මාකුඹුරේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා දුර ගමන් සේවා බස් රථ ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළා.
මේ අතර, හෝමාගම බස් නැවතුම්පොල සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය අද(27) පොලීසිය මැදිහත්වීමෙන් විෂබීජහරණයට ලක්කෙරුණා.
ඊට එක්වෙමින් අදහස් දැක්වූ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියා සිටියේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීමට බස් රථ රියදුරන් සහ සේවකයින්ගෙන් ද මනා සහයක් ලැබිය යුතු බවයි.
මේ අතර, පොළොන්නරුව, සීගිරිය, කතරගම, ගාල්ල සහ මහනුවර ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය වන දිවයිනේ සියලුම කෞතුකාගාර නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.