Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
20
සතිඅන්තයේ සියලු මඟී දුම්රිය ධාවනය නවතී - කුරූණැගල පාසල් කිපයක් සඳුදා විවෘත නොකිරීමට තීරණයක් - ඊයේ කොරෝනාවට බිලි වූ ආසාදිතයින්ගේ තොරතුරු එළියට - 19,000ත් ඉක්මවූ මෙරට කොරෝනා දැන් තත්ත්වය - Video

- සතිඅන්තයේ සියලු මඟී දුම්රිය ධාවනය නවතී - කුරූණැගල පාසල් කිපයක් සඳුදා විවෘත නොකිරීමට තීරණයක් - ඊයේ කොරෝනාවට බිලි වූ ආසාදිතයින්ගේ තොරතුරු එළියට - 19,000ත් ඉක්මවූ මෙරට කොරෝනා දැන් තත්ත්වය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,427 Views
ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය මෙන්න.....
 
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන් 15550ක් !!
 
කොවිඩ් 19 අසාදනය වීමෙන් සිදුවූ 70 වන මරණය ලෙස කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුව ජීවිතක්ෂයට පත්වුණා.
 
70 හැවිරිදි පුද්ගලයකු වන ඔහු කොළඹ 10 ප්රදේශයේ පදිංචිකරුවෙක්.

කොවිඩ් 19 වෛරසය අසාදනය වීමෙන් සිදුවූ නියුමෝනියා තත්ත්වය එම මරණයට හේතුව වී තිබෙනවා.
 
කොළඹ15 ප්රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක්ද මුල්ලේරියාව මූලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදි ජීවිතක්ෂයට පත්වුණා.
 
ඇයගේ මරණයට හේතුව වී ඇත්තේ කොවිඩ් 19 අසාදනය වීම නිසා ඇති වූ අක්මා රෝගී තත්ත්වයයි.
 
මේ අතර කළුතර දිස්ත්රික්කයෙන්ද නව මරණ දෙකක් වාර්තා වූ අතර එම මරණ දෙකම නිවසේදී සිදු වී තිබෙනවා.
 
ඒ අනුව පොකුණුවිට ප්රදේශයේ පදිංචි 59 හැවිරිදි කාන්තාවක් කොවිඩ් 19 අසාදනය වී ජීවිතක්ෂයට පත්ව තිබුණේ.
 
වෛරසය ආසාදනය වීමෙන් පසු ඇති වූ පපුවේ ආසාදනයක් සහ අධික රුධිර පීඩනය හේතුවෙන්.
 
කළුතර හල්තොට පදිංචි 86 හැවිරිදි පිරිමි පුද්ගලයකුද සිය නිවසේදී ජීවිතක්ෂයට පත් වුණා.
 
ඔහුගේ මරණයට හේතුවී ඇත්තේ කොවිඩ් 19 වැළඳීමෙන් පසු ඇති වූ පපුවේ අසාදනයයි.
 
මේ අතර තවත් කොවිඩ් 19 ආසාදිතයින් 220 දෙනෙකු අද හඳුනා ගෙන ඇති අතර ඔවුන් සියලුදෙනාම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ ආශ්රිතයින්.
 
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්යාව 19000 සීමාව ඉක්මවා ගියා.
 
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්යාව සටහන් වන්නේ 15550ක් ලෙසයි.
 
කොවිඩ් 19 වෛරසයේ ස්භාවය වෙනස්වීම සම්බන්ධයෙන්ද වසංගත රෝග විද්යා අංශයේ ප්රධානී විශේෂඥ වෛද්ය සුදත් සමරවීර මහතා අදහස් පල කළා.
 
නව අසාදිතයින් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්යාව 305ක්.
 
බෝ නොවන රෝගවලින් පෙළෙන කොළඹ මහ නගරසභා සීමාවට අයත් හුදෙකලා කර ඇති ප්රදේශවල ජනතාව වෙනුවෙන් විශේෂඥ වෛද්ය සේවාවක් අද ආරම්භ කෙරුණා.
 
