Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
27
“...උපනන්ද මධූෂ්ට ශාරීරිකවත් හිරිහැර කළා.. අපි ඒ මිනිස්සුන්ට කිව්වා, අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න කියලා…” - ඩුබායි රාජ්‍යයේ ඉඳන් ඝාතන රැසක් සිදු කරමින්, දියණියගේ උපන්දිනයදා වැඩ වරද්දාගත් මාකඳුරේ මධූෂ් ගැන, බිරිඳ ගයානි, මුල්වරට හෙළි කළ කතාව - Video & Photos

- “...උපනන්ද මධූෂ්ට ශාරීරිකවත් හිරිහැර කළා.. අපි ඒ මිනිස්සුන්ට කිව්වා, අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න කියලා…” - ඩුබායි රාජ්‍යයේ ඉඳන් ඝාතන රැසක් සිදු කරමින්, දියණියගේ උපන්දිනයදා වැඩ වරද්දාගත් මාකඳුරේ මධූෂ් ගැන, බිරිඳ ගයානි, මුල්වරට හෙළි කළ කතාව - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

66 Views
“මධුෂ් මට කතා කළා වෙනත් ප්රදේශයකට ගිහින් ජීවත්වෙමු කියලා. ඒත් මං කැමැති වුණේ නෑ…”
 
“එහෙම ඉන්න ඉන්න ඒ අය අපිට නොසෑහෙන්න කරදර කළා…”
 
“ඔවුන් සමඟ සියලු ගැටුම් ඇති වුණේ ඉඩම් ප්රශ්නවලට…”
 
පාතාලයේ 'ගෝඩ් ෆාදර්' වීමට සිහින මැවූ සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් නමැති සංවිධානාත්මක අපරාධකරු පිළිබඳ පසුගිය කාලයේ කෙතරම් කතාබහට ලක්වූයේද කිවහොත් පසුගිය වසරේ පෙබරවාරි 04 වැනිදා මධ්යම රාත්රියේදී ඔහු ඩුබායි පොලිසියට හසුව ගතවූ පළමු දින සියය තුළ පමණක් මෙරට සියලු මාධ්යයන්හි මධුෂ්ගේ නාමය විසිහය දහස් වරකට වඩා සඳහන්ව තිබූ බව සමීක්ෂණයකින් හෙළි වූ බව නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඒ දිනවල 'සිළුමිණ'ට කීවේය.

පාතාල නායකයෙක් ලෙස වැජඹෙමින් ඉකුත් කාලයේ ඩුබායි සිට මත්ද්රව්ය ජාවාරම්හි නිරත වෙමින්, කොල්ලකෑම්, මිනිස් ඝාතන සිදු කළ මධුෂ්, ඩුබායි පොලිසියට කොටුවීමට පෙර අති සුඛෝපභෝගි දිවියක් ගත කළේය.
දේශපාලඥයන්, පොලිස් නිලධාරින් සමඟද සමීප සබඳතා ගොඩනඟාගෙන සිටි බව පැවසුණු මධුෂ්ගේ 'ගමන' පසුගිය අඟහරුවාදා (20දා) අලුයම 3.15ට පමණ අවසන් වූයේ 'අවි ගත්තෝ අවියෙන්ම නැසෙන බව' මනා ලෙස පසක් කරමිනි.
 
1979 පෙබරවාරි 24 වැනිදා මාකඳුරේ මධුෂ් උපන්නෙ කඹුරුපිටිය, ගතාර, මානපානාවත්ත ප්රදේශයේදීයි. මධුෂ්ගේ මව වන මාලනි සමරසිංහගේ ගම් ප්රදේශය වන කඹුරුපිටිය වන අතර මධුෂ්ගේ පියා සමරසිංහ ආරච්චිගේ ලක්ෂ්මන්ය.
 
