අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් පුත්‍රයා වන 42 හැවිරිදි කණිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප්ටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
මෙම සතිය ආරම්භයේ ඔහුට මෙලෙස වෛරසය ආසාදනය වීමත් සමඟ සිය කුටිය තුළ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බවයි ඔහුගේ ප්‍රකාශකයා සඳහන් කළේ.
රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ඔහු වෛද්‍ය උපදෙස් අනුව කොරෝනා වෛරස් මර්දන මාර්ගෝපදේශ පිළිපදින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
කණිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප්, කොරෝනා වෛරසය ආසාදනය වූ ජනපති ට්‍රම්ප්ට සමීප අලුතින්ම වාර්තා වූ තැනැත්තායි.
මීට පෙර ජනපති ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප් ආර්යාවට මෙන්ම ඔවුන්ගේ බාල පුතු බැරන්ටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
කණිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෙම්වතිය වන කිම්බර්ලිටද කොරෝනා ආසාදනය වී තිබූ අතර, ඇය ඔහු සමඟ පසුගිය දිනවල රට පුරා මැතිවරණ ප්‍රචාරක රැලිවලට සහභාගි වුණා.
මේ අතර, අමෙරිකා එක්සත් ජනපදයේ දෛනික කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව නව වාර්තාවක් පිහිටුවමින් දෙලක්ෂයකට ආසන්න වී තිබෙනවා.
පසුගිය සති දෙකක පමණ කාලයක් දෛනික ආසාදිතයින් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ අතර, අවසන් දින කිහිපය තුළ එම සංඛ්‍යාව 150,000 ඉක්ම වූවා.
ඊයේ දිනයේ පමණක් නව ආසාදිතයින් 196,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.
අමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,270,000 කට ආසන්න වන අතර, මරණ සංඛ්‍යාව 260,000 කට අධිකයි.