Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ශ්‍රී ලංකන් Rap Girl Apziගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
යොවුන් නිරූපන ශිල්පිනී හෂිනි ගුරුගේ නවතම ඡායාරූප පෙළ
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
සුරූපී රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංගගේ තවත් සරාගී ඡායාරූප කිහිපයක් එළියට - Photos
රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, ඇගේ ආදරණීය දියණිය ස්වේතා සමඟ ගත් අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න - Photos
රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
ජනප්‍රිය නිළි ඕෂධි හිමාෂාගේ අලුත්ම වැඩක් එළියට ආ හැටි
පියුමි හංසමාලි සිය 28වන උපන්දිනය සැමරූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
Oct
26
ඇඳිරි නීතිය පැවතුනත්, ගම්පහ ඔසුසැල්, වෙළඳසැල් අද විවෘතයි

- ඇඳිරි නීතිය පැවතුනත්, ගම්පහ ඔසුසැල්, වෙළඳසැල් අද විවෘතයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

974 Views
ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු පොලිස් බල ප්‍රදේශ 64 කට පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. එසේම, ඊයේ පස්වරු 6 සිට කොටුව, පිටකොටුව, බොරැල්ල සහ වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශවලටද නැවත දැනුම්දෙනතුරු ඇඳිරි නීතිය පනවනු ලැබුවා.

මීට අමතරව, බේරුවල, පයාගල සහ අලුත්ගම යන පොලිස් බල ප්‍රදේශවලටත් තවදුරටත් එලෙසම ඇදිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති.

කෙසේ වෙතත්, ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන අවශ්‍යතාවයන් සඳහා අද(26) දිනයේ වෙළඳසැල්, ඔසුසැල් සහ බැංකු විවෘතව පවතින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

මේ අතර, ඊයේ පස්වරුවේ පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ ඇඳිරි නීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශවල අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ මුව ආවරණ වැඩි මිලට විකුණන පුද්ගලයින් සොයා වැටලීම් ද සිදුකරන බවයි.

මේ අතර, කොළඹින් ගමන් ආරම්භ කරන සියලුම දුර ගමන් සේවා ලංගම සහ පෞද්ගලික බස් රථ අද(26) සිට අවලංගු කර ඇති බව බස් රථ ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

උසස් පෙළ සිසුන්ට වෙන් කළ දුම්රිය හැර ප්‍රධාන මාර්ගය, පුත්තලම සහ කැළණිවැලි යන මාර්ගවල අද සිට දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව ද සඳහන් කළා.

එසේම, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 6 ක් පමණක් ධාවනය වන අතර එම දුම්රියන් කොල්ලුපිටිය දුම්රිය දක්වා පමණක් ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර, උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සහ එහි රාජකාරි කරන කාර්ය මණ්ඩලය සඳහා දුම්රිය මෙන්ම, ලංගම බස් රථ යොදවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ අනුව ඔවුන්ට බාධාවකින් තොරව විභාග කටයුතුවලට සහභාගි විය හැකි බවයි.

එසේම, කොරෝනා වසංගතය හේතුවෙන් රටේ උද්ගතව ඇති අවදානම් තත්ත්වය මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය සහ වේරහැර කාර්යාලය නැවත දැනුම්දෙනතුරු වසා දමා තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වැඩිදුරටත් කියා සිටියේ ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ සහ වේරහැර කාර්යාල ද නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට පියවර ගත් බවයි.

මේ අනුව, ඉදිරියේදී අවදානම් සහගත තත්ත්වය පහව ගිය පසු නැවත සේවා ආරම්භ කිරීමට කටයුතු කරනු ඇති.

මේ අතර, ඇඳිරි නීතිය පැනවීමත් සමඟ සේවයට වාර්තා කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් ගන්නා තීරණය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරිගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ, ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සිට රාජ්‍ය ආයතනවල සේවයට පැමිණෙන රාජ්‍ය සේවකයින්ට සහ ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පිහිටි රාජ්‍ය ආයතනවලට පැමිණීමට නොහැකි සියලුම රාජ්‍ය සේවකයින්ට රාජකාරි නිවාඩු ලබාදීමට කටයුතු කර ඇති බවයි.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට අද දිනයේදී එළඹීමට නියමිත බව ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top