කොරෝනා අසාදිතයෙකුගේ තෙවැනි පාර්ශවයේ දුරස්ථ ආශ්රිතයෙකු වන ශිෂ්යාවක් මෙවර අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට ගිය අවස්ථාවේදී මෙම ශිෂ්යාවගේ විභාග අධීක්ෂණය ගුරු භවතුන් ප්රතික්ෂේප කර ඇති අතර එම අවස්ථාවේදි එක් ගුරුවරියක් පමණක් ඉදිරිපත් වීමේ පුවතක් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් විභාග ශාලාවෙන් වාර්තා වනවා.
කරන්දෙණිය මහගොඩ එපිටකොන ප්රදේශයේ පදිංචි වාරායේ සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු වීමත් සමඟම ඔහු ගොස් ඇතැයි කියන වෙළඳසැලකට මේ ශිෂ්යාව යාම නිසා ඇය කොරෝනා ආසාදිතයෙකුගේ තෙවැනි පාර්ශවයේ තෙවැනි දුරස්ථ ආසාදිතයෙකු ලෙස සෞඛ්ය අංශ හඳුනා ගෙන තිබුණා.
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින මෙම ශිෂ්යාව තමාගේ විභාග මධ්යස්ථානය වන අම්බලන්ගොඩ ධර්මාශෝක විද්යාලයට විභාගය ලිවීමට ගිය අවස්ථාවේ ගුරු සිසුන් අතර නොසන්සුන්තාවක් හටගෙන ඇති අතර ඒ නොසන්සුන් තාවය සමථයකට පත් කිරීමට කරන්දෙණිය සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලයද මැදිහත් වී තිබෙනවා.
එය සමථයකට පත්වීමෙන් පසු හුදකලා කාමරයක විභාගය ලිවීමට තීරණය වූ මෙම සිසුවිය අධීක්ෂණය කිරීමට ධර්මාශෝක විද්යාලයේ නොවන ගුරු භවතකු සොයා ගැනීම දුෂ්කර කාර්යයක් වුයේ ඇයව අධීක්ෂණය කිරීම ගුරු භවතුන් ප්රතික්ෂේප කිරීම නිසයි.
මෙය උග්ර ගැටලුවක් බවට පරිවර්තනය වෙමින් පැවති අවස්ථාවේදී මේ ශිෂ්යාවගේ විභාග අයිතිය රැකදෙමින් අම්බලන්ගොඩ බුද්ධදත්ත ආදර්ශ විද්යාලයේ ඒ. කේ. පී. ජයන්ති මහත්මිය එයට එක් වුනා.
මෙම ගුරුවරියගේ ක්රියාව සියැසින් දුටු අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ විදුහල්පති හසිර කේෂර මහතා රණවිරුවන්, සුව විරුවන් ගැන කතා කරන අවධියක ගුරු විරුවරියක බිහිවීම ඉතා අගය කරන බවත්, මේ ගුරුවරියට සමස්ථ ධර්මාශෝක විදුහල් ප්රජාවගේ ආචාරය පිරිනමන බවත් සඳහන් කරමින් ධර්මාශෝක විදුහල් මුහුණු පොතේ සටහනක් ද තබා තිබුණා.
කරන්දෙණිය - එම්. සුසිල් ප්රියන්ත විසින් ලියූ ලිපියකි.