Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ශ්‍රී ලංකන් Rap Girl Apziගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
යොවුන් නිරූපන ශිල්පිනී හෂිනි ගුරුගේ නවතම ඡායාරූප පෙළ
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
සුරූපී රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංගගේ තවත් සරාගී ඡායාරූප කිහිපයක් එළියට - Photos
රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, ඇගේ ආදරණීය දියණිය ස්වේතා සමඟ ගත් අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න - Photos
රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
ජනප්‍රිය නිළි ඕෂධි හිමාෂාගේ අලුත්ම වැඩක් එළියට ආ හැටි
පියුමි හංසමාලි සිය 28වන උපන්දිනය සැමරූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
Oct
24
කොරෝනාවට බිලි වුනු 15 වැනියා කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලැබූ අයෙක් - අම්පාර, රජවැව ප්‍රදේශයෙනුත් කොවිඩ් රෝගියෙක් හමුවෙයි, ඊයේ දිනයේ පමණක් ආසාදිතයින් 866ක් - 7000ත් ඉක්මවා ගිය මෙරට කොරෝනා දැන් තත්ත්වය - Video

- කොරෝනාවට බිලි වුනු 15 වැනියා කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලැබූ අයෙක් - අම්පාර, රජවැව ප්‍රදේශයෙනුත් කොවිඩ් රෝගියෙක් හමුවෙයි, ඊයේ දිනයේ පමණක් ආසාදිතයින් 866ක් - 7000ත් ඉක්මවා ගිය මෙරට කොරෝනා දැන් තත්ත්වය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,057 Views
මේ වන විට රෝහල් ගතව ප්රතිකාර ලබන සංඛ්යාව 3644යි.....
 
දියතලාව ප්රදේශයේ පදිංචි කරුවන් දෙනෙකුටත් කොවිඩ්...
 
මෙරට 15 වැනි කොවිඩ් 19 මරණය අද පෙරවරුවේ වාර්තාවුණා.
 
මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටි 56 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර මෙරටින් වාර්තා වන කොවිඩ් 19 අසාදිතයින් සංඛ්යාව 7000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර මේ වන විට රෝහල් ගතව ප්රතිකාර ලබන සංඛ්යාව 3644ක්.
 
කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටි පුද්ගලයකු කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්වුණා.
 
ඔහු පසුගිය 14 වනදා රෝහල්ගත කර ඇත්තේ හෘද්යාබාධයක් හේතුවෙන්.
 
ජීවිතක්ෂයට පත්වු පුද්ගලයා පසුගිය 16 වැනිදා සිට දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි බව සෞඛ්ය අමාත්යංශය සහන් කළා.
 
මේ අතර ඊයේ දිනයේදී තවත් කොවිඩ් 19 ආසාදිතයන් 866 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 7,153 ක් දක්වා ඉහළ ගියා.
 
ඊයේ හඳුනා ගත් අසාදිතයින් 866 අතරින් 535 දෙනෙකුම පෑලියගොඩ මත්ස්ය වෙළෙද සංකීර්ණයට අයත් පුද්ගලයින්.
 
ඒ අතරින් වැඩිම අසාදිතයින් සංඛ්යාව මට්ටක්කුලිය ප්රදේශයෙන් වාර්තා වූ අතර එය 79ක්.
 
ඊට අමතරව පෑලියගොඩ මත්ස්ය වෙළෙද සංකීර්ණයේ අසාදිතයින් අතරින් කොටහේන ප්රදේශයෙන් 63ක්, පෑලියගොඩ ප්රදේශයෙන් 54ක්, වැල්ලම්පිටියෙන් 34ක්, ග්රෑන්ඩ්පාස් ප්රදේශයෙන් 26 ක්, කැලණිය ප්රදේශයෙන් 19 ක්,මරදානෙන් 13 ක් සහ කොළොන්නාවෙන් ආසාදිතයන් 12ක් වාර්තා වුණා.
 
මීට අමතරව බේරුවල ධීවර වරායෙන් ආසාදිතයන් 20 දෙනෙකු සහ ගාල්ල ධීවර වරායෙන් ආසාදිතයන් පස් දෙනෙකුත් වාර්තා වී තිබුණා.
 
නිරෝධායන මධ්යස්ථානවලින්ද ඊයේ දිනයේදී කොවිඩ් 19 ආසාදිතයන් 48 දෙනෙකු වාර්තාවී ඇති අතර, තවත් ආසාදිතයින් 257 දෙනෙකු ආශ්රිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
 
පෑලියගොඩ මත්ස්ය වෙළෙදසැලේ රැසකට කොවිඩ් 19 ආසාදනය වීමත් සමඟ පානදුර නගර සභා බලප්රදේශයේ පවතින සියළු මත්ස්ය අලෙවිසැල් තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුනා.
 
බේරුවල සහ ගාල්ල යන ධීවර වරායන්ද මේ වනවිට තාවකාලිකව වසා දමා ඇත්තේ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තාවීමත් සමඟයි.
 