හරිහමන් රැකියාවක් නොකළ හෙතෙම හම්බන්තොට, සූරියවැව අයෙකි. මධුෂ්ට, නිරෝෂන් ලක්ෂිත නමැති බාල සහෝදරයෙක් සහ මධුෂලා ලක්ෂිනි නමැති වැඩිමහල් සොහොයුරියක්ද විය.
 
මධුෂ්ගේ මව 1989 ජුලි 27 වැනිදා කඹුරුපිටිය, ගතාරේ එවකට කැරැලිකාර ජවිපෙ පැවැත්වූ රැස්වීමකට සහභාගි වී සිටියදී ආරක්ෂක අංශ කළ වෙඩි ප්රහාරයකින් තවත් පුද්ගලයකු සමඟ මරණයට පත්වූවාය.
 
ඒ වන විට දසවැනි වියෙහි පසුවූ මධුෂ් සහ සෙසු දරුවන් දෙදෙනා ආච්චි අම්මාගේ සහ මධුෂ්ගේ මවගේ නැඟණිය වන මල්ලිකා සමරසිංහ සෙවණේ හැදී වැඩුණහ. ඒ අතර මධුෂ්ගේ පියා එම ප්රදේශයේම වෙනත් කාන්තාවක් හා විවාහ වීමෙන් පසු මධුෂ්ලාට පිය සෙනෙහසද අහිමි විය.
 
කඹුරුපිටිය මහ විදුහලෙන් සහ කඹුරුපිටිය, නාරන්දෙණිය මධ්ය මහා විද්යාලයෙන් අධ්යාපනය ලැබූ මධුෂ් අපොස සාමාන්ය පෙළ ඉහළින්ම සමත්ව තිබුණද පවුලේ අගහිඟකම් වැඩිදුර අධ්යාපනයට බාධාවක් විය.
 
කඩවසම් තරුණයකු වූ මධුෂ් ඔහු සමඟ එකම පාසලේ සිප්සතර හැදෑරු ගයානි මුතුමාලි සමඟ පෙම පලහිලව්වක් ඇතිකර ගත්තද ඊට ගයානිගේ මවුපියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. එහෙත් 1998 දී විවාහ වන ඔවුන් විවාහයෙන් පසු මධුෂ්ලාගේ ගතාරේ නිවෙසේ විසුවද පසුව ගයානිගේ මවුපියන්ගේ ආශිර්වාදය හිමි වීම නිසා ඇයගේ නිවෙසට ගොස් විසූහ.
 
මධුෂ්ගේ සහ ගයානිගේ එකම පුතු සිතුම් 2001 වසරේදී මෙලොව එළිය දුටුවේය. යම් ආබාධිත තත්ත්වයකින් පෙළුණද එම දරුවාට මධුෂ් පණ මෙන් ආදරය කළේය.
 
මුල් කාලයේ මධුෂ් ලී ඉරීම, බස් රියැදුරු, මෝටර් රථ අලුත්වැඩියා කිරීම ආදී නොයෙක් රැකියාවල නිරතව ඇත. මධුෂ්ට සහ ඔහුගේ බිරියට පළාතේ දේශපාලන හිතවතකුගේ උපකාරයෙන් රෝහල් උපාස්ථායක රැකියාවන් හිමිවුවද කෙටි කලකින් දෙදෙනාම එම රැකියාවලින් ඉවත් වී ඇත.
 
