Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
26
"අසමත් වීම ගැන සතුටු වෙන්න...." අතීත අඟහරු ග්‍රහලෝකයේ ජීවයක සලකුණු සොයා යන සටනට එක් වූ ශ්‍රී ලාංකික අභ්‍යවකාශ ඉංජිනේරුවරිය කියූ අපූරු කතාව - Photos

- "අසමත් වීම ගැන සතුටු වෙන්න...." අතීත අඟහරු ග්‍රහලෝකයේ ජීවයක සලකුණු සොයා යන සටනට එක් වූ ශ්‍රී ලාංකික අභ්‍යවකාශ ඉංජිනේරුවරිය කියූ අපූරු කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

63 Views
එය පුරුෂාධිපත්‍යයක් සහිත ක්ෂේත්‍රයක්  කාන්තාවන්ට එහි පැවැත්මක් නැහැ..
 
මීට වසර 17 කට පෙර රට හැර යන්න තීරණය කළේ මේකටයි...
 
”අපි SpaceX එකට ගන්නේ රොක්ස්ටාර්ස්ලා. ඔයා මේ සම්මුඛ පරීක්ෂණයේදී පෙන්නුවේ ඔයා කරලා අසාර්ථක වුණ ව්‍යාපෘතියක්. ඔයා කොහොමද හිතන්නේ අපිට ඔයාව රොක්ස්ටාර් කෙනෙක් හැටියට පෙනෙයි කියලා?”
 
2010 මෙලනි SpaceX එකට එකතු වෙන්න ගිය වෙලාවේ තිබුණු සම්මුඛ පරීක්ෂණයේදී ඊලෝන් මස්ක් අහපු ප්‍රශ්නය තමයි ඒ.

”ඒකට හේතු දෙකක් තියෙනවා. පළවෙනි හේතුව තමයි, රොක්ස්ටාර්ස්ලා වෙන්න ඔවුන් ජීවිතවල මුලදී අසමත් වෙලා ඒ වැරදි හදාගෙන ඔවුන් ඒවායින් දෙයක් ඉගෙන ගෙන ඉහළට ආපු නිසා. දෙවැනි හේතුව තමයි, SpaceX එකට සම්බන්ධ වීමට කලින් මා අසමත් වීම ගැන සතුටු වෙන්න, මොකද මගෙන් එහෙම දෙයක් ආයේ මෙහෙදී නොවෙන නිසා ඔයාලට පාඩුවක් වෙන එකක් නෑ.” ඒ මෙලනිගේ පිළිතුරයි.
 
 එම පිළිතුර ටිකක් අසාමාන්‍ය ස්වභාවයක් ගත්තත්, එම පිළිතුර මෙලනි විසින් කාලයක් තිස්සේ මනාව සකසන ලද්දක්. සිය ජීවිතයේ පළමු රැකියාව ලෙස SpaceX එකටම ඉල්ලූම් කරන්න තරම් ධෛර්යක් තිබූ මෙලනි එම සම්මුඛ පරීක්ෂණයට සහභාගී වූ අනෙක් අයදුම්කරුවන්ට වඩා වෙනස් වුණේ ඒ දුන් පිළිතුර නිසාම නොවේ.
 
 ඒ ඇය අනෙක් අයදුම්කරුවන්ට වඩා අවම වශයෙන් අවුරුදු 10 ක්වත් වයසින් වැඩි, UCLA (කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලය, ලොස් ඇන්ජලීස්) වලින් මාස කීපයකට කලින් ඉංජිනේරු උපාධිය අවසන් කළ, එහෙත් කිසිදු සීමාවාසික (internship) අත්දැකීමක් නැති, කුඩා දරුවන් දෙදෙනෙක් රැකබලා ගන්නා මවක් වීමයි.
 
