද ඇතැමුන්ගේ අදහසයි.
 
ඉවන්කාගේ සැමියා වන ජයිර් කූෂ්නර් ද ජනාධිපති ධුරයට තරග කිරීමේ අදහසකින් සිටින බවට කතාවක් තිබේ. මෙම කාරණා අනුව පෙනෙන්නේ 2024 ජනාධිපතිවරණයද බොහෝ නාටකීය සිදුවීම්වලින් පිරි එකක් වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.
 
සනත් වික්රමගේ
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්..
 
China Grants 18 Trademarks in 2 Months to Trump, Daughter Ivanka | Voice of  America - EnglishChina Grants 18 Trademarks in 2 Months to Trump, Daughter Ivanka | Voice of  America - EnglishJared, Ivanka move kids to new school after parents' COVID complaints -  Business InsiderJared Kushner and Ivanka Trump violated COVID-19 policies at their kids'  private school | Boing BoingInside Ivanka and Tiffany Trump's Complicated Sister Act | Vanity Fair
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top