ඒ කාලය වන විට මධුෂ් කඹුරුපිටිය ප්රදේශයේ ඇතැම් රස්තියාදුකාර කල්ලි හරහා කප්පම් ගැනීම් ඇතුළු 'ජඩ' වැඩවලටද එක්ව සිටියේය. මුලින් කඹුරුපිටියේ මධුෂ් නමින් ප්රකට වූ ඔහුගේ නාමය මුලින්ම පොලිස් පොතේ සටහන්ව තිබුණේද 1999 වසරේ ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් ළඟ තබාගැනීම හේතුවෙන් මාවරල පොලිසියේයි.
එසේම ඇතැම් දේශපාලකයන්ගේ තුප්පහි 'වැඩ'වලටද මධුෂ් ඒ සමය වන විට විටින් විට එක්වෙමින් සිටියේය. මධුෂ් එවකට දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිව සිටි වාමාංශික දේශපාලනඥයකු වූ ඩැනි හිත්තැටියගේගේ ඥාතින් සමඟද ගැටුමකට මුල පිරිණි. ඒ පිළිබඳ මධුෂ්ගේ බිරිය ගයානි පොලිසියට පවසා තිබුණේ මෙසේය.
 
"ඩැනී හිත්තැටියගේ අපේ ඥාතින්… ඔවුන් සමඟ සියලු ගැටුම් ඇති වුණේ ඉඩම් ප්රශ්නවලට… අපි ඒ මිනිස්සුන්ට බොහෝ සේ කීවා අපට අපේ පාඩුවේ ඉන්න දෙන්න කියලා… ඒ කාලෙ මධුෂ් ඒ අයව මඟහැරලමයි හිටියේ… එහෙම ඉන්න ඉන්න ඒ අය අපිට නොසෑහෙන්න කරදර කළා… ඔහුගේ මස්සිනා උපනන්ද මධුෂ්ට ශාරීරිකවත් හිරිහැර කළා.මධුෂ් මට කතා කළා වෙනත් ප්රදේශයකට ගිහින් ජීවත්වෙමු කියලා. ඒත් මං කැමැති වුණේ නෑ…"
 
ඩැනි හිත්තැටියගේගේ මස්සිනා වූ උපනන්ද 2004 ජුලි17 වැනි දින මධුෂ් විසින් වෙඩි තබා ඝාතනය කළද මාවරල පොලිසියෙන් අධිකරණයට කරුණු කීවත් සාක්ෂි කිසිවක් නොමැති හෙයින් මධුෂ් ඉන් ගැලවිණ.
 
කඹුරුපිටිය ප්රදේශයෙන් පලාවිත් මීගමුව ප්රදේශයේදී 2005 මැයි 11 සහ මැයි 30 වැනිදා පෞද්ගලික බැංකුවක් සහ තවත් ආයතනයක් කොල්ලකෑම නිසාවෙන් පොලිසියට අත්යවශ්යව සිටි අපරාධකාරයෙක් ලෙස මධුෂ් පිළිබඳව රටපුරා පොලිස් පොත්වල සටහන් වීම ඇරැඹිණි.
 
ඒ අනුව 2005 ජුලි 25 වැනිදා මධුෂ් වාරියපොළ ප්රදේශයේ ගල් ගුහාවක ගිනිඅවි දෙකක් සමඟ සැඟවි සිටියදී එවකට රට තුළ ප්රබල ලෙස අපරාධකාරයන් පසුපස හඹා ගිය පොලිස් ඒකකයක් වූ පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන ඒකකය මඟින් මධුෂ් අත්අඩංගුවට ගැනිණි.
 
එවක එම ඒකකය බාරව සිටියේ වත්මන් නියෝජ්ය පොලිස්පති ප්රියන්ත ජයකොඩිය.මීගමුව බන්ධනාගාරයේ සිටි සිටි මධුෂ් සිය පරම සතුරා වූ ඩැනි හිත්තැටියගේ 2006 ජුනි 11 වැනි දින පොසොන් පෝදා සුනිල් ප්රේමරත්න හෙවත් තනි ඇටයා සහ මධුෂ්ගේ ඥාති සහෝදරයෙක් වූ හර්ෂ යසස් යොදවා ඝාතනය කෙරිණි.
 
