ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 293 දෙනෙකු හමුවී තිබෙනවා.
ඔවුන්ගෙන් දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර අනෙක් 291 දෙනා දිවුලපිටිය සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල පොකුරේ සමීපතම ආශ්‍රිතයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ.
මේ අනුව ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 8706ක් දක්වා ඉහළ යනවා.
මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව 19ක් වන අතර ඉන් 3ක්ම වාර්තාවූයේ අද දිනයේදීයි.