ඒ ඔහුගේ මව අකාලයේ මිය ගිය නිසාය. ඇය ඒ කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණේ ක් රියාකාරි සාමාජිකාවක වූවාය. පක්ෂය වෙනුවෙන් ඇය නිරන්තරයෙන් කටයුතු කළාය. ඒ භීෂණ සමය පැවැති කාලයයි. ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද රැස්වීමකට ඇය සහභාගි වී සිටියේ සිය පක්ෂය නියෝජනය කරමිනි. ඒ අතර එතැනට පැමිණි ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුමකදී ඇයද වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූවාය. ඒ 1989 වසරේ ජූලි 21 වැනිදාය.
ඒ වන විට මධුෂ් පාසල් යමින් සිටියේය. මවගේ හදිසි වියෝව සිය සොහොයුරියට මෙන්ම බාල මල්ලි නිරෝෂන් ලක්ෂිතටද තදින් දැනුණි.
මවගේ වියෝවෙන් අනතුරුව ඔවුන් හැදුණේ වැඩුණේ කඹුරුපිටිය ගතාරේ මිත්තණිය හා පුංචි අම්මා යටතේය. පුංචි අම්මාගේ දැඩි උත්සාහය මත මධුෂ් අපොස සාමාන් ය පෙළ දක්වා අධ් යාපනය ලැබීය. කඹුරුපිටිය මහ විද් යාලයෙන් මූලික අධ් යාපනය ලැබූ ඔහු අපොස සාමාන් ය පෙළ කරද්දී ඉගෙනුම ලැබුවේ කඹුරුපිටිය නාරන්දෙණිය ජාතික පාසලෙනි.
වැඩිකලක් යන්නට මත්තෙන් මධුෂ්ගේ පියාද වෙනත් විවාහයක් කරගෙන ගමෙන් පිටත්ව ගිය අතර ඔහු තම දරුවන් නඩත්තු කිරීම සඳහා එතරම් සැලකිල්ලක් දැක්වූයේ නැත.
එහෙත් පුංචි අම්මා මේ දරුවන් පැහැර හැරියේ නැත. ඇය කෙසේ හෝ ඔවුන් උස් මහත් කළාය.
මේ කාලය වන විට මධුෂ්ට පෙම්වතියක්ද විය. ඒ පාසල් කාලයේ ඇති වූ ප් රේම සබඳතාවක ප් රතිඵලයක් ලෙසය. ඇය විවාහ කරගන්නට නම් රැකියාවක් කළයුතු බව මධුෂ්ට වැටහිණි.
මධුෂ් රැකියා කිහිපයක්ම කළේය. කඹුරුපිටිය මාකඳුර දක්වා දිවෙන බස් රථයක රියැදුරකු ලෙසද ඔහු කටයුතු කළේය. තවත් වරෙක ගමේම ලී මඩුවක් දමාගෙන ලී ඉරන මැෂිමක්ද මිලට ගෙන කීයක් හෝ උපයාගන්නට වෙරදැරීය. ඒත් ඒ එකක්වත් හරි ගියේ නැත.
මේ වන විට මධුෂ් හා දයානි අතර තිබූ ප් රේම සබඳතාවද උච්චස්ථානයට පැමිණ තිබිණි. අවසානයේ ඔහු දයානි හා විවාහ ගිවිස ගත්තේය. 1988 මැද භාගයේය.
“අපි අපේ ගෙදර පදිංචියට යමු...” දයානි ඔහුට යෝජනා කළාය. මුතුමාල පරම්පරාව යමක්කමක් තිබුණු අයය. දයානි, මධුෂ් සමඟ මාකඳුරේ ඇගේ මහ ගෙදර පදිංචියට ගියාය.
ඇයට අවශ් ය වූයේ මධුෂ් සමඟ ලොකු ගමනක් යන්නටය. ඇය මේ බව සිය පියාට කීවාය. දියණියගේ කීම ඇසූ ඇගේ පියා මධුෂ්ට අත්ට් රැක්ටරයක් අරන් දුන්නේය. ඉන් පසුව තවත් ට් රක් රථයක් ගෙනත් දුන්නේය. එම වාහන යොදාගෙන මුදලක් හරි හම්බකරගෙන ජීවත්වෙන ලෙස ඔහු තම දියණියටත්, මධුෂ්ටත් කීවේය.
