Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ශ්‍රී ලංකන් Rap Girl Apziගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
යොවුන් නිරූපන ශිල්පිනී හෂිනි ගුරුගේ නවතම ඡායාරූප පෙළ
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
සුරූපී රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංගගේ තවත් සරාගී ඡායාරූප කිහිපයක් එළියට - Photos
රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, ඇගේ ආදරණීය දියණිය ස්වේතා සමඟ ගත් අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න - Photos
රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
ජනප්‍රිය නිළි ඕෂධි හිමාෂාගේ අලුත්ම වැඩක් එළියට ආ හැටි
පියුමි හංසමාලි සිය 28වන උපන්දිනය සැමරූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
Oct
27
හුදකලා කෙරුණු හැටන් නගරයේ 10කට කොරෝනා - ඊයේ හමුවූ 499 දෙනෙකු මිනුවන්ගොඩ හා පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් - 8000 සීමාවත් ඉක්මවා ගිය මෙරට කොවිඩ් අලුත්ම තත්ත්වය මෙන්න - Video

- හුදකලා කෙරුණු හැටන් නගරයේ 10කට කොරෝනා - ඊයේ හමුවූ 499 දෙනෙකු මිනුවන්ගොඩ හා පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් - 8000 සීමාවත් ඉක්මවා ගිය මෙරට කොවිඩ් අලුත්ම තත්ත්වය මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,149 Views
පොලිස් බල ප්රදේශ 64 ක් සඳහා පනවා ඇති ඇඳිරි නීතිය ක්රියාත්මක වෙන්නෙ මෙහෙමයි...
 
කැලණිය ප්රදේශයෙන් සහ ජා ඇල ප්රදේශයෙන්ද අසාදිතයන් 74 බැගින් වාර්තා වෙයි....
 
හැටන් නගරයද හුදකළා ප්රදේශයක් ලෙස ප්රකාශයට පත් කරණ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහතා පවසනවා.
 
ඒ හැටන් නගරයෙන් නව කෙවිඩ් ආසාදිතයින් දසදෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි. මේ අතර ඊයේ දිනය තුළ පමණක් කොවිඩ් 19 අසාදිතයින් 541 දෙනෙකු හඳුනා ගැණුනා.

මේ අතර, නව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්ය අසේල ගුණවර්ධන මහතා පත්කර තිබෙනවා.
ඔහු මීට පෙර කටයුතු කළේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂවරයා ලෙසයි.
 
හැටන් නගරයේ 10 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බව අද පෙරවරුවේ තහවුරු වී තිබෙනවා.
 
පැලියගොඩ මත්ස්ය වෙළඳපොලෙන් මාළු මිලදී ගෙන හැටන් මහජන පොළේ වෙළඳාම් කටයුතු වල නිරත වූ පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය වැළඳී ඇති බව පසුගිය 25 වදා පළමු වරට තහවුරු වුණා.
 
ඉන් පසුවයි එම වෙළෙන්දාගේ ආශ්රිතයින් සොයා පී.සී.ආර් පරීක්ෂණ කටයුතු සිදු කර ඇත්තේ.
 
එම ආශ්රිතයන් අතරින් වෙළෙන්දාගේ පවුලේ සාමාජිකයන් සිව් දෙනෙකුට ඔහුගේ රියදුරාට සහ හැටන් මහජන වෙළෙඳපොලේ පස්දෙනෙකු වෛරසය අසාදනය වී ඇති බව අදාළ පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙනවා.
 
ඒ අනුව අද පෙරවරුවේ හැටන් දික්ඔය නගරයේ සියළු වෙළෙඳසැගල් වසාදැමීමට නාගරික බලධාරීන් කටයුතු කළා.
 
මේ අතර කොවිඩ් 19 අසාදනය වූ පිරිසගේ අශ්රිතයන් 200 කට අසාන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.
 
උද්ගත වී ඇති තත්ත්වයත් සමඟ වහාම ක්රියාත්මක වන පරිදි හැටන් නගරය හුදකලා කිරිමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්ර සිල්වා මහතා අද පෙරවරු 9.30 ට පමණ සඳහන් කළා.
 
මේ අතර කොටගල, බගවන්තලාව සහ නෝර්වුඩ් නගරවල වෙළෙඳසල් වසා දැමීමට එම නගර වල වෙළෙඳ සංගම් තීරණය කර තිබෙනවා.
 
මේ අතර, ඊයේ දිනය තුළ මෙරටින් නව කොවිඩ් 19 ආසාදිතයින් 541 දෙනෙකු වාර්තා වුණා.
 
