ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 261 දෙනෙකු හමුවී තිබෙනවා.
ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරෙන් මේවන විට හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4939ක්.
මෙම ආසාදිතයන් 261ත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 8413ක් දක්වා ඉහළ යනවා.
ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 4464ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලැබූ 3933ක් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 16ක්.