මෙමඟින් හෝ සිය ජීවිතය නඩත්තු කරගන්නට උත්සාහ දරුවද මධුෂ්ගේ හිතේ තිබුණේ වෙනත් අදහසක්ය.
“මේක හැමදාම කරලා හරියන්නේ නැහැ. ගැරේජ් එකක් හරි සර්විස් සෙන්ටර් එකක් දාගත්තොත් වැඩි ගණනක් සොයාගන්න පුළුවන්.”
ඔහු නිතරම කීවේය. මේ බව සිය ඥාතියකුටද කීවේය.
“හරි... මම උඔට අපේ වත්තේ පහළින් කොටසක් දෙන්නම්...”
ඥාතියා මධුෂ්ගේ සිත සනසාලීය. වැඩි දිනක් යන්නට පෙර ඥාතියා මධුෂ්ට ඉඩමක් දුන්නේය. ඉඩම ශුද්ධ පවිත් ර කොට සර්විස් සෙන්ටර් එක දමා ගන්නා ලෙස ඔහු මධුෂ්ට කීවේය.
මධුෂ් ඉඩම ශුද්ධ කරන්නට විය. ඒ සමඟම මෙය පළාතේ ප් රබල දේශපාලනඥයකුගේ කන වැකිණි.
“අපේ ආණ්ඩුවේ ඉඩම අරූ සුද්ද කරනවා. සර්විස් සෙන්ටර් එකක් දාන්න.”
ඒ වන විට කඹුරුපිටිය ප් රදේශයේ සිය ආධිපත් ය පතුරාවා ගෙන සිටියේ ප් රබල දේශපාලනඥයකු වන ඩැනී හිත්තැටිය හා ඔහුගේ පාර්ශ්වයයි. දයානි මුතුමාල මධුෂ්ගේ බිරියද එම පාර්ශ්වයට ඥාතිකම් කීවාය.
රජයේ ඉඩම ශුද්ධ කොට සර්විස් සෙන්ටර් එකක් දමා ගැනීමට කටයුතු කිරීම ගැන හිත්තැටිය පාර්ශ්වයෙන් ඊට දැඩි බාධා එල්ල විය.
දිනෙක ඉඩමේ තිබූ වැඩකොටසක නිරතව සිට මධුෂ් කිසියම් අවශ් යතාවකට ඒ අසල වෙළෙඳසලකට ගියේය. ඒ සිය ට් රැක්ටරයෙනි. වෙළෙඳසලට ගොඩවී යළි ට් රැක්ටරය වෙත පැමිණි මොහොතේදී පාරේ ගමන් ගත් මෝටර් සයිකලයක් ඔහුගේ ඇඟේ හැපිණි. මින් මධුෂ්ට යකා නැග්ගේය. ඔහු මෝටර් සයිකල් පැදවූ තැනැත්තාට හොඳවයින් දෙයක් කීය.
මධුෂ්ගේ කතාවෙන් යතුරුපැදියේ පැමිණි පුද්ගලයාටද මල පැන්නේය. ඔහුද මධුෂ්ට එකට එක කීවේය.
“උඹගේ අම්මගේ අප්පගේ දේවල්ද උඹ මේ ශුද්ධ කරන්නේ. මේවා ආණ්ඩුවේ ඉඩම්. අපිට අයිති ඉඩම්. උඹට මේවායේ ළගින්න අපි දෙන්නේ නැහැ.”
එසේ කී ඔහු මධුෂ්ට පහරක්ද ගැහැව්වේය. මධුෂ් ඔහු සමඟ දබර කර ගත්තේය. මෙය මධුෂ්ගේ හිතට දැඩි කෝපයක් ගෙන දුන්නේය. සර්විස් සෙන්ටර් එක තැනීම පසෙකට තැබූ මධුෂ් තමාට පහරදුන් පුද්ගලයාට පාඩමක් ඉගැන්විය යුතු යැයි සිතිය.