 මෙලනි දැනගෙන සිටියා යාන්ත්‍රික සැලසුම් ඉංජිනේරුවරියක් ලෙස රැකියාව ලබා ගැනීමට තරම් ඇයට සුදුසුකම් ඇති බව. SpaceX සම්මුඛ පරීක්ෂණය ගැන දැනගත් වහාම ඇය කළේ අනෙක් අපේක්ෂකයින් අතර කැපී පෙනෙන මාර්ගයක් හොයන්න පටන් ගත්තු එක. මෙලනිගේ සම්මුඛ පරීක්ෂණයට තිබ්බේ ”ඉංජිනේරු ව්‍යාපෘතියක් පිළිබඳ මිනිත්තු 30 ක ඉදිරිපත් කිරීමක්” කිරීමටයි. SpaceX නිර්මාතෘ ඊලෝන් මස්ක් පැමිණීමේ වැඩි ඉඩකඩක් ඇති බවටත් මෙලනිට දැන ගන්න ලැබුණා. මෙලනි මුළු දවසම කැප කළේ ඊලෝන් මස්ක් ගැන හැකි සෑම දෙයක්ම ඉගෙන ගැනීමට. ඇය පවසන ආකාරයටම ඇයට මේ දේ නිසාම ඇයගේ ”අනාගත බොස් ගැන ඔබ නොදැන සිටිය යුතු පෞද්ගලික දේවල් රාශියක්” ගැන ගොඩක් දේවල් සොයාගන්න පුළුවන් වුණා.
 
 එහෙත් ඇය ලබාගත් සුවිශේෂීම කාරණය වුණේ ”ඊලෝන් මස්ක් කියන්නේ මුල් කාලයේ බොහෝ අසාර්ථකත්වයන්වලට මුහුණ දුන්න පුද්ගලයෙක් බව”. ඉතින් ඇය තීරණය කරනවා ඇයගේත් ”අසාර්ථක ව්‍යාපෘතිය සහ ඒ තුළින් ඇය ලබාගත් දේ” ගැන ඉදිරිපත් කරන්න. එය අවදානම් සහගත නමුත් දක්ෂ පියවරක් බව මෙලනි දැනගෙන සිටියා.
 
 ඇය එදින නිවසට පැමිණෙන විට ඇගේ ඊමේල් එකට SpaceX සඳහා ඇය තෝරාගත් බව දැක්වෙන ලිපිය ඇවිත් තිබුණා.
 
සිවිල් යුද්ධයක් පැවති වකවානුවක ශ්‍රී ලංකාවේ මධ්‍යම පාන්තික පවුලක සිංහල මවකට සහ දෙමළ පියෙකුට දාව හැදී වැඩුණු දරුවන් තිදෙනෙකුගේ පවුලේ එකම දියණිය ලෙස ඇය සිය ජීවිතයේ ඇති සීමාවන් හොඳින් දැන සිටියා.
 
 ”අපේ සංස්කෘතියේ අවුල් පෙන්නන එක තැනක් තමයි කාන්තාවන් ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ ඉතා අඩු ප්‍රමාණයක් සිටීම. මොකද එය පුරුෂාධිපත්‍යයක් සහිත ක්ෂේත්‍රයක් බවත්, කාන්තාවන්ට එහි පැවැත්මක් නැහැ, කියන මතයේ තමයි ගොඩක් අය ඉන්නේ.” මෙලනි පවසනවා.
 
 මෙලනි පාසල් කාලයේදී වැඩියෙන්ම ඇලූම් කළේ ඉංජිනේරුවෙක් වීමටයි. එහෙත් ඇය ඉංජිනේරුවෙක් වීමට වඩා ගැහැණියකට වඩාත් සුදුසු වෛද්‍යවරියක් වීම බව මුල් බැසගත් සමාජයක ජීවත් වූ ගැහැණියක් වූ නිසාම ඇයට සිදු වුණේ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරීමටයි. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත් වුවත් ඇයට වෛද්‍ය විද්‍යාලයට යන්න ලකුණු කීපයක් මදි විය.
 
 කෙටි කලකට පසුව විවාහ වන ඇයට පළමුව පුතෙකු හා පසුව දියණියක් ලැබුණි. දියණියගේ උපත ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය.
 
