ග්‍රීසියේ ඇතැන්ස් නුවර අලෙවි කිරීමට තබා ඇති නත්තල් සීයාගේ හැඩයෙන් යුතු ඉටි පන්දම් දැඩි කතා බහක් නිර්මාණය කර තිබෙනවා.
ඒවාට මුව ආවරණ පළඳවා තිබීම ඊට හේතුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
මෙම ඉටි පහන් නිර්මාණය කර ඇත්තේ, එරට පදිංචිව සිටින 37 හැවිරිදි ඇලෙක්සියස් ග්‍රේස් නමැති අයෙකු විසින්.
පවතින තත්ත්වය යටතේ අපගේ සෞඛ්‍ය වෙනුවෙන් මූලික ස්ථානයක් හිමි කර දිය යුතු බැවින් මෙය නිර්මාණය කළ බව ඔහු පවසනවා.
මෙවර නත්තල් උත්සවය සැමරීමට හැකි වනු ඇතැයි තමන් නොසිතන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මේ වනවිට කොරෝනා හේතුවෙන් ග්‍රීසියේ පුද්ගලයින් 1228ක පමණ මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කළේ.