ඒත් දේශපාලන බලය ඉදිරියේ තමා අසරණ වනු ඇතැයි ඔහු සිතුවේය. ඔහු කෙළින්ම ආවේ කොළඹටය. ඒ ඔහුගේ හිතවතකු වූ රොටුඹ අමිල මුණගැසීම සඳහාය. ඔහු ඒ වන විට කොල්ලකෑමේ යෙදෙමින් මුදල් උපයාගත් අතර අවි ආයුධ දෙක තුනක්ද ඔහු සතු විය.
“මචං අර ඩැනියගේ මස්සිනා මට ගැහැව්වා ඌට වැඩක් දෙන්න ඕන මචං...”
“මොකක්ද උඹට මගෙන් කෙරෙන්න ඕන...”
“මට ආයුධයක් දීපං... මම වැඩේ කරලා උඹට ගෙනත් දෙන්නම්...”
මධුෂ්ගේ ඉල්ලීම ඉවතලන්නට රොටුඹ අමිල කැමැති නොවීය. අවසානයේ අමිල මධුෂ්ගේ ඉල්ලීම ඉටු කළේය. ගිනි අවිය අතට ගත් මධුෂ් කෙළින්ම ආවේ කඹුරුපිටියටය. ඊට පසුදිනම ජයවර්ධන ඝාතනය සිදුවිය.
ජයවර්ධන ඩැනී හිත්තැටියගේ මස්සිනාය. ජයවර්ධන වෙඩි තබා මරා දැමූ මධුෂ්ට ඉන් පසු ගමේ සිටීමට හැකියාවක් නැතිවිය. බිරියද ඔහුට ෙදාස් කීවාය. ඒ ඇයද එම පාර්ශ්වයේ ඥාතියකු වූ නිසාය. ඒ 2002 වසරේදීය. මධුෂ් සිදුකළ මුල්ම අපරාධය එය විය.
ජයවර්ධනගේ ඝාතනයත් සමඟ ඩැනී හිත්තැටිය දැඩි ලෙස කිපුණේය. තමාගේ දේශපාලන අධිකාරියට අත පෙවීමට තරම් වැඩකාරයෙක් සිටීම ගැන ඩැනී හිත්තැටිය කෝපයෙන් වෙව්ලුවේය. මධුෂ්ට පාඩමක් ඉගැන්විය යුතු බව ඩැනී හිත්තැටිය තීරණය කළේය.
ජයවර්ධන ඝාතනයත් සමඟ තමාගේ ජීවිතය ගැනද විශ්වාසයක් ඔහුට තිබුණේ නැත. ඥාති පාර්ශ්වයෙන්ද ඔහුට චෝදනා එල්ල විය. ඔහු ගමෙන් යන්නට තීරණය කළේය. ඔහු කොළඹ බලා පිටත්විය.
සෙල්ලකළුවා හා උණාකුරුවේ ශාන්ත නමැති අපරාධකරුවන්ට මධුෂ් එක්කාසු වෙන්නේ ඉන් අනතුරුවය. මොවුන් කොල්ලකෑම්වල යෙදෙමින් මුදල් උපයාගත්ත අයයි. මධුෂ් මොවුන්ට එකතුව අවි ආයුධ රැගෙන කොල්ලකෑම්වල යෙදිණි. ගමේ යන්නටද බැරිම තැන ඔහුට වෙන කරන්නට දෙයක් තිබුණේද නැත.
මීගමුව, කුලියාපිටිය, ගාල්ල, ගම්පහ ඇතුළු ප් රදේශ රැසක පවත්වාගෙන ගිය ලීසිං ආයතන, බැංකු හා ඒජන්සිවලට පැන ගිනි අවි පෙන්වා එහි තිබූ මුදල් මොවුහු කොල්ලකෑහ. දිගින් දිගටම සිදුවන මෙම අපරාධ හේතුවෙන් පොලිසියද දැඩි අසීරුතාවකට පත්විය. කෙසේ හේ මෙම කොල්ලකරුවන් කොටු කරගැනීම නිලධාරීන්ගේ බලාපොරොත්තුව විය.
එවකට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරව සිටියේ සහකාර පොලිස් අධිකාරි ප් රියන්ත ජයකොඩිය. ප් රියන්ත අපරාධ විසඳීමේලා දක්ෂ නිලධාරියෙක් විය. ඔහු අතින් විසඳී ගිය අපරාධ සමූහයකි. සහකාර පොලිස් අධිකාරි ප් රියන්තද මේ අපරාධකරුවන් ගැන සෙවිල්ලෙගන් පසුවිය.