 ”මගේ දුවට මා හැදී වැඩුණු සමාජ අපකීර්තියට හා බාධාවන්ට මුහුණ දීමට මා කැමති නැති බව මට වැටහුණා” මෙලනි පවසනවා. ”මට රටින් පිටවීමට අවශ්‍ය වූයේ මගේ දරුවන් දෙදෙනාම අධ්‍යාපනයෙන් විශිෂ්ටත්වයට පත් කිරීමට මට අවශ්‍ය වූ නිසාය. නමුත් වඩා වැදගත් දෙය වුණේ මගේ දියණියට මට නොලැබුණු අවස්ථාව ලබා දීමයි.”
 
 මීට වසර 15 කට පෙර මෙලනි මහආරච්චි එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් වෙත සංක්‍රමණය වන්නේ ඒ සියලූම අරමුණු මුදුන් පමුණුවා ගැනීමටයි. ඇගේ ස්වාමිපුරුෂයා රැකියාව කිරීමට පටන් ගැනීමත්, ඇගේ දරුවන් පාසල් යාමට පටන් ගැනීමත් සමඟම, අතහැර දමා තිබූ ඇගේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමේ උවමනාවක් ඇයට ඇතිවුණා.
 
 ඇය UCLA (කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලය, ලොස් ඇන්ජලීස්) හි අභ්‍යවකාශ ඉංජිනේරු උපාධියක් හැදෑරීමට පටන් ගන්නේ ඉන් අනතුරුවයි. ඇයගේ මූලිකම අවශ්‍යතාවය වූයේ වෙනත් ග්‍රහලෝක ගැන අප දන්නා ප්‍රමාණය වැඩි කරගනිමින් පෘථිවියේ ඇති දේශගුණික විපර්යාසයේ බලපෑම ආපසු හැරවීමට අවශ්‍ය සොයාගැනීම් සිදු කිරීමයි.
 
තමන්ට වඩා තරුණ පිරිසක් සමඟ අධ්‍යාපනය හැදෑරීමේ අභියෝගයට ඇයට මුහුණ දීමට සිදු වුණේ ඉන් අනතුරුවයි. තමාගේ වයස සැඟවීමට ඇය ගත් උත්සාහය ඇය මතක් කරන්නේ ”මම වයසින් වැඩි නිසා, මගේ ජීවිතයේ ආරම්භය ඉතා අවුල් සහගත යැයි අනෙක් අය හිතයි කියලා මම බය වුණා” යැයි පවසමින්.
 
 මෙලනි SpaceX සමාගමට සම්බන්ධව සිටි කාලය ඇය ඉතා දියුණුවට පත්වුණ කාලයක්. ඇය තුළ තිබුණ නිර්මාණශීලීත්වය සමාගමටත් ඉතා හොඳට ගැලපුණු දෙයක් වුණා. ”මගේ මනස නිර්මාණශීලීත්වයෙන් පිරිලා තිබ්බේ. එම රැකියාවත් මට වඩාත් සුදුසු වූයේ සමාගමත් සැමවිටම අලූත් දෙයක් කරන නිසයි.”
 
 මෙලනි SpaceX හි එන්ජින් සැලසුම් කණ්ඩායමේ සාමාජිකාවක් වූ අතර, Dragon කැප්සියුලය සඳහා විදුලි රැහැන් සැකසීමේ වගකීම සතු වූයේ ඇයටයි. මෙම Dragon කැප්සියුලය තමයි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට (ISS) පැමිණි පළමු වාණිජ අභ්‍යවකාශ යානය බවට පත්වුණේ. ඒ 2012 දී.
 
 ඇය ඉතා ආදරයෙන් SpaceX සමාගමේ රැකියාව කළත් අධික කාර්යබහුලත්වය සහ සැතපුම් 100 ක දිගු දෛනික ගමන ඇයගේ ජීවිතයට අසීරු වීමත් සමඟම ඇය SpaceX සමාගමින් ඉවත් වෙන්නේ වසර 5 ක සේවා කාලයකින් පසුවයි. වඩා හොඳ රැකියා-ජීවිත සමතුලිතතාවයක් සොයාගැනීමේ අරමුණින් ඇය බෝයිං Boeing හි රැකියාව ආරම්භ කරන්නේ ඉන් අනතුරුවයි. නමුත් SpaceX වලට සාපේක්ෂව Boeing ඉතාමත් මන්දගාමී ස්වභාවයක් ගත් නිසාම ඇය මාස කිහිපයකට පසු ඉල්ලා අස් වෙනවා.
 
 ඇය ප්‍රීතිමත් මාධ්‍යයක් සොයාගෙන නව වෘත්තීය මට්ටමකට ළඟා වුණේ ඉන්පසුවයි. ඒ නාසා හි ජෙට් ප්‍රචාලන රසායනාගාරයේ JPL නිෂ්පාදිත, 2020 අඟහරු බලා ගිය Perseverance රෝවරයේ මෙහෙයුම් අංශයේ සේවයට එක්වෙමින්. අතීත අඟහරු ග්‍රහලෝකයේ ජීවයක සලකුණු සොයා ගැනීමට උත්සාහ කිරීමට යැවූ Perseverance රෝවරයේ අභ්‍යන්තර විදුලි සැකැස්ම සැලසුම් කිරීමේ වගකීම මෙලනිගේ කණ්ඩායම සතු වුණා.
 
 ඇයගේ පෞද්ගලික සහ වෘත්තීය ජීවිතය අතර ඇති සමතුලිතතාවය ගැන ඇය මේ වනවිට සෑහීමකට පත්වෙලා ඉන්නේ. ඇගේ පවුලේ අය ඇයව ආදර්ශවත් චරිතයක් ලෙස දැකීමත්, පවුලේ අයගේ විශේෂ අවස්ථා ඇයට දැන් දකින්නට ලැබීමත් ගැන ඇය දැන් සතුටින්.
 
 2015 දී මෙලනි ආරම්භ කරන iSTEM Without Borders ඇගේ ජීවිතයේ විශේෂ සංධිස්ථානයක්. ඇය මෙම ආයතනය ආරම්භ කරන්නේ STEM (Science,Technology, Engineering, and Mathematics) පිළිබඳ තරුණ ගැහැණු ළමයින්ට අවශ්‍ය ශක්තිය ලබා දීමටයි.
 
 නාසා හි රාජකාරී කරන අවධියේ සෑම සිකුරාදා දිනකම නිවාඩු ලබාගත් මෙලනි එදින ගත කළේ පාසල්වල හා රොබෝ තරඟවල කථා කිරීමටයි. ඇගේ කතාවලින් ප්‍රධාන වශයෙන්ම තරුණ ගැහැණු ළමයින් සවිබල ගන්වනු ඇතැයි ඇය බලාපොරොත්තු වුණා.
 SpaceX හි රැකියාවක් ලබාගත්තේ කෙසේද සහ අනාගත අයදුම්කරුවන් සඳහා ඇය ලබා දෙන උපදෙස් මොනවාදැයි ඇයගෙන් නිතර අසන ප්‍රශ්න වන අතර එහිදී ඇය පවසන්නේ තමන් SpaceX හි කළ ඉදිරිපත් කිරීම වෙනත් අයෙක්ට නැවත කරන්න අපහසු බවයි.
 
 ”ඇත්ත වශයෙන්ම, නව්‍යකරණය යනු කලින් වැඩ කළ දෙයක් පිටපත් කිරීම ගැන නොව අලූත් දෙයක් උත්සාහ කළ පළමු තැනැත්තා වීමයි.”
 
 ජීවිතයේ පසුකාලීනව තාක්‍ෂණයට පිවිසීම ගැන මෙලනිගේ උපදෙස්:
 
 1. ජීවිත අත්දැකීම්වල වටිනාකම තේරුම් ගන්න
 
 ”ඔබ ඉංජිනේරුවකු වන විට ඔබ නායකයෙක්. තීරණ ගැනීම ඔබේ වෘත්තීය ජීවිතයේ දෛනික කොටසක්. ජීවිත අත්දැකීම් ඔබට උපකාර කරන්නේ මෙහිදීය. පෞද්ගලික ජීවිතයෙන් හෝ වෘත්තීයමය වශයෙන් අත්දැකීම් ඇති විට වඩා හොඳ තීරණ ගන්න ලේසියි.”
 
 2. ඔබේ වයස ඔබේ වාසියට භාවිතා කරන්න
 
 ”තාක්‍ෂණය ඔවුන්ට හොඳ සුදුසුකමක් දැයි තවමත් හඳුනාගන්න හදන අනෙක් අයට වඩා තාක්‍ෂණයට මේ වනවිටත් ඇතුළු වීමට ඔබ ගත් තීරණය වඩා ශක්තිමත්.”
 
 3. නව අභියෝග ඉල්ලා සිටීමට බිය නොවන්න
 
 ”මම නාසා සමඟ සම්බන්ධ වූ විට මට අවශ්‍ය දේ මම දැන සිටියා. මම මගේ ප්‍රධානියාට නිතරම කිව්වේ ‘මම ඔබත් සමඟ සම්මුතියකට එන්න හදන්නේ නෑ. මම මෙම තනතුර භාර ගැනීමට යන්නේ නම්, මට අඟහරු 2020 ව්‍යාපෘතියේ වැඩ කිරීමට අවශ්‍යයි.”
 
 2018 නාසා ආයතනයෙන් මෙලනි ඉවත් වන්නේ ඉංජිනේරුවකු ලෙස ලෝකයට වැඩක් කරනවාට වඩා, හොඳ නායකයෙකු ලෙස ලොකු දෙයක් කිරීමට තමන්ට ඇති අවශ්‍යතාවය ගැන අවබෝධ කරගනිමින්.
 
 ඒ සඳහා අවශ්‍ය තීරණ ගැනීමේ හැකියාවත්, ව්‍යාපාර දැනුමත් වැඩිදියුණු කර ගැනීමේ අරමුණින් මෙලනි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ MBA වැඩසටහනට සම්බන්ධ වන්නේ ඉන් අනතුරුවයි.
 
 ”කේම්බ්‍රිජ් MBA විෂය මාලාව හරිම සුවිශේෂීයි. මම කොහොමත් සොයමින් සිටියේ විවිධත්වයෙන් යුතු සමාජීය තල එක්ක සහජීවනයෙන් වැඩ කරන්න පුළුවන් පරිසරයක්. මට කවදා හෝ දේශසීමා-ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කිරීමට අවශ්‍ය නම්, මම බලාපොරොත්තු වන්නේ මා සොයන ආකාරයේ ජාත්‍යන්තර සම්මිශ්‍රණයක් ලබා දෙන වැඩසටහනක්. 98% ක ජාත්‍යන්තර සිසුන් සමඟ ගෝලීය අත්දැකීම් ලබා දෙන ඉගෙනුම් අත්දැකීමක් ලෙස කේම්බ්‍රිජ් MBAවලට වඩා හොඳ ක්‍රමයක් මට හිතෙන්නේ නැහැ.”
 
 ”මා තුළ සිටින ඉංජිනේරුවරයා කිසි විටෙකත් මිය යන එකක් නැහැ. මගේ අනාගත වෘත්තීය මාවත මා ලබාගත් නව කුසලතා හා අත්දැකීම් මෙන්ම කේම්බ්‍රිජ් හි මගේ කාලය තුළ වර්ධනය කර ගත් නව මිත්‍රත්වයන් සමඟ නැවත හැඩගැසෙන හැටි දැකීමෙන් මම අතිශයින් සතුටට පත්වෙනවා.” මෙලනි පවසනවා.
 
 ඇයගේ විශේෂ අරමුණු ගැන ඇසූ ප්‍රශ්නයකට ය පැවසුවේ ”මගේ දිගුකාලීන අභිලාෂය වන්නේ නැවත ශ්‍රී ලංකාවට ගොස් එහි ව්‍යාපාර වර්ධනය කිරීමට උදව් කිරීමයි. වෘත්තිය සහ පවුල සමතුලිත කළ හැකි කාන්තාවන් අගය කරන සංස්කෘතියක් එහි ඇති කිරීමට උපකාර කිරීමයි මගේ ආශාව. මීට වසර 17 කට පෙර රට හැර යෑමට මා පෙලඹවූ හේතුවත් එයමයි.”
 
 
හර්ෂණ දවුලගල
දිවයින 


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top