ඒ මෝදර මෙත්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයෙන්.
 
මෙහිදී ප්රතිකාර ලබා ගැනීම සඳහා පැමිණ පිරිස වෙනුවෙන් පොලිසිය ආරක්ෂිත ඇඳුම් කට්ටල ද ලබාදී තිබූ අයුරු දක්නට ලැබුණා.
 
බෝ නොවන රෝග වලින් පෙළෙන පුද්ගලයින්ට කොවිඩ් 19 වැළඳීමේ වැඩි අවදානමක් පවතින බැවින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම වෛද්ය සායන නිවාස සංකීර්ණ වෙතම ගොස් සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා.
 
කොළඹ වරාය අවට සියලු ප්රදේශ හුදෙකළා කර තිබියදීත් වරායේ සියලු කටයුතු මේ වනවිට යළි සමාන්ය තත්ත්වයට පත් වෙමින් තිබෙන බව ශ්රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පවසනවා.
 
මේ අතර, සති අන්තයේදී සියලු මගී දුම්රිය ධාවනය අත්හිටුවීහට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
 
කොළඹ සහ ගම්පහ දිස්ත්රිකකවල පොලිස් බල ප්රදේශ 24ක් හුදෙකලා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානය තීරණය කළේ වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහායි.
 
කෙසේ වෙතත් හුදෙකලා කෙරුණු කොළඹ දිස්ත්රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, සහ වේල්ල වීදිය ඇතුලු පොලිස් බල ප්රදේශ 6ක් තුල ස්ථාපිත කර ඇති රාජ්ය , අර්ධ රාජ්ය සහ සංස්ථාපිත මණ්ඩල කොවිඩි 19 වසංගත තත්ත්වය මධ්යයේ වුවද සෞඛ්ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පවත්වාගෙන යෑම සඳහා අවසර හිමි වුණා.
 
මේ අතර, ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම සති අන්තයේදී එනම් හෙට සහ අනිද්දා යන දෙදින තුළ කිසිදු මගී දුම්රියක් ධාවනය නොවන බවයි.
 
හිරු ටී.වී පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් ශ්රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්රාමික ජෙනරාල් දයා රත්නායක මහතා මෙලෙස අදහස් පළ කළා.
 
බස්නාහිර හැර සෙසු පළාත්වල 6 - 13 ශ්රේණි තෙවන වාරය සඳහා ලබන සඳුදා ආරම්භ කරන බව අධ්යාපන අමාතයාංශය ඊයේ තීරණය කළා.
 
කෙසේ වෙතත්, කුරුණෑගල දිස්ත්රික්කයේ පවතින කොවිඩ් 19 වසංගත අවදානම සැළකිල්ලට ගනිමින් පාසල් කිහිපයක් යළි ආරම්භ කිරීම දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබෙනවා.
 
ඒ වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාගේ උපදෙස් අනුවයි.
 
ඒ අනුව කුරුණෑගල මහ නගරසභා සීමාවේ පිහිටි සියළුම පාසල් , කුරුණෑගල ප්රාදේශීය සෞඛ්ය වෛද්ය බළ ප්රදේශය, මල්ලවපිටිය සෞඛ්ය වෛද්ය බළ ප්රදේශය සහ කුලියාපිටිය නගර සභා සීමාවේ පිහිටි සියළුම පාසල් සමඟ කුලියාපිටිය මධ්ය මහා විද්යාලය , කනදුල්ල මහා විද්යාලය , දියකළමුල්ල කණිෂ්ඨ විද්යාලය යන පාසල් ලබන සඳුදා විවෘත වන්නේ නැහැ.
 