“ඔය අතරේ තමයි මට තොරතුරක් ලැබෙන්නේ ඔය කොල්ල කණ්ඩායමේ එක් සාමාජිකයකු ගැන මම මගේ නිලධාරීන්ට උපදෙස් දීලා සෙල්ලකළුවා ඇරස්ට් කරනවා. කළුවා උසාවියේ නඩුවකට ගෙන යන බව දැනගෙන තමයි අපි මිනිහව අල්ලගත්තේ. පස්සේ කළුවගෙන් ප් රශ්න කරලා උණාකුරුවේ ශාන්තන් අතින් දෙතුන්දෙනාත් අල්ලගන්නවා. ඒ අයගෙන් ප් රශ්න කරද්දී මධුෂ් කියන පුද්ගලයෙක් ගැන තොරතුරු හෙළිවෙනවා. අපි දැනගන්නවා මිනිහා වාරියපොළ වත්තක හැංගිලා ඉන්නවා කියලා. මම, අයි.පී. ගාමිණී රත්නායකත්, අයි.පී. ධර්මකීර්තිත් ටීම් එකක් එක්ක පාන්දර හතරට විතර මධුෂ් කියන කෙනා හැංගිලා ඉන්න තැනින් අල්ල ගත්තේ. අල්ල ගන්න කොටත් මධුෂ් ගාව පිස්තෝලයකුයි රිපීටරයකුයි තියෙනවා...."
"ඒ 2005 ජූලි 25 වැනිදා. මේක තමයි ඒ කාලයේ අල්ලපු ලොකුම රොබරි ටීම් එක. ඒ වෙන කොට මධුෂ්ට අවුරුදු 24යි. මිනිහගේ තරුණ කාලේ. මම මිනිහගෙන් ප් රශ්න කරනවා. එතකොට තමයි ඔය ජයවර්ධනගේ මර්ඩර් එකක් හෙළිවෙන්නේ..."
“ඇයි උඹ ජයවර්ධනව මැරුවේ..”
“මම ජීවත් වෙන්න උත්සාහ කළා. උන් කිසිම එකෙක් මම ඉන්න දුන්නේ නැහැ. සාධාරණව ඉන්න දුන්නේ නැහැ.”
“මගේ හිතේ උන් ගැන පුදුම කේන්තියක් සර් තියෙන්නේ. උපනන්දයා විතරක් නෙවේ සර් මම ඔය ඩැනියවත් මරනවා මරනවාමයි. මම එල්ලුම් ගස් ගියත් ඒක කරනවා සර්...”
මධුෂ් මේ බව සහකාර පොලිස් අධිකාරි ප් රියන්ත ජයකොඩිට පවසන්නේ රැඳවුම් නියෝග මත මාසයක් පුරා ඔහුගේ ඒකකයේ රැඳී සිටියදීය. ප් රියන්ත ජයකොඩි මහතාට අපරාධකරුවන්ගේ ක් රියා කලාපයන් ගැන මනා අවබෝධයක් තිබුණේය. ඒ රාජකාරිමය පළපුරුද්ද නිසාය.
“මූ කවදාහරි නතර වෙන්නේ හිරගෙදර නැත්නම් පොලිසියෙන් වෙඩි කාලා...”
ප් රියන්ත සිය සහෝදර නිලධාරීන් ඉදිරියේ කීවේය. ඒ 2005 ජූලි මාසයේ 26 වැනිදාය.
මධුෂ්ගේ තර්ජනාත්මක පණිවුඩය සහකාර පොලිස් අධිකාරිවරයා විසින් දකුණු පළාත් සභා මන්ත් රි ඩැනී හිත්තැටිය මහතාට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම් දුන්නේය. ඒ අවශ් ය ආරක්ෂාව සපයා ගන්නා ලෙස කියමින්ය.
මධුෂ් ඇතුළු කණ්ඩායමට ලගින්නට වූයේ මීගමුව සිරගෙදරය. ඒ වන විට මීගමුව හිරගෙදර තවත් හොඳ වැඩකාරයන් පිරිසක් සිරදඬුවම් විඳිමින් උන්හ. කාලය ගතවෙද්දී මධුෂ් මේ සෑම කෙනෙක් සමඟම ඇයි හොඳයියක් පැවැත්වූයේය.
