Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ශ්‍රී ලංකන් Rap Girl Apziගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
යොවුන් නිරූපන ශිල්පිනී හෂිනි ගුරුගේ නවතම ඡායාරූප පෙළ
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
සුරූපී රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංගගේ තවත් සරාගී ඡායාරූප කිහිපයක් එළියට - Photos
රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, ඇගේ ආදරණීය දියණිය ස්වේතා සමඟ ගත් අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න - Photos
රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
ජනප්‍රිය නිළි ඕෂධි හිමාෂාගේ අලුත්ම වැඩක් එළියට ආ හැටි
පියුමි හංසමාලි සිය 28වන උපන්දිනය සැමරූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
Oct
25
"ගොඩක් දේවල් සම්බන්ධයෙන් තෘප්තිමත් වෙන්න ඕනෑ... නැතිනම් කිසිදෙයක් භාරගන්නේ නැහැ..." - නිරෝෂා පෙරේරා - Photos

- "ගොඩක් දේවල් සම්බන්ධයෙන් තෘප්තිමත් වෙන්න ඕනෑ... නැතිනම් කිසිදෙයක් භාරගන්නේ නැහැ..." - නිරෝෂා පෙරේරා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,303 Views
මම දෙයක් කරන කොට හොඳට සැලසුම් කරනවා...
 
හැබැයි මොකක් හරි එක අඩුපාඩුවක් ඒ දේවල්වලින් දැක්කා...
 
ඇය නිතරම වෙනස් විදිහකට හිතන්න උත්සාහ දරන චරිතයක්. ඒ වගේම දිගු නිහැඬියාව හරියට අගයනවා. ඇය නිහඬව සිටින විට ඇය වටා සිටින පිරිස ඇය මොනවාද කරන්නේ කියලා සොයා බලනවා. එහි ප්‍රතිඵලයක් හැටියට ඇය දිගු නිහැඬියාව බිඳිමින් රිදී තිරයට ගොඩවෙනවා. ඇය ඔයාලා කවුරුත් දන්න නිරෝෂා පෙරේරා. අද අපේ කතානායිකාව ඇයයි.

 * කොරෝනා වසංගතයත් සමග නිරෝෂාගේ වැඩි සද්ද බද්දයක් නැහැනේද?
 
 එකට ඔව් කියන්නත් බැහැ.
 
 * අලූත් වැඩ කිහිපයකට අතගැසුවා කියලත් ආරංචියි ?
 
 ඔව්. ඔව්. ඒ කතාව ඇත්ත. රටේ තිබුණ තත්ත්වයත් එක්ක පහුවුණ වැඩත් තිබුණා. කොරෝනා වසංගතයත් සමගත් වැඩ කිහිපයක් ප්‍රමාද වුණා. පසුගිය කාලයේ නාලිකා කිහිපයකින් මට මාධ්‍ය වැඩසටහන් කිහිපයකට කතා කළා. හැබැයි මොකක් හරි එක අඩුපාඩුවක් ඒ දේවල්වලින් දැක්කා. ඒක නිසා ඒ දේවල් භාරගත්තේ නැහැ. නමුත් ඉදිරියේදී වැඩ කිහිපයක් කරන්න භාරගත්තා. හැබැයි හැමදේකම පෙර නිෂ්පාදනයක් කියලත් දෙයක් තියෙනවානේ. මම දෙයක් කරන කොට හොඳට සැලසුම් කරනවා. අනික මම වැඩකට කල්ගන්නවා කියන කතාවේ ප්‍රශ්නයක් නැහැ. අපි හිතන්න ඕනෑ කොන්ටිටි එක නෙමෙයි. කොලිටි එකයි.
 
 * ඇයි මේ හරියට කොලිටි එක බලන්නේ ?
 
  අපි කරන දේවල්වල ගණන නෙමෙයි වැදගත්. කරන දේ වටිනාකම එහෙමත් නැතිනම් කොච්චර හොඳට කරනවාද කියන එකයි වැදගත්. කොච්චර අලූත් දෙයක්ද?. මම පුරුදු වෙලා තියෙන්නේ හැම තිස්සේම අලූත් දෙයක් කරන්න. එහෙමත් නැතිනම් වෙනස් දෙයක් කරන්න. මම වෙනස් දෙයක් කළාට පස්සේ ඒක අනෙක් අය කොපි කරන්න පුළුවන්. ඒක තමයි වෙන්න ඕනෑ. ඇත්තටම මම වැඩක් භාර ගනිද්දි දුරදිග බලනවා. මොකද මට අකමැත්තෙන් දෙයක් කරන්න බැහැ. භාගෙට කරන්නත් බැහැ. කරන්නන් වාලේ කරන්නත් බැහැ.
 
 * මෙදා පාර භාරගත්තු අලූත්ම වැඩේ  ගැන කතා කළොත් ?
 
 කිය කියා ඉන්නේ නැතිව කරලා පෙන්නුවහමනේ හරි. ඒක තමයි හොඳම දෙය. ඇත්තටම පසුගිය කාලයේ වැඩ කරපු නැති ප්‍රධාන හේතුවක් තිබුණා.
 
 * ඒ මොකක්ද?
 
 මම හොංකොං ගිහිල්ලා ඇඳුම් නිර්මාණ ශිල්පය කියන විෂය ඉගෙන ගත්තේ. ඒකට හේතුව තමයි මගේ නංගි ඉරෝෂාට ඇඟලූම් ව්‍යාපාර තියෙනවා. ඉතිං මම ඒ ගැන වැඩිපුර ඉගෙන ගත්තා. ඒක හොඳ නිසා. අනෙක් කාරණාව තමයි මට ආපු ආරාධනාවල මොකක් හරි අඩුපාඩුවක් දැක්කා. ඊට පස්සේ රටේ තත්ත්වයත් බලපෑවා.
 