පසුගිය 21 වැනිදා පෑළියගොඩ මත්ස්ය වෙළදසැලේදී මත්ස්යන් මිලදී ගැනීමට පැමිණි මත්ස්ය වෙළෙන්දන්ගෙන් අහඹු ලෙස තෝරා ගත් ප්රද්ගලයින්ට සිදු කල පී.සී.ආර් පරික්ෂණ වලදී දියතලාව ප්රදේශයේ පදිංචි කරුවන් දෙනෙකුට කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.
 
ඒ අනුව ඔවුන් දෙදෙනාගේ ආශ්රිතයින් 8 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට මහජන සෞඛ්ය පරික්ෂකවරුන් කටයුතු කළා.
 
ඔවුන් විසින් එම ප්ර දේශයේ පවත්වාගෙන යනු ලැබූ මත්ස්ය වෙළදසැලද වසා දැමුණු අතර තවත් ආශ්රිතයින් සොයා විමර්ශන ක්රියාත්මකයි.
 
පෑලියගොඩ මත්ස්ය වෙළඳ සංකීර්ණය ආශ්රිතව වෙළඳාම් කටයුතු සඳහා පැමිණි තවත් බොහෝ පිරිසක් බාහිර සමාජයේ සිටින බව එම ව්යාපාරික සංගමයේ සභාපති ජයසිරි වික්රමාරච්චි මහතා සඳහන් කළා.
 
මේ අතර මත්ස්ය අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව ධීවරයින් පත්ව ඇති අපහසුතා පිළිබඳව සමස්ත ලංකා පොදු ධිවර සංගමයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා අදහස් පළ කළා.
 
මේ අතර කළුතර නගරයේ පිහිටි යූ.සී. නිවාස සංකීර්ණය ප්ර දේශයට සංචරණ සීමා පැනවීමට පියවර ගෙන තිබෙනවා.
 
ඒ පෑලියගොඩ මත්ස්ය වෙළඳපොළේ ආශ්රිතයෙක් අදාල නිවාස සංකීර්ණයේ සිටියදී සිදු කළ පී.සී.ආර් පිරික්ෂණයෙන් කොවිඩි 19 ආසාදිත බවට හදුනාගැනීමත් සමගයි.
 
රත්නපුර පොදු වෙළදපොලේ මාලු වෙලෙන්දොගේ ආශ්රිතයින් 24 දෙනෙකුගේ පී.සී.ආර් පරික්ෂණ සිදු කිරීමෙන් පසු ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබුණා.
 
එම පුද්ගලයින් අතරින් රත්නපුර - මල්වල , කොටා මුල්ල ප්රදේශයේ සහ රත්නපුර - කිරිඇල්ල යන ප්ර දේශවල පදිංචිකරුවන් තිදෙනෙකුට කොවිඩ් 19 ආසාදිත බවට හඳුනා ගැනීමත් සමග එම පුද්ගලයින් අයි.ඩී.එච් රෝහල වෙත ඇතුලත් කිරීමට පියවර ගැණුනා.
 
මේ අතර , වහාම ක්රියාත්මක වන පරිදි මරදාන සහ දෙමටගොඩ පොලිස් බල ප්රදේශවලට ඊයේ රාත්රියේ සිට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
 
කළුතර දිස්ත්රික්කයේ පයාගල, බේරුවල සහ අලුත්ගම යන පොලිස් බල ප්රදේශවලටද ලබන 26 වන සඳුදා අලුයම 5 වනතෙක් පොලිස් ඇඳිරි නීතිය ක්රියාත්මක වන බව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.
 
කෙසේ වෙතත් ඇඳිරි නීතීය පැනවූ කළුතර ප්රදේශවල ඇතැම් ජනතාව සිය දෛනික කටයුතු සඳහා මාර්ගවගට පැමිණ තිබූ අකාරයද මෙලෙස දක්නට ලැබුණා.
 
වළල්ලාවිට ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගුලවිට - උතුර, ගුලවිට - දකුණ, වෙදවත්ත, මගුරුමස්විල සහ මාකලන්දාව යන ගම්මානද ඊයේ රාත්රියේ සිට හුදකලා කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා සඳහන් කළා.
 
මේ අතර අම්පාර - රජවැව ප්රදේශයෙන් කොවිඩ් 19 අසාදිතයකු හඳුනා ගැනීමත් සමඟ ඔහු ප්රතිකාර කටයුතු සඳහා රුගෙන ගියා.
 
අදාළ පුද්ගලයා දිව්ලපිටිය ප්රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගි වූ අයෙක්.
 
ඔහු අසාදිතයකු බවට තහවුරු කර ගෙන ඇත්තේ ස්වයං - නිරෝධායනය සඳහා යොමුකර තිබියදී.
 
අදාළ පුද්ගලයා ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පෙර ස්ථාන කිහිපයක සංචාරය කර ඇති බවට තොරතුරු තහවුරු වී තිබීම හේතුවෙන් අම්පාර - නවගම්පුර, සේනානායක පුර හා කරන්ගාව ප්රදේශවලට සංචරණ සීමා පනවා තිබෙනවා.
 
කොවිඩ් 19 පැතිරයාමේ අවදානමක් හඳුනා ගෙන ඇති දිස්ත්රික්ක 5න් සෙසු දිස්ත්රික්ක වෙත පැතිරීම අවම කිරීමට අවශ්ය පියවර ගත යුතු බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්ය හරිත අලුත්ගේ මහතා පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් සඳහන් කළා.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top