Covid 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ප්‍රජා සත්කාරක වැඩ සටහන යටතේ ලෝක සෞබ්‍ය සංවිධානයේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා පොලීසිය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු සියළු රාජ්‍ය ආයතන ඒකාබද්ධව දීප ව්‍යාප්ත දැනුවත් කිරීමේ වැඩසටහනක් අද සිදු කරනු ලැබුවා.
එමගින් මගී ප්‍රවාහන පෞද්ගලික, ලංගම බස් රථ වල හා රාජ්‍ය පොදු ස්ථානවල ස්ටිකර් අලවා ප්‍රජාව දැනුවත් කෙරුණා.
වලපනේ කොට්ඨාස සහකාර පොලිස් අධිකාරී සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් වලපනේ ප්‍රධාන පොලිස් පරීක්ෂක හා මූලස්ථාන පොලිස් පරීක්ෂණ එන්. ඩී. හෙට්ටිආරච්චි, වලපනේ ප්‍රාදේශීය ලේකම් සාලිය බණ්ඩාර මහතා, ප්‍රධාන පොලිස් පරීක්ෂක දේවිකා කරුණාරත්න මහත්මිය, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරී ඒ.ජේ. අනුර මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන්ගේ සභාගීත්වයෙන් අද (27) දින වලපනේ හා නිල්දණ්ඩාහින්න නගරවලදී ඉතා සාර්ථකව මෙය සිදුකෙරුණා.
එම අවස්ථාවේ ඡායාරූප පහතින්....