සේනානායක වේරලියද්ද යනු ගීත ලෝකයේ සිටින දැවැන්තයෙක්.
පුංචී දඟකාරියේ , සාගරය බඳු , පෙරුම් පුරාගෙන , මීන නුවන් යුග , දුක තද කරන් , වැනි ජනප්‍රිය ගීත රැසක් ගායනය කළ ඔහුගේ උපන්දිනය අද දිනට යෙදී තිබෙනවා.
අද වගේ විශේෂ දවසක ඔහුට ලැබෙන උණුසුම් සුබ පැතුම් අතර මෑත කාලයේ ජනප්‍රිය යොවුන් ගායකයෙක් වන දිමන්ක වෙල්ලාලගේ අපූරු සටහනක් සිය මුහුණු පොතේ ලියා තිබෙනවා.
"වචන වලින් ගලපන්න ගොඩාක් දේවල් තියෙනවා ඔබ ගැන
මා හට කියු දේවල් මට හැමදාම මතකයි වේරෙ අයියේ,ඔබ Next level Musician කෙනෙක් ,මහා පෞර්ශයක් හිමි Iconic Singer කෙනෙක් ,එකිනෙකට වෙනස් අතිශය පුබල ගීත ගොන්නක් අපට දුන්නු ඔබට තරුණ පරපුරේ ගායන ශිල්පියකු ලෙස කුඩා කල සිට ගොඩ නැගුණු ඒ ගෞරවය සමගම සුබම සුබ උපන් දිනයක් පතන්නෙමි ජීවිතය ගෙන වන්දනාවක යන්න සාගරය බඳු නෙවෙයි පොඩි වේදනාවක් වත් නොවී
ඒ තරම් වටිනවා ඔබව මට/අපට
Happy birthday to my all time favorite greatest
(SENANAYAKA WERALIYADDA)"