පූජා ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ පදිංචිකාරියක්. අවුරුදු 22ක් වූ ඇය පුද්ගලික ආයතනයක රැකියාන කළ සුරූපිනියක් වුනා. පවුලේ අය සමඟ ලෙන්ගතුව ඇසුරු කළ ඇය ඇසුරු කළ සියලු දෙනාගේ ආදරය දිනාගත්තා. එහෙත් මරුවා හරට ඇගේ කල් ක්‍රියාව කිසිසේත් අදාළ වූයේ නැහැ.
පසුගිය සැප්තැම්බර් 29 වැනිදා පූජාගේ නිවසේ එකම කලබලයක් වුනා.
"පූජා තාම ආවේ නෑ. තව පාරක් කතා කරලා බලන්න.."
පවුලේ අය ඇගේ දුරකථනයට ඇමතුම් ගත්තා. පූජා සාමාන්‍යයෙන් එන්නේ යන්නේ තනිවමයි. ඇයට බෙහෙවින් එය හුරු පුරුදුයි.
එහෙත් මෙවැනි දෙයක් කවදාකවත් සිදුවී නැහැ. ඥාතීන් දිගින් දිගටම දුරකථන ඔස්සේ ඇය සම්බන්ධ කරගන්න උත්සහා කළත් එය නොහැකි වුණා.
මෙසේ මිනිත්තු පැය ඉක්ම යද්දි හදිසියෙන් ඇගේ නිවසේ මිදුලේ රික්ෂෝවක් කතර වුනා. සියල්ලන් අස්වසමින් එයින් බැස්සේ පූජා. එහෙත් ඔවුනට දැණුනු ඒ සැනසීමට තප්පර කිහිපයක් වත් ආයුෂ ඉතිරි වී තිබුණේ නෑ.
රික්ෂෝකරු සිය රිය හරවාගෙන යත්ම දෙපා වාරු නැතිව වැටෙන්නට ගිය පූජාව වැටෙන්නට නොදී අල්ලා ගත්තේ දශමයෙන්. ඒ වන විටත් ඇය දරාගත නොහැකි කිසියම් වේදනාවකින් පෙළෙමින් සිටියා.
ඒ කොතරම් ද යත් පවුලේ අය ඇයව රෝහල්ගත කිරීමට කටයුතු කළා. එහෙත් තවත් ජීවත් වීමට ඇය ගෙනා ආයුෂ ප්‍රමාණවත් වූයේ නැහැ.
ඇයට අත් වුනු ඉරණම ටිකෙන් ටික හෙළිවන්නට පටන් ගත්තේ එතැන් සිටයි. ඇය මිය යන විට දරුණු ලෙසින් දූෂණයට ලක්ව තිබූ බව ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වුනා.
එයට අමතරව ඇගේ කකුල් දෙකේ අස්ථි බිඳීම් සිදුව තිබූ අතර ඇගේ කශේරුකාවටද බරපතල හානි සිදුව තිබුණා. ඇයට ඇවිද ගන්නට නොහැකිව තිබුණේ ඒ නිසයි. මේ සියල්ලටම වඩා ප්රබලතම සාක්ෂිය වූයේ ඒ වන විටත් ඇගේ ශරීරය තුළ මත්ද්‍රව්‍ය තිබීමයි.
"පූජා වැඩ ඇරිලා එද්දි තුන් හතර දෙනෙක් එයාව බලෙන් අල්ලගෙන කාර් එකකට දාගෙන තිබුණා. එතැනදී උන් එයාට මොනවද මන්දා දෙයක් බෙහෙත් විදින්න වගේ විදලා තිබුණා. මං හිතන්නේ ඒ මොනවා හරි මත් වෙන දෙයක්.."
පොලිසිය වෙත කටඋත්තරයක් සපයමින් පූජාගේ මව කියා සිටියා. පූජා නිවසේ සිටි සුළු කාලය තුළ අපහසුවෙන් වුවත් ඇගේ මව සමඟ මේ කරුණු හෙළි කර තිබුණා.
"එයාව මත් කරලා හරිම අමානුෂික විදිහට දූෂණය කරලා... ඒ මදිවට එයාගේ කකුල් දෙකයි පිට කොන්දයි කැඩෙන්න පහර දීලා. පුදුම වේදනාවකින් එයා හිටියේ. අඩු තරමේ සිහියක් කටක්වත් තිබුණේ නෑ. ඇවිද ගන්න පණ තිබුනේ නෑ.." ඇය තව දුරටත් කියා තිබුණා.
ඒ අනුව පොලිසිය සැකකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කළා. එහිදි ඔවුන් සාහිල් හා ෂාගි නම් සැකකරුවන් දෙදෙනෙකු සොයා ගත් අතර ඔවුන්ව අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔවුන්ගේ තොරතුරු අනුව ඔවුන් පූජාව දූෂණය කර ඇත්තේ ගෛසාරි හි කඩයක් පිටුපස වූ කාමරයක් තුළ දීයි. ඔවුන්ට අනුව මේ අපරාධය සැලසුම් කර ඇත්තේ එම කඩ කාමරයේ අයිතිකරු යි.
ඔවුන් ඇයව දූෂණය කිරීමෙන් අනතුරුව ඇය බරපතල ලෙස තුවාල වී සිටි නිසා ඇයට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරයෙක් පවා කැඳවා තිබුණා. ඇයට ප්‍රතිකාර කිරීම සඳහා පැමිණි වෛද්‍යවරයාට ඇති වූ සැකයක් නිසා ඔහු ඇය පිළිබඳ ප්‍රශ්න කරන්නටත්, වග කිව යුත්තෙක් නොමැතිව ප්‍රතිකාර කිරීම නොහැකි බවත් දන්වා තිබෙනවා.
"කාන්තාවකට ප්‍රතිකාර කරන්න ෂාහි කියන පුද්ගලයා එදා හවස පහට විතර ඇවිත් මට කතා කළා. මම ඒ අයගේ කඩ කාමරයට යනකොට අදාළ කාන්තාව එතැන හිටියා..."
"ඒ කෙනාගේ සෞඛ්‍ය හොඳ මට්ටමක නෙවෙයි තිබුණේ. අනික මට සැක හිතුණා. ඒ නිසා මම විස්තර කීපයක් ඇසුවා. එතකොට මේ අය කිව්වේ මේ ඉන්නේ එයාලාගේ සහෝදරියක් කියලා. සැකය නිසාම මම කිව්වා වැඩිහිටි කවුරුත් නැතිව බෙහෙත් කරන්න බෑ කියලා.."
"පස්සෙ ඒ අය මට කිව්වා දැන් මෙතන එහෙම කෙනෙක් නෑ. දොස්තර මහත්තයා යන්න අපි කවුරු හරි එක්ක මෙයාව ක්ලිනික් එකට එවන්නම් කියලා..."
වෛද්‍යවරයා මෙසේ පොලිසියට සඳහන් කර තිබෙනවා.
එසේ ඇයට ප්‍රතිකාර නොකළ තැන ඇයව ඇගේ නිවසට පිටත් කර යැවීමට දූෂකයින් කටයුතු කර තිබුණා. පොලිසිය මේ වන විට අනිකුත් සැකකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කරමින් සිටිනවා.
එරංගා මාපටුන විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියකි.