Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ශ්‍රී ලංකන් Rap Girl Apziගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
යොවුන් නිරූපන ශිල්පිනී හෂිනි ගුරුගේ නවතම ඡායාරූප පෙළ
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
සුරූපී රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංගගේ තවත් සරාගී ඡායාරූප කිහිපයක් එළියට - Photos
රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, ඇගේ ආදරණීය දියණිය ස්වේතා සමඟ ගත් අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න - Photos
රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
ජනප්‍රිය නිළි ඕෂධි හිමාෂාගේ අලුත්ම වැඩක් එළියට ආ හැටි
පියුමි හංසමාලි සිය 28වන උපන්දිනය සැමරූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
Oct
26
මෙරට 16 වැනි කොවිඩ් මරණය වාර්තා කරමින් ඊයේ අලුයම් කාලයේ මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකෙරුනේ මෙහෙමයි - මියගිය පුද්ගලයාගේ ඥාතියෙක් කියූ කතාව - Video

- මෙරට 16 වැනි කොවිඩ් මරණය වාර්තා කරමින් ඊයේ අලුයම් කාලයේ මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකෙරුනේ මෙහෙමයි - මියගිය පුද්ගලයාගේ ඥාතියෙක් කියූ කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,371 Views
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන ළමුන් 7 දෙනෙකුට සහ මවුවරුන් තිදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.
 
මේ අතර මෙරට 16 වන කොවිඩ් මරණය ඊයේ වාර්තා වුණා.
 
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවන්නේ පවතින තත්ත්වය හමුවේ නිවැරදි තීරණ කඩිනමින් නොගතහොත් ඉදිරි දෙමස ඇතුළත කොවිඩ් මරණ සංඛ්‍යාව බෙහෙවින් ඉහළ යාහැකි බවයි.
 
මේ අතර තවත් කොවිඩ් 19 ආසාදිතයින් 280 දෙනෙක් හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අතුරින් ආසාදිතයින් 265 දෙනෙකුම දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරේ ආසාදිතයින් වනවා.
 
සෙසු 15 දෙනා හඳුනාගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලින්.
 
ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8152ක් දක්වා ඉහළයනවා.
 
මෙරට 16 වැනි කොවිඩ් මරණය වාර්තා කරමින් ඊයේ අලුයම් කාලයේ මියගිය පුද්ගලයා රෝහල් ගත කර තිබුණේ පසුගිය 23 වැනිදායි. 
 
රුධිරයට විෂබීජයක් ඇතුළුවීම හේතුවෙන් ඇති වූ සංකූලතා මත ඔහු රෝහල් ගතකර තිබූ අතර එම සංකූලතා හේතුවෙන් මියගොස් තිබුණා.
 
ඒ ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී.
 
අනතුරුව ඔහු කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු කරගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.
 
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙක්.
 
ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ දේහය අද පස්වරුවේ කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ සිට රැගෙන යාමට කටයුතු කළ අතර එම ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැමිණ සිටියා. 
 
අනතුරුව ජාත්‍යන්තර නිරෝධායන නීතිවලට අනුව බොරැල්ල කනත්තේ දී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණා.  
 
මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ නිවැරදි තීරණ කඩිනමින් ගතයුතු බවයි.
 
මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 7,872 ක් ලෙස සටහන් වනවා.
 
ආසාදිතයන් 351 දෙනෙකු ඊයේ වාර්තා වූ අතර ඉන් 36 ක් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින පුද්ගලයින් වන අතර, 312 දෙනෙකු මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින්.
 
සුවය ලැබූ ගණන  3933ක් ලෙස සටහන් වන අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 3923ක්.
 
මේ ඊයේ දිනය වන විට මෙරටින් කොවිඩ් 19 රෝගීන් වාර්තා වී තිබූ ආකාරයයි.
 
ඒ අනුව වැඩිම අසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවන ගම්පහ දිස්ත්‍රික්කයේ පැතිරීම මෙලෙස දැක්විය හැකියි.
 
කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් අසාදිතයින් වාර්තා වීම මෙලෙස සටහන් වූ අතර කළුතර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් වාර්තා වීම මෙලෙස සටහන් වුණා.
 
මේ අතර මූලාශ්‍ර තහවුරු කර ගැනීමට නොහැකි රෝගීන් මේ වන විට වාර්තා වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමය පවසනවා.
 
සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ දෛනිකව සිදු කරණ පී.සී.ආර් පරීතක්ෂණ ප්‍රමාණය මේ වනවිට උපරිමයට ළඟා වී ඇති බවයි. 
 
මේ අතර, ඊයේ වාර්තා වූ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත ආසාදිතයින් 312 දෙනා අතරින් 159ක් කොළඹින් වාර්තා වන අතර, මහර ප්‍රදේශයෙන් අසාදිතයන් 55ක් වාර්තාවී තිබෙනවා.
 
මට්ටක්කුලියෙන් වාර්තාවන අසාදිතයන් සංඛ්‍යාව 32 ක්.
 
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත පොකුරුවලින් මේ වනවිට වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4,397 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහළේ ප්‍රතිකාර ලබන ළමුන් 7 දෙනෙකුට සහ මව්වරුන් තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය වැළදී ඇති බව තහවුරු වී තිබෙනවා.
 
මේ අතර අද සහ හෙට  පාර්ලිමේන්තුව වසා තැබෙන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා පවසනවා.
 
ඒ පාර්ලිමේන්තු පරිශ්‍රය පූර්ණ විෂබීජහරණ ක්‍රියාවලියකට ලක් කිරීම සඳහායි.
 
පොලිස් පාර්ලිමේන්තු කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන විශේෂ බුද්ධි ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ් 19  වෛරසය ආසාදනය වී ඇති බව මීට පෙර තහවුරු වුණා.
 
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ උප පොලිස් පරීක්ෂකවරයා මාළු මිලදී ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල වෙත ගොස් ඇති බවයි.
 
මේ අතර ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමකට කොවිඩ් වෛරසය වැලඳී ඇති බව තහවුරු වී තිබෙනවා.
 
ඒ සමඟම රාජගිරිය, කැලණිය සහ කළුබෝවිල පිහිටි විශේෂ කාර්ය බලකා කඳවුරැ වලින් ප්‍රභූ ආරක්ෂක රාජකාරී සඳහා අනුයුක්ත කර සිටි නිලධාරීන් නැවත කැඳවා එම කඳවුරු හුදකළා කිරීමට පියවර ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.‍
 
මුළුතැන්ගෙය සඳහා මාළු ලබාගැනීමට පෑලියගොඩ මාළු වෙළෙඳ පොළට යාමෙන් ඔවුන්ට වෛරසය වැළඳී ඇති බවටයි සැක පළ වන්නේ.
 
කොවිඩ් 19 අවදානම හේතුවෙන් තාවකාලිකව සේවා කටයුතු නවතා තිබු ගාල්ල, කොස්ගොඩ පොලිස් ස්ථානයේ කටයුතු විෂබීජහරණය කිරීමෙන් අනතුරුව ඊයේ රාත්‍රියේ යළි ආරම්භ කළා.
 
අදාළ පොලිස්  ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිත වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගැනීම හේතුවෙන් එම පොලිස් ස්ථානයේ කටයුතු ඊයේ  තාවාකලිකව අත්හිටුවා තිබුණා.  
 
පොලිස් ස්ථානයේ නිලධාරින් අට දෙනෙකු හබරාදුව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙතත්, පොලිස් ස්ථානාධිපතිවරයාද ඇතුළු සෙසු නිලධාරීන් 46 දෙනෙකු ඔවුන්ගේ නිවෙස්වලත්  නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා..
 
දෙහිඕවිට සෞක්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයට අයත් ගම්මාන කිහිපයක පදිංචි  පුද්ගලයින් 08 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් 07 දෙනෙකු කාන්තන්කුඩි නිරෝධායන මද්‍යස්තානයටත් අනෙක් පුද්ගලයා මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලටත් පිටත්කර හැරුණා.
 
මෙම ආසාධිතයින් පසුගිය දින කිහිපය තුළ දෙහිදුව සහ තල්දුව යන  නගර ආශ්‍රිතව ව්‍යාපාර කටයුතු සිදුකර ඇති බැවින් එම නගර සදහා මේවනවිට දැඩි සංචරණ සිමා පනවා තිබෙන බව අප වාර්තාකරු සදහන් කළා.
 
කළුතර උතුර සහ කළුතර දකුණ යන ප්‍රදේශවල පෙරේදා සිදුකල PCR   පරීක්ෂණ 60ක  ප්‍රතිපල වාර්තා ඊයේ පස්වරුවේ ලැබී ඇති අතර ඒ අතරින් පෑලිටගොඩ මාළු වෙළෙඳපොලය ගිය 10දෙනෙකුට කොවිඩ් -  19 වෛරසය ආසාධනය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.
 