ඒ අතරින් නිශ්ශංක මධුෂ්ගේ සිතට ඇල්ලූ හොඳ යාළුවෙක් විය. ඔහු සෑම දෙයක්ම නිශ්ශංකට කීවේය. ඒ අතරතුර මධුෂ් දැක බලා ගැනීමට මීගමුව හිරගෙදරට ‘විසිට්’ එන ඔහුගේ ගමේ හිතවතුන්ද මධුෂ්ට ගමේ තොරතුරු කියන්නට විය.
“ඩැනියට ගහන්න ඕන.. කොහාම හරි ඒක වෙන්නම ඕන. උෟට තවත් ජීවත් වෙන්න ඉඩ දෙන්න නරකයි“
“මම එළියට ගියාට පස්සේ උඹට සපෝට් එකක් දෙන්නම්. මට එකෙක්ම සෙට් කරලා දීපන්”
නිශ්ශංක මධුෂ්ට කීවේය. මෙලෙස මීගමුවේ සිට වෙනත් ප් රදේශවල පොලිස් ස්ථාන මඟින් යොදවා තිබූ නඩුවලටද කළුතර, කුලියාපිටිය, ගාල්ල වැනි අධිකරණවලටද මධුෂ්ව රැගෙන යෑමට නිලධාරීහු කටයුතු කළහ.
ඒ 2006 ජුනි මස 11 වැනිදාය. ඩැනී හිත්තැටිය ඝාතනය වන්නේ සොරකම් කරන ලද යතුරුපැදියකිනි. සයිකලය පදවන්නේ ඇට ඉන්දිකය. වෙඩික්කරු කමාන්ඩෝ නිශ්ශංකය. ඩැනී හිත්තැටිය නිශ්ශංකව හඳුනන්නේ නැත.
“මධුෂ් මම උෟව දන්නේ නැහැනේ. මම ගේම ගහන්නම්. මට උෟව දන්න එකෙක් සෙට් කරලා දීපන්..”
නිශ්ශංකගේ කීම මත හිරගෙදර සිටම මධුෂ් ඇට ඉන්දිකට මේ බව කියා නිශ්ශංක සමඟ ගොස් ඩැනී හිත්තැටිය මරා දමන්නැයි උපදෙස් දුන්නේය. ඔත්තු බලන්නට වෙනත් අය යෙදවිණි. ඇට ඉන්දික මධුෂ් හඳුනාගත්තේ බන්ධනාගාරගතව සිටියදීය.
වරෙක මොවුන්ගේ උත්සාහය අපතේ ගියද දෙවැනිවර ඔවුන්ගේ උත්සාහය හරි ගියේය. ඩැනී හිත්තැටිය සිය නිවෙස ඉදිරිපිටදීම වෙඩි තබා මරා දමනු ලැබීය. මේ ඝාතනයත් සමඟ ඩැනී හිත්තැටිය ඝාතනය මීගමුව හිරගෙදර සිටින මාකඳුරේ මධුෂ්ගේ වැඩක් බව කාටත් වැටහෙන්නට විය. මධුෂ්ගේ නම කරළියට පැමිණියේ ඩැනී හිත්තැටිය ඝාතනයද සමඟිනි.
ඩැනී හිත්තැටිය ඝාතනයට සම්බන්ධ වූවන් සොයා විමර්ශන ඇරැඹි අතර කැලුම්, උණාකුරුවේ ශාන්ත ඇතුළු පිරිස පොලිසියට කොටු වෙද්දී ඩැනී හිත්තැටිය වෙඩි තබා මරා දැමූ නිශ්ශංක බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්විය. ඩැනී හිත්තැටිය ඝාතනයට සම්බන්ධ පිරිසගෙන් හතරදෙනෙක්ම මියගොස් තිබුණේ පොලිස් වෙඩිපහරවලිනි. ඒ අතර මධුෂ්ගේ සොහොයුරාද විය.
තම බාල සොහොයුරා වෙඩි තබා මරා දමා ඇති බව දැනගත් මධුෂ් එදා තරම් දුක්වූ දිනයක් නැති තරම්ය. මල්ලී මැරුණු වේදනාව ඔහුට දරාගත නොහැකි විය. එදා පටන් ඔහුගේ ජීවිතය වෙනත් අතක් ගත්තේය. ඔහු ඉන්පසු රැවුල, කොණ්ඩය කැපුවේ නැත.
