Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
24
මෙරට 15 වන කොරෝනා මරණය ගැන අද අනාවරණය වූ දේ මෙන්න - දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරු‍ණේ මෙහෙමයි

- මෙරට 15 වන කොරෝනා මරණය ගැන අද අනාවරණය වූ දේ මෙන්න - දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරු‍ණේ මෙහෙමයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19 Views
මීට පෙර මියගිය කුලියාපිටියේ කාන්තාවගේ යාබද ඇදෙහි ප්‍රතිකාර ලැබූ අයෙක්......
හෘද සහ දියවැඩියා රෝගයෙන් පෙලුණු අයෙකු බවත් හෙළිවෙයි...
 
මෙරට 15 වන කොරෝනා මරණය ලෙස අද (25) පෙරවරුවේ කුලියාපිටිය රෝහලේදී ජීවිතක්ෂයට පත්වූ ආසාදිතයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ කුලියාපිටිය පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා.
 
ජාත්‍යන්තර සෞඛ්‍ය නීතිරීතිවලට අනුව, සිදුකෙරුණු එම අවස්ථාවට ඔහුගේ බිරිඳ සහ දරුවන් ද එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
 
කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 56 හැවිරිදි කුලියාපිටිය - කිතලව ප්‍රදේශයේ පදිංචි ඔහු හෘද සහ දියවැඩියා රෝගයෙන් පෙලුණු අයෙකු බව සඳහන්.
 

ඔහු පසුගිය 16 වනදා සිට කුලියාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර, 14 වන කොරෝනා මරණය ලෙසින් වාර්තා වූ කාන්තාවගෙන් ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට සැලකෙනවා.
 
අදාළ කාන්තාවගේ යාබද ඇදක ඔහු ප්‍රතිකාර ලැබූ බව කුලියාපිටිය රෝහලේ අධ්‍යක්ෂවරයා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී තහවුරු කළා.
 
මේ අතර මීට ටික වේලාවකට පෙර තවත් කොරෝනා ආසාදිතයින් 201 දෙනෙකු වාර්තා වුණා.
 
ඉන් 37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් ද, 24 දෙනෙකු ධීවර වරාය වලින් ද, 140 දෙනෙකු ආශ්‍රිතයන් ලෙස ද වාර්තා වී තිබෙනවා.
 
මේ අතර, ඊයේ (23) දිනයේදී දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සටහන් කරමින් ආසාදිතයින් 866 දෙනෙකු හඳුනා ගැණුනා.
 
ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 7354 ක් ලෙසටයි.
 
ඊයේ හඳුනා ගත් ආසාදිතයින්ගෙන් 535 දෙනෙකුම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට අයත් පුද්ගලයින්.
 
ඒ අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මට්ටක්කුලිය ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 79 ක්.
 
ඊට අමතරව, ගාල්ල ධීවර වරාය ආශ්‍රිතව රත්ගම, බූස්ස, මාගොල්ල හා මකුළුවාව යන ප්‍රදේශවලින් ආශ්‍රිතයන් 5 දෙනෙකු හඳුනා ගැණුනා.
 
මේ අතර, කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ධීවර වරාය කටයුතු පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් අද (24) දිනය තුළ නිකුත් කරන ලෙස සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
 
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ අද (24) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති හමුවකදී මෙම උපදෙස් ලබාදී ඇති බවයි.
 
මේ වනවිට බේරුවල සහ ගාල්ල ධීවර වරාය තුල මාළු කිලෝ තුන්ලක්ෂ 50,000 ක් තිබෙන බව ද එම හමුවේදී ධීවර අමාත්‍යාංශ නිලධාරින් සෞඛ්‍ය අමාත්‍යවරියට දන්වා තිබෙනවා.
 
ඒ අනුව, එම මත්ස්‍ය තොග බෙදා හැරීම සඳහා කඩිනමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරන ලෙසටයි එම අමාත්‍යාංශ බලධාරින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනු ලැබුවේ.
 
