මෙසේ තිබියදී මෙම ඝාතනය නැවත වතාවක් කරළියට පැමිණ තිබෙනවා.
එසේ වන්නට ප්‍රධානතම සාධකය මාධ්‍ය ආතනයක්. මන්ද ඝාතනයට ලක් වූ කාන්තාවක් දෙදෙනා ප්‍රකට ජනමාධ්‍යවේදිනියන් දෙපළක් වූ නිසායි.
ජනතාව වෙත සත්‍ය හෙළිදරව් කිරීමට යාමේදී මාධ්‍යවේදීන්හට ගැටලු වලට මුහුණු දීමට වන බව කොයි කවුරුත් දන්නා කියන කතාවක්.
මෙම සිදුවීම පසුකාලීනව සැකයක් පැන නැගී ඇති බවට පසුගිය දිනෙක එක් මාධ්‍ය ආයතනයක් දීර්ඝ පැහැදිලි කිරීමක් කර තිබුණා.
60 හැවිරිදි ඔරූබා බරකන් ඇමරිකානු පුරවැසිභාවය හිමි සිරියානු කතක්. ඇය ඇමරිකානු මාධ්‍ය ආයතනයක් හා එක්ව කටයුතු කර තිබුණා. සිය මවගේ අඩිපාරේ යමින් 23 හැවිරිදි හලා බරකත් ද මාධ්‍ය ආයතනයකට එක් වුණා.
හලා තම මාධ්‍ය ආයතනය වෙනුවෙන් මානව හිමිකම් සම්බන්ධයෙනු මාධ්‍යකරණයේ නියැලුණු අතර ඔරූබා මාධ්‍ය ඔස්සේ සිරියාවේ ජනපති දැඩි ලෙස විවේචනය කළා. ඔවුන් මිය යන විට පදිංචිව සිට ඇත්තේ තුර්කියේ වන අතර එහි සිට ඔවුන් ඇමරිකුනා මාධ්‍ය වෙනුවෙන් සේවය සැපයීම නිසා මෙම මරණයට සබඳතාවයක් දක්වන්නට ඇත්තේ ද යැයි සැකයක් පවතිනවා.
කෙසේ වෙතත්, 2017 වසරේ සැප්තැම්බර් මස 21 වැනිදා නිවස තුළ ඔවුන් දෙදෙනා ඝාතනය කර තිබුණත් අසල්වාසීන්ට හා පොලිසියට ඒ පිළිබඳ දැනගන්නට ලැබුණෞ දින හතරකට පසුයි.
යමකු හලා හා ඔරූබා ඝාතනය කොට ඇඳ ඇතිරිලි වලින් ඔතා ඔවුන් දෙදෙනා වෙතින් ගැලූ රුධිරයේ දුගඳ හැමීම වළක්වාලීමට ලෙමන් සුවඳැති සේදූම් කුඩුද ශරීරවලට හලා තිබුණා.
තියුණු ආයුධවලින් කළ පහරදීම්වලින් මරණ සිදුව ඇති බවයි පසුව අනාවරණය වූයේ. දෙදෙනාගෙන් එක් අයෙකුට වත් ලිංගික අතවර සිදුව නොමැති අතර ඝාතකයා පැහැදිලිවම මොවුන් ඝාතනය කිරීමේ අරමුණින් පැමිණි බව නිගමනය වුණා.
පරීක්ෂණවලින් පසු හලාලාගේ දුරින් නැදෑ වන අහම් බරකත් යන අය අත්අඩංගුවට ගෙන තිබුණා. එයට හේතු වූයේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණාගාරයේදී ඔරූබාගේ නියපොතු අතර වුනු ඩීඑන්ඒ අහමඩ්ගේ ඩීඑන්ඒ සමඟ ගැලපීමයි.
එහිදී ඝාතන සිදු කළේ තමා විසින් බව ඔහු පිළීගත්තා. ඔරූබා තමාට ණය බවත් ඒ පිළිබඳ කතා කරන්න ගොස් සිදුවූ බහින්බස් වීමකින් ඝාතනය වූ බවයි ඔහු කියා තිබුණේ.
20 හැවිරිදි අහමඩ් තුර්කියට පැමිණ ඇත්තේ ඊට මාස හයකට පමණ පෙර වන අතර ඔහු ඔරූබාලා පදිංචි නිවසට නුදුරින් පදිංචිව සිටියා.
2018 වසරේදී නඩු විභාගය අවසන් වූ අතර එහිදී ඔහුට දඬුවම් හිමි වුණා.
එසේ වුවත් මෙම සිදුවීම යළි කරළියට පැමිණීයේ ඇයි ?
ඒ ඔරූබාගේ ඥාතින් මේ සිදුවීම සම්බන්ධයෙන් නිසියාකාර පරීක්ෂණ සිදු නොවූ බවට හදිසියේම සැක කළ නිසායි.
පොලිසියේ ක්‍රියාකලාපය ගැනද තමන් සෑහීමකට පත් නොවන බව ඔවුන් කියා තිබුණා.
අහමඩ් වැනි 20 හැවිරිදි කෙනෙක් මෙවන් ද්විත්ව ඝාතනයක් කළේ කෙසේ ද යන්න සැක සහිත බවයි. එසේම දෙදෙනාගේම සිරුරේ එක් කැපුම් තුවාලයක් බැගින් තිබීමත් අවධානය දිනූ කරුණක්.
මන්ද එක් අයෙකු ඝාතනය කරන්නේ දුටුවා නම් අනෙකා ද පොර බැඳීමට එන නිසයි.
අවම වශයෙන් මේ ඝාතන සඳහා පුද්ගලයින් දෙදෙනෙක්වත් අවම වශයෙන් සිට ඇති බව ඔවුන් සැක කරන්නේ.
මේ වෙනුවෙන් මාධ්‍යවේදීන්ද හඬ නගමින් සිටින්නේ කෙසේ හෝ සත්‍ය හෙළි කරගැනීමේ අරමුණින්.
එරංගා මාපටුන විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියකින් සකස් කරන ලදී.