මෙලෙස බන්ධනාගාරගතව සිටින මධුෂ්ට හිතවත්වූ මිතුරන් අතර ද් රවිඩ ජාතික තරුණයකුද විය. ඔහු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු විය. මධුෂ් ඔහු සමඟ ළෙන්ගතු විය. මධුෂ්ගේ ඥාති සහෝදරියක්ද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අයකු විවාහ කරගෙන සිටින බව බොහෝ අය දැන සිටියේ නැත. ඒ හිතවත්කම ඔස්සේ මධුෂ් සිය ද් රවිඩ හිතවතාට උදවු පදවු කළේය.
මේ අතර වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඒ තුළ කිසියම් කැරැල්ලක් සිදු කරන්නට විය. ඔවුහු ගිනි අවිද රැගෙන හිරගෙදර වහල උඩට නැඟ සටන් පාඨ කීහ. රැඳවියන් පාලනය කිරීමට හමුදාව මෙන්ම එස්.ටී.එෆ්. සේනාංකයද යෙදවිණි. අවසානයේ ඇතිවූ වෙඩි හුවමාරුවලදී රැඳවියන් 26 දෙනකු මැරුම් කෑහ. ඒ අතර මධුෂ්ගේ ළඟම හිතවතකු වූ ‘කළු තුෂාර’ නමැත්තාද විය.
මධුෂ් ඒ වනවිට හිටියේ ත් රස්ත විමර්ශන ඒකකය භාරයේය. කළු තුෂාරගේ මරණය ඇසූ මධුෂ් දැඩි ලෙස කනගාටුවට පත්විය.
මධුෂ්ගෙන් කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට නෙහැකි වූ ත් රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් මධුෂ් යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන්නට පියවර ගත්තේය.
මේ කාලය තුළ මධුෂ් මිතුරන් කිහිපදෙනකුම දැන හඳුනාගත්තේය. කංජිපානි ඉම්රාන් ඉන් එක් අයෙකි. මාලිගාවත්ත කේන්ද් ර කොටගෙන බිහි වූ මුස්ලිම් පාතාලයේ ‘වැඩකාරයකු’ වූ කංජිපානි හා මධුෂ් අතර ඇතිවූයේ දැඩි හිතවත්කමකි. කංජිපානි ඒ වනවිටත් මත්ද් රව් ය ජාවාරමට අත ගසා තිබූ බැවින් ඔහුට හිරගෙදරට එන ‘විසිට්’වලද අඩුවක් නොතිබිණි.
මොවුන් සමඟ සිරදඬුවම් විඳි තවත් අයකු විය. ඒ පාකිස්තාන ජාතිකයෙකි. සමීන්ජාන් නමැති ඔහුද මධුෂ් හා කංජිපානි සමඟ මිතුරුකමින් කල්ගත කරන්නට විය. ඔවුන් හැමගේම බලාපොරොත්තුව වූයේ හිරගෙදරින් පිටව ගොස් මත්ද් රව් ය ජාවාරමේ නිරත වී කෝටි ගණන් මුදල් ඉපයීමය.
කංජිපානි ඇප මත නිදහස්ව යන්නේ ඔය අතරය.
“උඹ එළියට එන දවස මට කෝල් කරලා කියපන්. මම උඹව ගන්න එනවා”
කංජිපානි මධුෂ්ට කීවේ දැඩි ළෙන්ගතුකමිනි. කංජිපානිගේ නික්ම යෑමත් සමඟ හිරගෙදර තනි වූ මධුෂ්ට හිටපු ජනාධිපති ඝාතන කුමන්ත් රණය කිරීමේ චෝදනාව මෙන්ම ඩැනී හිත්තැටිය ඝාතනය කිරීමේ චෝදනාව පමණක් එල්ලවීමත් නිසා මාකඳුරේ මධුෂ්ට ඇප නියම විය. ඒ 2015 වසරේය.