ඒ අතරේ මධුෂ්ගේ එකම සහෝදරයා වූ නිරෝෂන ලක්ෂිත 2009 ජූලි 29 වැනි දින මධුෂ් බන්ධනාගාරගතව සිටියදී නාඳුනන පිරිසක් විසින් තිහගොඩ පොලිස් වසමේදී වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ මධුෂ්ගේ ජීවිතය තව තවත් අපරාධ ලෝකයට විවර කෙරිණි.
 
වසර හයක පමණ කාලයක් බන්ධනාගාරගතව සිටි මධුෂ් එල්ටීටීඊ ත්රස්තවාදීන් හා එක්ව හම්බන්තොට ප්රදේශයේදී මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට තැත් කිරීමක් පිළිබඳව ත්රස්ත විමර්ශන කොට්ඨාසය බාරයට ගෙන වසර දෙකක පමණ කාලයක් රඳවාගෙන ප්රශ්න කෙරිණි.
 
අවසන ඒ පිළිබඳ කිසිවක් මධුෂ්ගෙන් තොරතුරු හෙළි නොවීමත් සමඟ නැවතත් බන්ධනාගාර කෙරිණි. බන්ධනාගාරගතව ගතව වසර ගණනාවක් සිටි මුල් කාලයේ පාතාල ලෝකයේ එතරම් 'පොරක්' නොවූ මධුෂ්ට බන්ධනාගාරයේ ගෙවුණු අවසන් කාලයේදී පාතාලයේ ප්රබලයන් රැසක්ම හඳුනා ගැනීමට හැකි විණි.
 
ඒ අතරේ මුස්ලිම් පාතාලයේ නායකයන් වූ මාමස්මි, මංජල් අක්රම්, ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවකු වන සිද්දික් වැන්නන් ඇසුරේ හැදිවැඩුණු කංජිපාන ඉම්රාන් දැන හඳුනා ගැනීමෙන් මධුෂ්ටද මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරමට අත ගැසීමට මහඟු අවස්ථාවක් සැලැසිණි.
 
මධුෂ්ට පෙර කංජිපාන ඉම්රාන් බන්ධනාගාරයෙන් ඇප මත නිදහස්ව පැමිණ ඩුබායි වෙත ගොස් තිබුණේ මෙරට සිටීම ඇඟට ගුණ නොවන බව දත් නිසාවෙනි. 2014දී මධුෂ්ටද බන්ධනාගාරයෙන් ඇප මත නිදහස ලැබීමට අවකාශ තිබුණත් ඔහු 2015 යහපාලන ආණ්ඩුව පැමිණෙන තෙක්ම බන්ධනාගාරයෙන් එළියට පැමිණියේ නැත.

බන්ධනාගාරයෙන් පැමිණි මධුෂ්ට, ඒ වන විට ඩුබායිහි සිටි කංජිපාන පවසා ඇත්තේ ඩුබායි වෙත පැමිණෙන ලෙසයි. ඒ, කංජිපාන, මධුෂ් 'වැඩ්ඩෙ'ක් ලෙස හඳුනාගෙන සිටි හෙයිනි. පසුව අජිත් එරංග වර්ණකුලසූරිය නමින් ව්යාජ ගමන් බලපත්රයක් සාදවා මධුෂ්, ඩුබායි ගොස් තිබිණි.
 
අනතුරුව කංජිපාන සමඟ ඩුබායිහි මොරාටාබාද් ප්රදේශයේ යාබද නිවෙස් දෙකක දෙදෙනා ජීවත් විණි. කංජිපාන ඔහුගේ නිත්යානුකූල බිරිය රිනේෂා මෙරට තනිකොට මංජල් අක්රම්ගේ බිරිය දුල්ෆාරා සමඟත් මධුෂ් , 2012 වැලිකඩ ගැටුමෙන් මියගිය ඔහුගේ අතිජාත මිත්රයකු වූ කළු තුෂාරගේ බිරිය තිළිණි නිශායා සහ ඇගේ දරුවා ඩුබායි වෙත කැඳවාගෙන ගොස් එහි ජීවත් විය.
 
