චීනයේ ශින්ජියාන් ප්‍රාන්තයේ කාශ්ගාර් නගරයේ කොරෝනා රෝගියකු හමුවීමෙන් පසු චීන රජය විසින් එම නගරයේ ලක්ෂ 47 ක් වන සමස්ත ජනතාවම කොරෝනා පරීක්ෂණයට භාජන කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.
එම ජනතාව අතරින් 138 දෙනකු කොරෝනා ආසාදිතයන් බව හඳුනා ගෙන ඇති අතර ඔවුන් කිසිවකු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බවත් සඳහන්.
චීනය මේ වන විට කොරෝනා පැතිරීම පාලනය කර ඇතත් වරින් වර චීනයේ ඇතැම් ස්ථානවල රෝගීන් හමුවෙනවා. කාශ්ගාර් නගරයේ පාසල් වසා දමා ඇති අතර කොරෝනා ආසාදනය වී නොමැති බවට පරීක්ෂණ වාර්තා ලබා දෙන අයට පමණක් එම නගරයෙන් පිටතට යෑමට ඉඩ දෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මෙම නගරයේ සිදු කරන ලද අහඹු කොරෝනා පරීක්ෂණයකදී රෝග ලක්ෂණ නොපෙන්වන කාන්තාවක හමුවීමෙන් පසු මෙම සමස්ත නගර වාසීන්ට කොරෝනා පරීක්ෂාව සිදු කර තිබෙනවා.
මෙහිදී දින දෙකක් තුළ ලක්ෂ 28 ක ජනතාවක් කොරෝනා පරීක්ෂාවට ලක්කර ඇති අතර සෙසු පිරිසේ පරීක්ෂණ ඉදිරි දින දෙක තුළ අවසන් කිරීමට නියමිත බවත් සඳහන්.
මීට පෙර ඔක්තෝබර් මාසය මුලදී චීනයේ චින්ඩා ඕ නගරයේ කොරෝනා රෝගියකු හමුවීමෙන් පසුව එම නගරයේ ලක්ෂ අනූවක සමස්ත ජනතාව කොරෝනා පරීක්ෂණවලට ලක් කර ඇති බවත් සඳහන්