මධුෂ් නිදහස් වී හිරෙන් පිටතට පැමිණෙද්දී කංජිපානි ඉම්රාන් හිරගෙදර අසලම විය. ඔහු මධුෂ්වද වාහනයක නංවාගෙන රැගෙන යන්නේ මාලිගාවත්තේ ඔහුගේ පාතාල රාජධානියටය. එහිදී මධුෂ්ට තවත් මිතුරන් රැසක් දැන හඳුනා ගන්නට ලැබිණි. ඉෆ්ඛාන් ඒ අතරින් කෙනෙකි. ඔහු ව් යාපාරිකයකු වූ අතර කංජිපානිගේද ළඟම හිතවතකු විය.
“මම හෙට ඩුබායි යනවා. උඹත් ලංකාවේ ඉන්න එපා. උඹත් වරෙන් ඩුබායිවලට. නැත්නම් උඹටත් මැරුම් කන්න වෙයි“
කංජිපානි මධුෂ්ට කීවේය. ඒ වනවිටත් පොලිසිය, පාතාලය හා කුඩු ජාවාරම්කරුවන් කොටුකර ගැනීමට උත්සුක වීම නිසාය. මධුෂ් සමඟ හිරගෙදර සිට මත්කුඩු ජාවාරම සිදුකළ ලාලිත් යද පොලිස් වෙඩිපහරින් මරු වැලඳ ගැනීම නිසා කංජිපානි ඉම්රාන් මධුෂ්ට ඒ යෝජනාව ගෙනාවේය.
“හරි උඹ පලයන්... මම පාස්පෝට් එකක් හදාගෙන එන්නම්.”
මධුෂ් කංජිපානිට කීවේය. මධුෂ් කවුදැයි කංජිපානි හොඳින් දැන සිටියේය. මධුෂ්ට ඕන තරම් ගෝලයන් සිටින බවත් කංජිපානි දනී. බුඩායි සිට මෙරට කුඩු ජාලය මධුෂ්ගේ සහාය ඇතිව කරගෙන යෑම කංජිපානිගේ යටි අරමුණු විය. කංජිපානි ඩුබායි රටට ගියේය. එදා පටන් මධුෂ්ට රැකවරණය දුන්නේ රිෆ්ඛාන්ය. ඒ නිසා මධුෂ් හා රිෆ්ඛාන් අතර පැවැතියේ දැඩි සබඳකමකි.
මේ වනවිට පාතාල කිරුළ දිනාගැනීමේ සටනක නිරත වන තවත් කෙරුමෙක් කඩුවෙල හා ඒ අවට කේන්ද් රකොටගෙන මිනීමැරුම්, කප්පම් ගැනීම් ඇතුළු මැර ක් රියාවල යෙදී සිටියේය. ඒ රණාලේ සමයංය.
සමයංද මධුෂ් ගැන දැන සිටියේය. ඒ ඩැනී හිත්තැටිය ඝාතනය නිසාය. වැඩි කලක් යන්නට මත්තෙන් මධුෂ්ද පාතාල කිරුළ ජයගන්නට උත්සාහ කරනු නොඅනුමාන බව සමයංද දැන සිටියේය. ඒ වනවිට අංගොඩ, මුල්ලේරියාව කේන්ද් ර කොටගෙන සිය ආධිපත් ය තහවුරු කරගෙන සිටියේ අංගොඩ ලොක්කාය.
ඔහු හා සමයං අතර තිබුණේ දැඩි වෛරයකි. ඒ ලොක්කා හා සමයං ඔවුනොවුන්ගේ දේශවලින් පිට පනිමින් මැර ක් රියාවල යෙදීම නිසාය. මේ නිසා අංගොඩ ලොක්කාගේ ගෝලයන් මෙන්ම සමයංගේ ගෝලයන්ද මැරුම් කෑහ. එහෙත් අංගොඩ ලොක්කා හා මධුෂ් අතර පැවැතියේ මිත් රකමක්ය.
මේ කාලය තුළ මධුෂ්ට ඩුබායි බලා යෑමට අවශ් ය හොර ගමන් බලපත් රය සැකසීමේ කටයුතු ඉෆ්ඛාන් විසින් සැලසුම් සහගතව සිදුකර තිබිණි.
