මේ අතර කොවිඩ් 19 හේතුවෙන් සිදූවූ තවත් මරණ 4 ක්ද වාර්තා වුණා.
කොවිඩ් 19 අසාදනය වීමෙන් සිදුවූ 70 වන මරණය ලෙස කොළඹ පෞද්ගලික රෝහලක ප් රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුව ජීවිතක්ෂයට පත්වුණා.
70 හැවිරිදි පුද්ගලයකු වන ඔහු කොළඹ 10 ප් රදේශයේ පදිංචිකරුවෙක්.
කොවිඩ් 19 වෛරසය අසාදනය වීමෙන් සිදුවූ නියුමෝනියා තත්ත්වය එම මරණයට හේතුව වී තිබෙනවා.
කොළඹ15 ප් රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක්ද මුල්ලේරියාව මූලික රෝහලේ ප් රතිකාර ලබමින් සිටියදි ජීවිතක්ෂයට පත්වුණා.
ඇයගේ මරණයට හේතුව වී ඇත්තේ කොවිඩ් 19 අසාදනය වීම නිසා ඇති වූ අක්මා රෝගී තත්ත්වයයි.
මේ අතර කළුතර දිස්ත් රික්කයෙන්ද නව මරණ දෙකක් වාර්තා වූ අතර එම මරණ දෙකම නිවසේදී සිදු වී තිබෙනවා.
ඒ අනුව පොකුණුවිට ප් රදේශයේ පදිංචි 59 හැවිරිදි කාන්තාවක් කොවිඩ් 19 අසාදනය වී ජීවිතක්ෂයට පත්ව තිබුණේ.
වෛරසය ආසාදනය වීමෙන් පසු ඇති වූ පපුවේ ආසාදනයක් සහ අධික රුධිර පීඩනය හේතුවෙන්.
හළුතර හල්තොට පදිංචි 86 හැවිරිදි පිරිමි පුද්ගලයකුද සිය නිවසේදී ජීවිතක්ෂයට පත් වුණා.
ඔහුගේ මරණයට හේතුවී ඇත්තේ කොවිඩ් 19 වැළඳීමෙන් පසු ඇති වූ පපුවේ අසාදනයයි.
ඒ අනුව කොවිඩ් 19 වෛරසය සිදුවූ මෙරට සමස්ත මරණ සංඛ් යාව 73ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වී අංගොඩ ජාතික බෝවන රෝග විද් යායතනයේ ප් රතිකාර ලබමින් සිටි 25 හැවිරිදි කාන්තාවක් වයස අවුරුදු දෙක හමාරක් වූ සිය පුතුද රැගෙන ඊයේ රාත් රී 9.00 ට පමණ පළා ගොස් තිබෙනවා.
පසුව පෙලිසිය අදාල කාන්තාවගේ ඇහැලියගොඩ - යායා පාර ප් රදේශයේ නිවස පරීක්ෂා කර ඇති අතර එහිදී දරුවාව සොයා ගැනීමට හාකිවුණා.
එම නිවසේ කාන්තාවගේ ස්වාමි පුරුෂයා, සහෝදරයා තවත් දරුවන් කිහිප දෙනෙකු රැඳී සිටිනවා.
මේ වන විට එම දරුවා සහ අනෙක් පිරිස නිවයේ රඳවා සිටින බවයි අප වාර්තා කරු සඳහන් කළේ.
අදාළ කාන්තාව එම ප් රදේශයේම පිහිට සිය සහෝදරයාගේ නිවසටද ගොස් ඇති බව පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.
එම කාන්තාව සැරිසරූ ස්ථාන සොයා පොලිසිය සහ සෞඛ් ය බලධාරීන් මෙහෙයුම් ක් රියාත්මක කළා.
අදාළ කාන්තාව ඇහැළියගොඩ සිට ඉඩංගොඩ බලා ගමන් ගස් බස් රථයකින් පළා ගොස් ඇති බව මේ වන විට හෙළි වී තිබෙනවා.