ඒ අතරින් 499 දෙනෙකු මිනුවන්ගොඩ හා පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්රිතයින් වන අතර 42 ක් වාර්තා වන්නේ නිරෝධායන මධ්යස්ථාන වලින්.
 
ඊයේ වාර්තා වු අසාදිතයන් අතරින් වැඩිම පිරිසක් කොළඹ නාගරික බල ප්රදේශයෙන් වාර්තා වනවා.
එම සංඛ්යාව 77 ක්.
 
කැලණිය ප්රදේශයෙන් සහ ජා ඇල ප්රදේශයෙන්ද අසාදිතයන් 74 බැගින් වාර්තා වුණා.
 
ගම්පහින් වාර්තා වූ අසාදිතයන් සංඛයාව 52 ක්.
 
ඊට අමතරව බියගම ප්රදේශයෙන්ද ඊයේ දිනය තුළ පමණක් අසාදිතන් 63 න් දෙනෙකු වාර්තා වුණා.
 
ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්ය වෙළඳපොල ආශ්රිත පොකුරුවලින් මේ වනවිට වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්යාව 4,939 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්යාව මේ වනවිට 8,413 ක් දක්වා ඉහළ ගියා.
 
සුවය ලැබූ කොවිඩ් අසාදිතයින් ගණන 3933 ක් ලෙස සටහන් වන අතර රෝහල් ගතව ප්රතිකාර ලබන සංඛ්යාව 4464 ක්.
 
මේ අතර කොවිඩ් අසාදිතයින්ගේ ආශ්රිතයින් නිරෝධායනයට ගෙන ඇති නව පියවර සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා අදහස් පළ කළා.
 
මේ අතර නිවෙස්ගත සහ සෞඛ්ය නොවන ආයතන තුල පුද්ගලයින් නිරෝධායනය සඳහා වසංගත රෝග විද්යා අංශය මගින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.
 
අදාළ මාර්ගෝපදේශ මාලාව hirunews.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට ලබා ගත හැකියි.
 
නිවෙස් තුළ නිරෝධායනය වීම සම්බන්ධයෙන් ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බව සෞඛ්ය අංශ පෙන්වා දෙනවා.
 
මේ අතර ගම්පහ දිස්ත්රික්කය ඇතුළු දිවයිනේ පොලිස් බල ප්රදේශ 64 ක් සඳහා මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
 
අද පෙරවරු 6න් අවසන් ගතවූ පැය 24 තුළ ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.
 
එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති රථවාහන සංඛ්යාව 07ක්.
 
ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ දින සිට මේ දක්වා පුද්ගලයින් 1122 කු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගෙන ඇති රථවාන සංඛ්යාව 162ක්.
 
මේ අතර, පිටකොටුව සිව්වන හරස් වීදියේ තොග වෙළෙඳසල් විවෘත කර භාණ්ඩ නිකුත් කිරීමට අවසර ලබාදී තිබුණා.
 
මේ අතර, මාකුඹුර දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දුර ගමන් බස් රථ සේවාව ක්රියාත්මක වන බව එහි ධාවන අංශයේ නියෝජ්ය සාමාන්යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළා.
ඒ අනුව, ගාල්ල, මාතර, හම්බන්තොට, තංගල්ල, ඇඹිලිපිටිය, කතරගම ආදී ප්ර දේශවලට මාකුඹුර බහුවිධ ප්රවාහන මධ්යස්ථානයේ සිට ගමන් පහසුකම් සලසාගත හැකියි.
 
මේ අතර කොළඹ නගරයට ඇතුළු වන පුද්ගලයින්ගේ ශරීර උෂ්නත්වය පරීක්ෂා කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරණ ආකාරයට අද පෙරවරුවේත් දක්නට ලැබුණා.
 
මේ අතර කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදුකරණ පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් ගෙන ඇති නව තීරණය පිළබඳව රසායනාගාර පිළිබඳ නියොජ්ය සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය ආනන්ද ජයලාල් මහතා අද පෙරවරුවේ හිරු පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් අදහස් පළ කළා.
 
කහවත්ත - මාදම්පේ ප්රදේශයේ මාළු වෙළෙන්දෙකුට කොවිඩ් 19 අසාදිත බවට තහවුරු වීමත් සමග ඔහුගේ ආශ්රිතයින් 50 දෙනෙකුගේ පී.සී.ආර් පරික්ෂණ මෙලෙස සිදු කෙරුණා.
 
අදාල ආසාදිතයාගේ තවත් ආශ්රිතයින් 220 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර ඔවුනගේ පී.සී.ආර් පරික්ෂණද සිදු කිරීමට නියමිතයි.
 