මීට අමතරව පන්නල නගර සීමාවේ පිහිටි සියළුම පාසල් සහ ඊරියගොල්ල මහා විද්යාලය , රිදීගම සෞඛ්ය වෛද්ය නිලධාරි බළ ප්රදේශයේ පිහිටි රම්බොඩගල්ල මධ්ය මහා විද්යාලය , නාරම්මල නගර සීමාවේ පිහිටි සියළුම පාසල් , මහව සෞඛ්ය වෛද්ය නිලධාරි බළ ප්රදේශයේ පිහිටි ගජනැග්ගම , පලල්ල, යාපහුව, අඹගස්වැව මහා විද්යාල සහ මහව නගරයේ පිහිටි විජයබා මධ්ය මහා විද්යාලය යන පාසල්ද තවදුරටත් වසා තැබෙනු ඇති.
 
මේ අතර , රියදුරු බලපත්ර ලබා ගැනීමේදී අවශ්ය වන වෛද්ය සහතික ලබා ගැනීම සදහා ඊ - චැනලින් සේවාව අද සිට සක්රිය කෙරුණා.
 
පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සදහා සෞඛ්යආරක්ෂිත ක්රමවේද භාවිත කරමින් සකස් කළ පෞද්ගලික බස් රථය අද ප්රවාහන රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතාවෙත හදුන්වාදීමට කටයුතු කළා.
 
ප්රවීන රංගන ශිල්පි විල්සන් කරූ මහතා කිරුළපන ප්රදේශයේදී රුපියල් 5000 දීමනාව ලබා ගැනීමට ගිය අවස්ථාවක සිදු වූ සිද්ධියක් පදනම් කර ගනිමින් සෞඛ්ය මාර්ගෝපදේශ කඩ කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.
 
එහිදි අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණයට සැකකාර විල්සන් කරූ මහතා ඇප මත නිදහස් කිරීමට කටයුතු කර තිබෙනවා.
 
මේ අතර , කොවිඩ් 19 වසංගතය හමුවේ ආපනශාලා සහ සංචාරක නිකේතන පවත්වාගෙන යාමට නම් , ඒ. ශ්රේණියේ වෛද්ය සහතිකයක් අවශ්ය බව පවසා , මහජන සෞඛ්ය පරික්ෂකවරුන් ලෙස පෙනී සිටි පුද්ගලයෙක් හැටන් නගරයේ සංචාරක නිකේතන කිහිපයකින් සහ ආපනශාලා වලින් මුදල් ඉල්ලූ පුවතක් වාර්තා වනවා.
 
අදාල මුදල් ඊෂි කෑෂ් ක්රමය ඔස්සේ බැර කරන ලෙසට තර්ජනය කරමින් ව්යාපරික ස්ථාන රැසකට දුරකතන ඇමතුම් ලබා දී ඇති බවට හැටන් නගර සභාවට පැමිණිළි ලැබී තිබෙනවා.
 
ශ්රී ලංකාවේ සිට බ්රිතාන්ය බලා යන පුද්ගලයින්ට දින 14 ක ස්වයං නිරෝධායනය හෙට සිට අවශ්ය නොවන බව එරට රජය ඊයේ නිවේදනය කළා.
 
නිරෝධායනය අවශ්ය නොවන නව රටවල් ලැයිස්තුවට ඊශ්රායලයද ඇතුළත්.
 
මීට පෙර ඕස්ට්රේලියාව, නවසීලන්තය, හොංකොං, ජපානය, සිංගප්පූරුව, දකුණු කොරියාව ඇතුළු රටවල් 11 ක සිට නැවත පැමිණෙන පුද්ගලයින්ට නිරෝධායනය අවශ්ය නොවන බ්රිතාන්ය ප්රවාහන දෙපාර්තමේන්තුව ප්රකාශ කර තිබුණා.
 
එලෙස නිරෝධායනය අවශ්ය නොවන ලැයිස්තුවට ඇතුළත් කෙරෙන්නේ කොවිඩ් 19 අවදානම අඩු රටවල්.








Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top