එම කාන්තාව මත්ද් රව් ය ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන බනධනාගාර ගතවසිටියදී ජාතික බෝවන රෝග විද් යායතනයට ඇතුලත් කළ කාන්තාවක් බවයි වාර්තා වන්නේ.
මේ අතර තවත් කොවිඩ් 19 අසාදිතයින් 439 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා.
ඔවුන්ගෙන් 437 දෙනෙක් හඳුනාගෙන ඇත්තේ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ ආශ් රිතයින් වශයෙන්.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත අසාදිතයින් සංඛ් යාව 18841 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛයාව සටහන් වන්නේ 15330ක් ලෙසයි.
කොවිඩ් 19 වෛරසයේ ස්භාවය වෙනස්වීම සම්බන්ධයෙන්ද වසංගත රෝග විද් යා අංශයේ ප් රධානී විශේෂඥ වෛද් ය සුදත් සමරවීර මහතා අදහස් පල කළා.
නව අසාදිතයින් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත් රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ් යාව 305ක්.
ගම්පහ දිස්ත් රික්කයෙන්ද අසාදිතයන් 58 දෙනෙක් වාර්තා වුණා.
මේ අතර පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පලා යාමට තැත් කිරිමේදී මිය ගිය රැඳවියා සහ පලාගොස් සිටියදී අත්අඩංගුවට ගත් රැඳවියාට කොවිඩ් 19 වෛරසය ආසාදනය ඇතැයි තහවුරු වී වුණු බව පොලිසිය සඳහන් කළා.
ඒ අනුව බන්ධනාගාර ආශ් රිතව වෛරසය ආසාදනය වී ඇති මුළු අසාදිතයින් ගණන සටහන් වන්නේ 550 ක් ලෙසයි.
මේ අතර කොළඹ ග් රැන්ඩ්පාස් ප් රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක සේවය කල වයස අවුරුදු 38ක පුද්ගලයෙකු හැටන් කොටගල ඩෙරික්ලෙයාර් වතුයායේ පිහිටි සිය නිවසට පැමිණ ඇති අතර අහඹු ලෙස සිදුකල පි.සි.ආර් පරික්ෂනයකින් අදාල පුද්ගලයාට වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි තිබෙනවා.
ඔහු සිය නිවසට වතුකම්කරුවන් ගෙන්වා ගනිමින් කොණ්ඩා කපා ඇති අතර එලෙස පැමිණ පුද්ගලයින්ව ස්වයං නිරෝධානයට යොමු කර ආසාදිත පුද්ගලයා හම්බන්තොට නිරෝධායන මධ් යස්ථානයක් වෙත යොමු කිරීමට සෞඛ් ය අංශ පියවර ගත්තා.
මේ අතර වැල්ලවත්ත සහ කොල්ලුපිටිය යන ප් රදේශවල පෙදරේරුවන් වශයෙන් කටයුතු කර දිපාවලි උත්සවයට මස්කෙලිය ගාඩ්මෝර් සහ පොක්මෝර් වතුයායේ සිය නිවෙස් වෙත පැමිණි වසය අවුරුදු 20ක තරුණයෙකු සහ අවුරුදු 38ක දෙදරු පියෙකුට වෛරසය අසාදනය වි ඇති බවට හදුනා ගෙන තිබෙනවා.
අසාදිතයින් දෙදෙනාගේ සමිපතමයන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර ඔවුන් දෙදෙනා හම්බන්තොට පිහිටි නිරෝධායන මධ් යස්ථානයක් වෙත යොමු කෙරුණා.
මේ අතර මරදාන පොලිසේ මරදාන තනිකඩ සෑම නිවාස සංකිර්නයේ 500කට අසාන්න පිරිසකගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කලේ කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ් ය පරික්ෂකවරුන් විසින්.
හංවැල්ල සෞඛ් ය වෛද් ය නිලධාරී කොට්ඨාශයෙන් වාර්තා වු අසාදිතයන්ගේ සමීපතමයින්ගේ පී.සි.ආර් පරීක්ෂණ සිදුකෙරුණේ හංවැල්ල නව සතිපොල භූමියේදී. VIDEO