එක් අයෙක් අයි.ඩී.එච් රෝහලේදී අනෙක් දෙදෙනා කොළඹ ජාතික රෝහලේදී ජීවිතක්ෂයට.....
ජීවිතක්ෂයට පත්වූ තුන් දෙනාගෙන් එක් අයෙකු 19 හැවිරිදි වියේ
කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් තුන් දෙනෙකු අද ජීවිතක්ෂයට පත්වුණා.
එය දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවද වන අතර, අද ජීවිතක්ෂයට පත්වූ තුන් දෙනාගෙන් එක් අයෙකු 19 හැවිරිදි වියේ පසුවීමද විශේෂත්වයක්.
කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි ඔහු උපතින්ම ආබාධ තත්ත්වයන්ගෙන් පෙළුණු අයෙකුද වනවා.
මියගිය අනෙක් පුද්ගලයා කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි අයෙකු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියා සිටියේ.
ඔවුන් දෙදෙනාම කොළඹ ජාතික රෝහලේදී ජීවිතක්ෂයට පත්වූ අතර, අද වාර්තා වූ අනෙක් කොරෝනා මරණය සිදුවුණේ ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච් රෝහලේදීයි.
ඔහු ජා-ඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක පුද්ගලයෙක්.
සිරෝසිස් රෝගී තත්ත්වයෙන් රාගම රෝහලට ඇතුළත් කෙරුණු මොහු පෙරේදා අයි.ඩී.එච්. රෝහලට මාරු කර යවා ඇත්තේ කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීම හේතුවෙන්.
අද දහවල් ඔහු මියගොස් ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.
ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 19ක්.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සිදුවූ මරණ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ මෙය බරපතල තත්ත්වයක් බවයි.