Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
20
අවුරුදු දෙකහමාරේ දරුවත් අරගෙන, IDH රෝහලෙන් පැන්න 25 හැවිරිදි කාන්තාව, තවමත් අතුරුදහන් ! - දරුවා ඇහැළියගොඩ නිවසක - කාන්තාව කිරිඇල්ල නගරයේ සැරිසරන බවට තොරතුරු - Video

- අවුරුදු දෙකහමාරේ දරුවත් අරගෙන, IDH රෝහලෙන් පැන්න 25 හැවිරිදි කාන්තාව, තවමත් අතුරුදහන් ! - දරුවා ඇහැළියගොඩ නිවසක - කාන්තාව කිරිඇල්ල නගරයේ සැරිසරන බවට තොරතුරු - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,077 Views
25 හැවිරිදි කාන්තාව බන්ධනාගාරයෙන්, රෝහල්ගත කළ කෙනෙක්ලූ..!!
 
බස් රථ කොන්දොස්තරවරයෙක් කාන්තාව අඳුරගෙන...
 
නාවික හමුදා සාමාජිකයින් 19 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බව නියෝජ්ය සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය හේමන්ත හේරත් මහතා පවසනවා.
 
මේ අතර කොවිඩ් 19 ආසාදනය වී අංගොඩ ජාතික බෝවන රෝග විද්යාතනයේ ප්රතිකාර ලබමින් සිටියදී සිය කුඩා පුතුද රැගෙන පලා ගිය කාන්තාව සෙවීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් පත්කර තිබෙනවා.

වයස අවුරුදු දෙක හමාරක් වන එම දරුවා පමණක් ඇහැළියගොඩ ප්රදේශයේ නිවසේ සිටියදී පොලිසිය සොයාගත්තා.
 
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී අංගොඩ ජාතික බෝවන රෝග විද්යායතනයේ ප්රතිකාර ලබමින් සිටි 25 හැවිරිදි කාන්තාවක් වයස අවුරුදු දෙක හමාරක් වූ සිය පුතුද රැගෙන ඊයේ රාත්රී 9.00 ට පමණ පලා ගොස් තිබුණා.
 
පසුව පෙලිසිය අදාල කාන්තාවගේ ඇහැලියගොඩ - යායා පාර ප්රදේශයේ නිවස පරීක්ෂා කර ඇති අතර එහිදී දරුවාව සොයා ගැනීමට හැකිවුණා.
 
එම නිවසේ කාන්තාවගේ ස්වාමි පුරුෂයා, සහෝදරයා තවත් දරුවන් කිහිප දෙනෙකු රැඳී සිටිනවා.
 
මේ වන විට එම දරුවා සහ අනෙක් පිරිස නිවයේ රඳවා සිටින බවයි අප වාර්තා කරු සඳහන් කළේ..
 
අදාළ කාන්තාව එම ප්රදේශයේම පිහිට සිය සහෝදරයාගේ නිවසටද ගොස් ඇති බව පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.
 
එම කාන්තාව සැරිසරූ ස්ථාන සොයා පොලිසිය සහ සෞඛ්ය බලධාරීන් මෙහෙයුම් ක්රියාත්මක කළා.
 
අදාළ කාන්තාව ඇහැළියගොඩ සිට ඉඩංගොඩ බලා යන බස් රථයකින් ගොස් පසුව කිරිඇල්ල නගරයේ සැරිසරමින් සිටින බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණා.
 
වැඩිදුර විමර්ශනයකදී අනාවරණ වී ඇත්තේ අදාළ කාන්තාව කිරිඇල්ල නගරයේ සිට එපිට උයන දක්වා කිලෝමීටර් 4 ක් පාගමණින් ගමන් කර යලි ත්රී රෝද රථයකින් කිරිඇල්ල නගරයට පැමිණ ඇති බවයි.
 
ඇය නැවත වරක් ඇහැළියගොඩ දක්වා ගමන් කිරීමට බස් රථයකට නැගීමට යාමේදී බස් රථයේ කොන්දොස්තරවරයා කාන්තාව හඳුනාගෙන පොලිසියට දැනුම් දී තිබුණා.
 