මධුෂ් විසින් ඩුබායි සිට මෙහෙයවමින් සිදුකළ ප්රධානතම අපරාධ අතර 2017 පෙබරවාරි 27 වැනි දින අංගොඩ ලොක්කා සහ අතුරුගිරියේ ලඩියා ලවා කළුතර, එතනමඩලදී බන්ධනාගාර බස්රථයට ප්රහාරයක් දියත්කොට රණාලේ සමයං ඇතුළු හත්දෙනෙකු ඝාතනය, 2017 මැයි 09 වැනි දින පිළියන්දලදී නාකොටික්හි සිටි අතිදක්ෂ නිලධාරියෙකු වූ පොලිස් පරීක්ෂක රංගජීවට වෙඩි ප්රහාරයක් එල්ල කරමින් රංගජීව බරපතළ තුවාල ලබද්දී නාකොටික්හි අබේවික්රම නිලධාරියා සහ අසල වෙළඳසලක සිටි 11 හැවිරිදි දියණියක් නිරපරාදේ ඝාතනය කිරීම අහස පොළොව නුහුලන අපරාධ ලෙස සැලැකිණි.
 
මධුෂ් විසින් මෙහෙයවා සිදු කළ ම්ලේච්ඡතම අපරාධය ශාන්ත කුමාර හෙවත් කොස් මල්ලි නමැත්තා 2018 මාර්තු 07 වැනි දින අඟුණකොළපැලැස්සේදි රැයක් පුරා දස වද දී ඝාතනය කොට හිස කොටස කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල බණ්ඩාරනායක මාවතට ගෙනැවිත් දැමීමයි.
 
පසුගිය කාලයේ කොළඹ ජම්පටා වීදිය ප්රදේශ මූලික කරගෙන කුඩු සෙල්විගේ දරුවන් සහ පුකුඩුකන්නා, බුම්මා පාර්ශ්වය අතර වූ මිනිස් ඝාතන සඳහා කුඩු සෙල්විගේ දරුවන්ට අවැසි වෙඩික්කරුවන් ලබා දී තිබුණේ මධුෂ් විසිනි. ඒ කංජිපානගේ ඉල්ලීම් මතයි.
 
මධුෂ් කංජිපානගේ මත්කුඩු ජාවාරමට එක්ව මෙරට සිටි ඔහුගේ ගෝලයන් 200කට ආසන්න පිරිස සමඟ මත්ද්රව්ය රටපුරා බෙදාහරිමින් ජාවාරම ජයටම කරගෙන ගොස් තිබිණි. තවද ඩුබායි සිට සිය ගෝලයන් මෙහෙයවා මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක්ම ඔහු විසින් සිදු කෙරිණි.
 
මධුෂ් ඩුබායි සිටි සමයේ කීප වරක් හොර රහසේ මෙරටට ආගිය බවටද වාර්තා විණි. ඔහුගේ ආච්චිගේ අවමංගල්යයට සහ දේශපාලනඥයකුගේ පුත්රයකුගේ විවාහ උත්සවයකට පැමිණ ගිය බවත් ඒ සෑම අවස්ථාවකදීම මධුෂ්ට රැකවරණ දී ඇත්තේ දේශපාලනඥයන් බවද පැවසේ. මධුෂ් ඩුබායි පොලිසියට හසුවීමට කලකට පෙර විරුද්ද කණ්ඩායමක් මෙරටට එවූ හෙරොයින් කිලෝග්රෑම් 130 ප්රමාණයක් කොල්ලකා විකුණමින් කෝටි 40ක පමණ මුදල් කන්දරාවක් තමන් උපයාගත් බව පසුව පොලිසියට කියා තිබිණි.
 