මේ අතර, හදිසියේ රෝගාතුර වී කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ ජීවිතක්ෂයට පත්වූ ගාල්ල ධීවර වරායේ සිටි ධීවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව පසුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා.
 
පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ ද හෘදයාබාධයක් හේතුවෙන් එම මරණය සිදුව ඇති බවයි.
 
එසේම, ගාල්ල - රත්ගම ප්‍රදේශයේ ධීවරයින් රැසකගේ පී.සී.ආර්. පරීක්ෂණ අද (24) සිදුකළා.
 
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේ ගාල්ල ධීවර වරාය ඇතුළු අවට ධීවරයින් 400 කගේ පමණ පී.සී.ආර් පරීක්ෂණ සිදුකළ බවයි.
 
මේ සඳහා ගාල්ල මහනගර සභාවේ සහ බෝපේපෝද්දල ප්‍රාදේශීය සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහභාගි වුණා.
 
ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් අතුරෙන් 25 දෙනෙකු ගාල්ල ධීවර වරාය ආශ්‍රිත පුද්ගලයන්.
 
එසේම, නුගේගොඩ ජනතා පොලේ මත්ස්‍ය අලෙවිසැලක පුද්ගලයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම සතිපොල නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට බලධාරින් තීරණය කළා.
 
අදාළ ආසාදිතයින් දෙදෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලෙන් මාළු මිලදී ගැනීමේදී ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවටයි සැලකෙන්නේ.
 
මේ අතර, අටකලම්පන්න - මාදම්පේ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ කහවත්ත සහ ගොඩකවෙල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශවල පුද්ගලයන් 200 ක් පමණ ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.
 
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ සේවය කර, පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කළ පුද්ගලයෙකු, කොළඹ සිට බදුල්ල දක්වා ඊයේ ශ්‍රී ලංගම බස් රථයකින් ගමන් කර ඇති අතර එහිදී ඔහු බලංගොඩ - පඹහින්න ප්‍රදේශයේදී රෝහල් ගත කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද පියවර ගත්තා.
 
පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ එම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි.
 
මේ වනවිට ඔහු පොළොන්නරුවේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇති අතර ඔහු ගමන් කළ බස් රථය සුපුරුදු පරිදි අද දිනයේත් ධාවනය කිරීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එහි රියදුරු, කොන්දොස්තරවරයා ඇතුළු මගීන්ට උපදෙස් දුන්නේ ස්වයං නිරෝධායනයට ලක් වන ලෙසටයි.
 
මේ අතර, ත්‍රිකුණාමල මධ්‍යම මාලු වෙළඳ සංකීර්ණයේ සේවය කළ 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
 
ඔවුන් ත්‍රිකුණාමලය හා පුල්මුඬේ නගරවල පදිංචිකරුවන් වන අතර, පෑලියගොඩ මාලු වෙළඳපොලට පැමිණ ගොස් ඇති බව හෙළි වී ඇති බවයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ලදාහරන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
 
එසේම, අම්බලන්ගොඩ ධීවර සංකීර්ණය සහ පොල භූමිය ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.
 
මේ අතර, කළුබෝවිල ශික්ෂණ රෝහලේ 07 වන වාට්ටුවෙන් ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ එම වාට්ටුව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
 
මේ අතර, මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද 3414 ඉක්මවූවා.
 
ඒ, තවත් ආසාදිතයින් 70 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟයි.
 
වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ තවදුරටත් රෝගීන් 3424 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි.
 
මේ  වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 7153ක්.
 
මේ අතර, කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් 40 දෙනෙකු පමණ අද පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම සඳහා කල්පිටිය මූලික රෝහල වෙත කැඳවා තිබූ අතර එම පෝලිමෙහි රැදී සිටි 32 හැවිරිදි පුද්ගලයෙකු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.
 
ඔහු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට මාළු ප්‍රවාහනය කළ ලොරි රථයක සහායකයෙක්.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top