ඌව,නැගෙනහිර,උතුරු මැද,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට,මුලතිව්,වවුනියා සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් සවස 2න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඇතැම් ස්ථානවල, විශේෂයෙන් ඌව පළාතේත් ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිබවයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි අදාළ නිවේදනය මගින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.