ඉන් ඔහු ඩුබායිහි කාමර පනහකට අධික හෝටලයක්ද මිලට ගෙන තිබුණේ ඉන්දියානු ජාතිකයකු සමඟ එක්වයි. ඩුබායිහි මධුෂ් විසූ ප්රදේශයේ පොලිස් ප්රධානියාද ළඟින් ඇසුරු කළ මධුෂ් ඔහුගේ ජීප් රථයද වෙන්දේසියකින් මිලට ගෙන පාවිච්චි කර තිබුණේ ප්රභූ පුද්ගලයකු විලසින් එරට ජීවිකාව ගත කරමිනි.
 
මධුෂ් සිදු කළ තවත් විශාලතම කොල්ලයක් වන්නෙ 2018 නොවැම්බර් 05 වැනිදා ඇරැව්වල, මැණික් ව්යාපාරිකයෙකු සතුව තිබූ කෝටි 700ක් වටිනා දියමන්තිය කොල්ල කෑමයි.
 
ඩුබායි සිට මෙහෙයවා මෙරට සිටි ඔහුගේ ප්රධානතම ගෝලයෙක් වූ පිටිගල කැවුමා සහ මාතර මල්ලි ඇතුළු කණ්ඩායමක් යොදවා මධුෂ් එම කොල්ලය සිදු කර තිබිණි.
 
මධුෂ් පිළිබඳව සමාජයේ බොහෝ කතාබහට ලක්වූ තවත් අවස්ථාවක් වූයේ ඔහුගේ පියාගේ අවමංගල්යයයි. 2018 ඔක්තෝබර් 28 දින වස්කඩුවේදී වූ රිය අනතුරකින් මියගිය මධුෂ්ගේ පියා, ලක්ෂ්මන් ජීවත්ව සිටියදී මධුෂ් ඔහු පිළිබඳව කිසිදු ලෙසකින් සොයා බලා තිබුණේ නැත.
 
එහෙත් ඔහුගේ අවමංගල්යය 24 පැයේම ඩ්රෝන කැමරා යොදා ගනිමින් වීඩියෝගත කරමින් හෙලිකොප්ටර් යානාවක් යොදා මල් වරුසා පතිත කරමින් බුහුමන් දැක්වූයේ ඔහුගේ තරම ලෝකයාට පෙන්වීමට මිස තිබූ පිය සෙනෙහසට නොවන බව නම් පැහැදිලිය.
 
ගිය වසරේදී මධුෂ් ඩුබායි පොලිසියට කොටුවූයේ ඔහුට සහ තිලිණිට දාව උපන් දැරියගේ පළමු උපන් දින සාදය ජුමෙයිරා බීච් හෝටලයේ පැවැති මොහොතේයි.
 
මාකඳුරේ මධුෂ් ඩුබායි අත්අඩංගුවේ සිට මෙරටට පිටුවහල් කිරීමත් සමඟ සීඅයිඩී සහ සීසීඩී අත්අඩංගුවේ සිටියදී හෙළි කර ඇති නම්ගම් දේශපාලනඥයන් හා පොලිස් නිලධාරින් රැසක්ද වන බව පැවසේ.
 
මධුෂ් හෙළිකළ අයවලුන් පිළිබඳව විමර්ශන සිදු කිරීම පොලිසියේ වගකීම වන අතරම මධුෂ්ගේ මරණය පිළිබඳව නොයෙක් කතාන්දර සමාජය තුළ සිදුවෙද්දී මධුෂ් යනු පොලිස් අත්අඩංගුවේ සිටියදී ඝාතනය වූ පළමු සහ එකම පුද්ගලයාද නොවන වගද පසක් කර සිටිමු.
 
එසේම මොන තරම් සුර සැප, කම් සැප වින්දද අවසානයේ අපරාධකාරයන්ට අත්වන්නෙ කෙබඳු ඉරණමක්ද යන්න මධුෂ්ගේ කතාන්දරයෙන් මනා සේ ගම්ය වන බවක්ද පෙනේ.
 
අමිල මලවිසූරිය
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "සිළුමිණ" පුවත්පතෙන්.








 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top