එම තොරතුරකට අනුව අදාළ කාන්තාව අත්ඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදි ඇය වෙල්යායක් හරහා කැලෑ බඳ ප්රදේශයකට දුව ගොස් සැඟවී තිබෙනවා.
 
පොලිසිය අදාළ කාන්තාව සොයා මෙහෙයුම් ක්රියාත්මක කළද මෙතෙක් ඇය හමු වී නැහැ.
 
එම කාන්තාව මත්ද්රව්ය ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන බනධනාගාර ගතවසිටියදී ජාතික බෝවන රෝග විද්යායතනයට ඇතුලත් කළ කාන්තාවක් බවයි වාර්තා වන්නේ.
 
කොවිඩ් 19 අසාදනය වීමෙන් සිදුවූ 70 වන මරණය ලෙස කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුව ජීවිතක්ෂයට පත්වුණා.
 
70 හැවිරිදි පුද්ගලයකු වන ඔහු කොළඹ 10 ප්රදේශයේ පදිංචිකරුවෙක්.
 
කොවිඩ් 19 වෛරසය අසාදනය වීමෙන් සිදුවූ නියුමෝනියා තත්ත්වය එම මරණයට හේතුව වී තිබෙනවා.
 
කොළඹ15 ප්රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක්ද මුල්ලේරියාව මූලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදි ජීවිතක්ෂයට පත්වුණා.
 
ඇයගේ මරණයට හේතුව වී ඇත්තේ කොවිඩ් 19 අසාදනය වීම නිසා ඇති වූ අක්මා රෝගී තත්ත්වයයි.
 
මේ අතර කළුතර දිස්ත්රික්කයෙන්ද නව මරණ දෙකක් වාර්තා වූ අතර එම මරණ දෙකම නිවසේදී සිදු වී තිබෙනවා.
 
ඒ අනුව පොකුණුවිට ප්රදේශයේ පදිංචි 59 හැවිරිදි කාන්තාවක් කොවිඩ් 19 අසාදනය වී ජීවිතක්ෂයට පත්ව තිබුණේ.
 
වෛරසය ආසාදනය වීමෙන් පසු ඇති වූ පපුවේ ආසාදනයක් සහ අධික රුධිර පීඩනය හේතුවෙන්.
 
කළුතර හල්තොට පදිංචි 86 හැවිරිදි පිරිමි පුද්ගලයකුද සිය නිවසේදී ජීවිතක්ෂයට පත් වුණා. ඔහුගේ මරණයට හේතුවී ඇත්තේ කොවිඩ් 19 වැළඳීමෙන් පසු ඇති වූ පපුවේ අසාදනයයි.
 
මේ අතර තවත් කොවිඩ් 19 ආසාදිතයින් 220 දෙනෙකු අද හඳුනා ගෙන ඇති අතර ඔවුන් සියලුදෙනාම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ ආශ්රිතයින්.
 
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්යාව 19000 සීමාව ඉක්මවා ගියා.
 
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්යාව සටහන් වන්නේ 15550ක් ලෙසයි.
 
කොවිඩ් 19 වෛරසයේ ස්භාවය වෙනස්වීම සම්බන්ධයෙන්ද වසංගත රෝග විද්යා අංශයේ ප්රධානී විශේෂඥ වෛද්ය සුදත් සමරවීර මහතා අදහස් පල කළා.
 
නව අසාදිතයින් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්යාව 305ක්.
 
බෝ නොවන රෝගවලින් පෙළෙන කොළඹ මහ නගරසභා සීමාවට අයත් හුදෙකලා කර ඇති ප්රදේශවල ජනතාව වෙනුවෙන් විශේෂඥ වෛද්ය සේවාවක් අද ආරම්භ කෙරුණා.
 
ඒ මෝදර මෙත්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයෙන්.
 
මෙහිදී ප්රතිකාර ලබා ගැනීම සඳහා පැමිණ පිරිස වෙනුවෙන් පොලිසිය ආරක්ෂිත ඇඳුම් කට්ටල ද ලබාදී තිබූ අයුරු දක්නට ලැබුණා.
 