 * මේ දිනවල අලූත් චිත්‍රපටයකට ලෑස්ති වෙනවා නේද?
 
 ඔව්. මම මේ දිනවල චිත්‍රපටයකයට සූදානම් වෙනවා. ඒ වෙනුවෙන් මම ගොඩක් මහන්සි වෙනවා.
 
 * මේ ආරාධනාව ලැබුණේ  කාගෙන්ද?
 
 ඒක මම දැන්ම කියන්න හොඳ නැහැ නේද?. ඒ කතාව ඔවුන්ම කිව්වහම තමයි හොඳ. මේකට සම්බන්ධ කණ්ඩායම දන්නවා මේ වැඩේ වෙන විදිහ.
 
 * පෙනුම එමෙමත් වෙනස් වෙනවා කියන කතාව ඇත්තද?
 
 අන්න හරි. මේ චරිතයට මම ගොඩක් දේවල් වෙනස් කරන්න ඕනෑ.
 
 * කොච්චර කාලයකට පස්සේද චිත්‍රපටයක් භාරගත්තේ ?
 
 ඇත්තටම අවුරුදු ගණනාවකට පස්සේ තමයි වැඩක් භාරගත්තේ. මම එහෙමයි කියලා චිත්‍රපට කරන කෙනෙකුත් නෙමෙයිනේ. ඒ වුණත් මට හැමදාම චිත්‍රපටවලටත් ආරාධනා ලැබෙන්නෙත් නැහැනේ. බොරු කියන්න ඕනෑ නැහැ.
 
 හැබැයි මට ලැබෙන චිත්‍රපටවල දැවැන්ත චරිත තමයි ලැබෙන්නේ. හොඳ රංගනයක් කරන්න පුළුවන් වගේම මගේ රංගන කුසලතා එළිදක්වන්නත් පුළුවන්. ඇත්තටම එහෙම හොඳ චිත්‍රපට කිහිපයක් තෝරාගෙන තිබෙනවා. ඒවා ටිකක් කල් ගිහිල්ලා තියෙනවා. ඒවා අනිවාර්යයෙන්ම අනාගතයේදී සිද්ධවේවි. මම එක වෙලාවකට කරන්නේ එක චිත්‍රපටයයි. ඒක ඉවරවෙල තමයි තව චරිතයක් කරන්නේ. අනික මම කැමැති නෑ එකම වෙලාවේ චරිත දෙක තුනක් කරන්න.
 
 * මෙවර ලැබුණ චරිතය ගැන ඇත්තටම සෑහීමකට පත්වෙනවාද?
 
 මම දෙයක් තෘප්තිමත් නම් තමයි භාරගන්නේ. මම පිටපත කියවලා ඉවරවුණහම ගොඩක් දේවල් සම්බන්ධයෙන් තෘප්තිමත් වෙන්න ඕනෑ. මම තෘප්තිමත් නැතිනම් කිසිදෙයක් භාරගන්නේ නැහැ.
 
 * දිගු නිහැඬියාව පාඩුවක් නේද?
 
 මම වාසි ආවසි බලාගෙන දේවල් කරන චරිතයක් නෙමෙයි. මම නිහඬයි කියලා කෙනෙකුට තේරුණා නම් ඒකෙන් අදහස් වෙන්නේ මාව හොයනවා කියන එකනේ. ඒ කියන්නේ නිරෝෂා නැහැයි කියලා තේරිලා තියෙනවා. මෙයා මොනවාද කරන්නේ. ඇයි මෙයා නැත්තේ. මට රසික පිරිසක් ඉන්නවා. නිහඬව ඉන්නවා කියලා මටත් තේරිලා තියෙනවා.
 
 * නිහැඬියාව බිඳිමින් යළි එන විට ඔබට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?
 
 මම නිහඬවෙලා ඉන්නකොට මටම තේරිලා තියෙනවා කට්ටිය මාව හොයන්න පටන් ගන්නවා කියලා. සමහරු හිතනවා ඇති මම වැඩකරන්නේ නැහැ කියලා. හැබැයි මොකක් හරි දෙයකට මාව වුවමනා වුණහම ඒ කෙනා මොනයම් හරි මාර්ගයකින් මාව හොයාගන්නවා. ඒක තමයි හැටි. මිනිස්සුන්ට පෙනෙන්නේ අපි ටෙලිවිෂන් එකේ හරි තිරයේදී හරි කරන ටික විතරයිනේ. ඊට අමතර අපේ ජීවිතයේ තව දේවල් තියෙනවා. මම හැම තිස්සේම දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරනවා. මම හැමතිස්සේම මගේ මානසික සුවය ගැන සතුට ගැන හිතන කෙනෙක්. අනික මට එක දිගට වැඩ කරන්න ඕනෑ කියලා තරගයක් නැහැ. මම මගේ පාඩුවේ මම කැමැති දෙයක් කර ගෙන ඉන්න චරිතයක්. ඒක එදත් එහෙමයි. අදත් එහෙමයි. හෙටත් එහෙමයි. මම දෙයකට බැහැ කිව්වාට පස්සේ ඒක කොහොමද වෙන්නෙ කියන කාරණාවත් මට අදාළ නැහැ. යම් දෙයකින් ඈත්වෙලා හිටියාට පස්සේ ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. මට කැමැති වෙලාවට මට ඕනෑ දේ කරන චරිතයක් මම.
 
 දිනේෂ් විතාන‍
මීවිත

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top