අවිස්සාවේල්ල බැලැස්කන්ද ප්රදේශයෙන් කොවිඩ් 19 අසාදිතයෙකු ඊයේ රාත්රියේ වාර්තා වීමත් සමග ඔහු අද අලුයම අම්පාර කොවිඩ් ප්රතිකාර ඒකකය වෙත යොමු කිරීමට සීතාවකපුර නගර සභාවේ මහජන සෞඛ්ය පරික්ෂකවරුන් පියවර ගත්තා.
 
පෑළියගොඩ මාළු වෙළෙදපොළට ගොස් ඇති අදාල පුද්ගලයා මාළු වෙළෙන්දක් වන අතර ඔහු සමග සමීප සබඳතා පැවැත්වූ ප්ර දේශයේ පවුල් 09ක පුද්ගලයින්ද ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.
 
මේ අතර රත්මලාන ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවක කරන විධායක නිළධාරිනියකට කොවිඩ් අසාදිත බවට තහවුරු කර ගැනීමත් සමග ඇය මාළඹේ නෙවිල් ප්රනාන්දු රෝහලේ පිහිටි කොවිඩ් ප්රථිකාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.
 
කොළඹ වරාය තටාංගනයේ සේවය කරන ඇගේ සැමියාටද මීට පෙර කොවිඩ් 19 ආසාදිත බවට තහවුර කර ගැනුණු අතර මොවුන් දෙදෙනා කහතුඩුව - පොල්ගස්ඕවිට ප්ර දේශයේ පදිංචි කරුවන්.
 
අදාල කාන්තාව සේවය කරන ඇගලුම් කර්මාන්තශාලාවේ 50 දෙනෙකු සහ ඇගේ ආශ්රිත පවුල් කිහිපයක් පිරිස්ද ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.
 
පොළොන්නරුව රෝහලේ 21 වන වාට්ටුවේ ප්රතිකාර ලබමින් සිටියදී ස්වයං නිරෝධායනයට යොමු කල 71 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
 
බකමූණ පළමුවන දියවර ප්රදේශයේ පදිංචි මෙම කාන්තාව අංශබාග රෝගයට ප්රතිකාර ලබා ගැනීම සඳහා පසුගිය 13 වැනිදා පොළොන්නරුව මහ රෝහලේ 21 වන වාට්ටුවට ඇතුලත් කර සිටි අතර විටි එම වාට්ටුවේම ප්රතිකාර ලැබූ කාන්තාවකට කොවිඩ් 19 වැළදී ඇරති බවට තහවුරු කර ගැණුනා.
 
අනතුරුව අදාල වාට්ටුවේ සේවය කල වෛද්යවරුන් නිරෝධායනටත් රෝගීන් නිවෙස්තුල ස්වයං නිරෝධායනයටත් යොමුකෙරුණා.
 
එලෙස ස්වයං නිරෝධායනයට ලක් වෙමින් සිටි අදාල කාන්තාව ඊයේ සවස ජීවිතක්ෂයට පත් වූ අතර ඇගේ අවසන් කටයුතු කොවිඩ් 19 ජාත්යන්තර නීතීන් වලට අනුකූලට බකමූණ අදාහනාගාරයේදී සිදු කෙරුණා.
 
පොළොන්නරුව රෝහලේ 21 වන වාට්ටුවේ ප්රතිකාර ලබමින් සිට ස්වයං නිරෝධානයනයට ලක් වූ කාන්තාවන් දෙදෙනෙකු දින 9ක් ඇතුලත මෙලෙස ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
 
තංගල්ල ධීවර වරායේ මසුන් මිලදී ගැනීම සඳහා වෙළෙදුන් සහ ජනතාවගේ පැමිණීමේ අඩුවක් පවතින බැවින් මාළු මිල පහත බැස ඇති බවට ධීවරයින් චෝදනා කරනවා.
 
කෙසේ වෙතත් අදාල ධීවර වරායේ ඇතැම් ධීවරයින් සෞඛ්ය මාර්ගෝපදේශ නොතකමින් හැසිරෙන ආකාරයද දක්නට ලැබුණා.
 
මේ අතර , ගාල්ල නීතීඥ සංගමය,අධිකරණ විනිසුරුවරුන් සහ සෞඛ්ය අංශ එක්ව පැවැත්වූ සාක්ච්ඡාවකින් අනතුරුව ගාල්ල නගරයේ සියළු අධිකරණවල නඩු විභාග කිරීම ලබන 30 වැනිදා දක්වා කල් දමා තිබෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top