බෝ නොවන රෝග වලින් පෙළෙන පුද්ගලයින්ට කොවිඩ් 19 වැළඳීමේ වැඩි අවදානමක් පවතින බැවින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම වෛද්ය සායන නිවාස සංකීර්ණ වෙතම ගොස් සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා.
 
එම සායනයට පැවැත්වෙන ස්ථානයට සෞඛ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා ද පැමිණ සිටියා.
 
ගම්පහ දිස්ත්රික්කයෙන්ද අසාදිතයන් 58 දෙනෙක් වාර්තා වුණා.
 
මේ අතර පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පලා යාමට තැත් කිරිමේදී මිය ගිය රැඳවියා සහ පලාගොස් සිටියදී
අත්අඩංගුවට ගත් රැඳවියාට කොවිඩ් 19 වෛරසය ආසාදනය ඇතැයි තහවුරු වී වුණු බව පොලිසිය සඳහන් කළා.
ඒ අනුව බන්ධනාගාර ආශ්රිතව වෛරසය ආසාදනය වී ඇති මුළු අසාදිතයින් ගණන සටහන් වන්නේ 550 ක් ලෙසයි.
 
මේ අතර කොවිඩ් 19 අසාදිතයකු හඳුනාගැනීම්ත් සමඟ වැල්ලම්පිටිය - සිවිල් ආරක්ෂක බලකා කඳවුර හුදකලා කර තිබෙනවා.
 
මේ අතර කළුතර - උතුර ජනරජ නිවාස සංකීර්ණයේ අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණ වලින් එක් කාන්තාවකට වෛරසය අසාදිත බව හඳුනා ගෙන තිබෙනවා.
 
ඒ සමඟ එම නිවාස සංකීර්ණයට සංචරණ සීමා පැනවුණා.
 
මේ අතර කොළඹ ග්රැන්ඩ්පාස් ප්රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක සේවය කල වයස අවුරුදු 38ක පුද්ගලයෙකු හැටන් කොටගල ඩෙරික්ලෙයාර් වතුයායේ පිහිටි සිය නිවසට පැමිණ ඇති අතර අහඹු ලෙස සිදුකල පි.සි.ආර් පරික්ෂනයකින් අදාල පුද්ගලයාට වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි තිබෙනවා.
 
ඔහු සිය නිවසට වතුකම්කරුවන් ගෙන්වා ගනිමින් කොණ්ඩා කපා ඇති අතර එලෙස පැමිණ පුද්ගලයින්ව ස්වයං නිරෝධානයට යොමු කර ආසාදිත පුද්ගලයා හම්බන්තොට නිරෝධායන මධ්යස්ථානයක් වෙත යොමු කිරීමට සෞඛ්ය අංශ පියවර ගත්තා.
 
මේ අතර පරිසරය තුළ කොවිඩ් 19 වෛරයස විවිධාකාරයෙන් පැවතිය හැකි බව වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය ජූඩ් ජයමහ මහතා පවසනවා.
 
මේ අතර, ලංකා ප්රීමියර් ලීග් පන්දුවාර 20 ක්රිකට් තරගාවලියේ කැන්ඩි ටස්කස් කණ්ඩායමට ක්රීඩා කිරීමට පැමිණි පකිස්තාන ක්රීඩක සොහෙයිල් තන්වීර් ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
 
මේ බව අනාවරණය වී ඇත්තේ සොහෙයිල් තන්වීර් දිවයිනට පැමිණිමෙන් අතතුරුව බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළේදී සිදුකළ PCR පරික්ෂණයෙන් අනතුරුවයි.
 
ඒ අනුව ලංකා ප්රීමියර් ලීග් පන්දුවාර 20 ක්රිකට් තරගාවලිය ආරම්භයට පෙර කොවිඩ් 19 වෛරසය ආසාදනය වු දෙවන විදේශීය ක්රිකට් ක්රීඩකයා සොහෙයිල් තන්වීර් වනවා.
 
මිට පෙර කලම්බු කිංග්ස් ක්රීඩක කැනඩාවේ රවීන්දර්පාල් සිංට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top