මේ අතර රත්නපුර ගිලීමලේ ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකුට සහ ඔහුගේ පවුලේ තවත් තිදෙනකුටද වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරුවී ඇති අතර 
 
පෑලියගොඩ මාළු වෙළදපලෙන් මාළු රැගෙනවිත් වෙළදාමේ යෙදෙන  කුරුණෑගල  - අඹන්පොල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයින් දෙදෙනෙකුටත් කොවිඩ් - 19 ආසාධනය වී තිබෙනවා.
 
හම්බන්තොට ධිවර වාරයේ ධිවරයින් දෙදෙනෙකුට  කොවිඩ් - 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් හම්බන්තොට ධිවර වරායට සහ හම්බන්තොට නගරයට ඇතුල්වීමේදී දැඩි සංචරණ සිමා පනවා ඇති බව අප වාර්තාකරු සදහන් කළා.
 
බේරුවල ධීවර වරායේ යාත්‍රා තුළ මුදා නොහැරුණු මාළු කිලෝ ග්‍රෑම් ලක්ෂ 5කට ආසන්න තොගයක් රැගෙන යාමට අද පෙරවරුවේ ධීවර යාත්‍රා හිමියන් පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
ඒ, එම මාළු තොග අදත් මුදා නොහැරීම හේතුවෙන්.
 
පසුව බේරුවල ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේ මෑතකදී කරන ලද PCR පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් වරාය පරිශ්‍රයට කිසිවෙකුටත් ඇතුළුවීමට ඉඩදිය නොහැකි බවයි.
 
ධීවරයින් මුහුණ දී ඇති ගැටළුකාරී තත්ත්වය විෂය භාර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා අදහස් පළ කළා.
 
මේ අතර පෑලියගොඩ මාළු වෙළෙඳපොළෙන් මාළු රැගෙන විත් අලෙවි කළ කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ පහළොස් දෙනකුට කොවිඩ් 19  ආසාදිත බව හඳුනා ගැනීමත් සමග ඔවුන් ආ ගිය බව පැවසෙන නිවාස 50ක් සහ ආශ්‍රිතයින් 250 කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවර ගෙන තිබෙනවා.
 
මේ අතර හොරණ  - කිරිවත්තුඩුව - තාරකා සෙවණ ප්‍රදේශයේ නිවාස 18 ස්වයං නිරෝධායනයට යොමු කර සිටි පිරිසකට PCR පරීක්ෂණ සඳහා කිලෝමීටර් 14 ක් පමණ දුරින් පිහිටි හොරණ ප්‍රදේශයට පැමිණෙන ලෙස දැනුම් දි ඇති පුවතක් වාර්තා වනවා.
 
ඒ අනුව එම නිවාස වල වෙසෙන පිරිස් විවිධ ප්‍රවාහන මාධ්‍යන් භාවිත කරමින් අදාළ ස්ථානයට පැමිණ තිබුණා.
 
මේ සම්බන්ධයෙන් අප ප්‍රදේශය භාර මහජන සෞඛය නිලධාරීවරයාගෙන් විමසීමක් කළා.
 
මේ අතර යුද හමුදා ක්ෂණික විහිදුම් බළකා යතුරුපැදි කණ්ඩය කොළඹ නගරයේ ගමන් ගන්නා පදිකයින්ගේ උෂ්ණත්ව පරීක්ෂා කිරීම් සිදු කළේ මේ අයුරින් 
 
මේ අතර පෑලියගොඩ මාළු වෙළෙඳපොළොන් ඉස්සන් රැගෙන ගොස් පොළොන්නරුව - බකමූණ නගරයේ වඩේ වෙළෙඳසැළක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමෙන් අනතුරුව  එම වෙළෙඳසැළ පැවති ස්ථානය හා බකමූණ නගරය විෂබීජහරණයට කටයුතු කළා.
 
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මේවනවිට කොවිඩ් -  19 වෛරසය ආසාදනය වූ රෝගීන් 560කට ආසන්න සංඛ්‍යාවක් නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ මානසික සෞඛ්‍ය නගා සිටුවීමේ අරමුණින් රෝහල් කාර්ය මණ්ඩලය ඊයේ රාත්‍රියේ ශාන්තිකර්ම පුජාවක් සහ  සංගීත සංදර්ශනයක් සංවිධානය කර තිබුණා. 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top