පොලිසිය හා හමුදාව පාතාලයන් හා මැරයන් සොයා රට පීරද්දී මධුෂ් මෙරට සිටීම සුදුසු නැති බව දත් රිෆ්කාන් මහත් වෙහෙසක් ගෙන මධුෂ් වෙනුවෙන් අජිත් එරංග වර්ණසූරිය නමින් ව් යාජ ගමන් බලපත් රයක් සකස්කර දුන්නේය. පසුව කංජිපානිද දැනුවත් කළ මධුෂ් ඩුබායි බලා පැමිණෙන බව ඔහුටද කීවේය. මධුෂ්ට ඩුබායි යන්නට ගුවන් තොටුපොළට ඇරලවන්නේද රිෆ්කාන්ය.
“මම එහෙට ගිහින් කීයක් හරි හොයාගෙන උඹට එවන්නම්. අපි බිස්නස් එකක් පටන්ගමු.”
සමුගන්නට මොහොතකට කලින් රිෆ්කාන්ව බදාගත් මධුෂ් රිෆ්කාන්ට කීවේය. කටුනායක ගුවන්තොටුපළෙන් ව් යාජ ගමන් බලපත් රය මඟින් ඩුබායි බලා ගිය මධුෂ්ට එහිදී පිළිගත්තේ කංජිපානි විසින්ය. ඒ වනවිට කංජිපානි මත්ද් රව් ය පාලනයට අත ගසා තිබිණි.
කංජිපානි ඩුබායි සිටියේ තවත් පාතාල නායකයකුගේ බිරිය හා දරු තිදෙනාද සමඟිනි. මේ නිසා කංජිපානිගේ කසාද බිරිය ඔහුට එරෙහිව අරගල කිරීමටත් සාක්කි දීමටත් ඉදිරිපත් වූවාය. ඒ අතර කාලය තුළ මාලිගාවත්ත ලක්ෂිත මහල් නිවාස සංකීර්ණය අසලදී නාඳුනන තුවක්කුකරුවන් විසින් කංජිපානිගේ කසාද බිරිය මරා දැමීය.
ඩුබායි රටට ගිය මධුෂ් කංජිපානිගේ උදව්වෙන් රැකියාවක් හොයාගත්තේය. ඔහුගේ මිතුරන් රැසක්ද හඳුනාගත්තේය. කංජිපානි සමඟ මත්කුඩු ජාවාරමටද ඔහු අත තැබීය. ඒ වනවිට කංජිපානිගේ මත්කුඩු ආවේ කොළඹටය. මධුෂ්ගේ පැමිණීමත් සමඟ එය කොළඹින් පිටතටද ව් යාප්ත විය. ඒ මධුෂ්ගේ ගෝලබාලයන් අතින්ය. මේ වනවිට රණාලේ සමයං සිටියේ වැලිකඩ හිරගෙදරය.
මධුෂ්ගේ ක් රියා කලාපය ගැන ඔහු හොඳින් දැනසිටියේය. ඒ නිසා මධුෂ් හා සමයං අතර ආරවුල්ද ඇති වී තිබිණි. හර්ෂ යසස් මධුෂ්ගේ ඥාති හිතවතෙකි. ඔහුද ඒ වනවිට හිටියේ වැලිකඩය. සමයං වැලිකඩ සිය ආධිපත් ය පතුරුවන්නට ගන්නා උත්සාහය හර්ෂ යසස්ට ඇල්ලුවේ නැත. සමයං නිතර නිතර මධුෂ්ට බැන වැදීමද හර්ෂට දිරෙව්වේ නැත.
මින් උරණ වූ හර්ෂ දිනක් සමයං සමඟ ආරවුලක් ඇති කරගෙන තර්ජනය කරමින් ඔහුව, දණ ගැස්සුවේය. මින් සමයංට ඇති වූයේ දැඩි ලජ්ජාවකි. එදා සමයං එකක් හිතාගත්තේය. ඒ යසස් මෙන්ම ඔහුගේ ඥාතියා වූ මධුෂ්වද මරා දමන බවය.
කෙසේ හෝ හර්ෂ ඒ වනවිටත් මධුෂ්ගේ මැර වැඩ දෙක තුනකට සහභාගි වී සිටියේය. ඒ බව සමයංද දැන සිටියේය. හර්ෂ යසස් හිරගෙදරින් ඇප මත යනතුරු සමයං ඇඟිලි ගැන්නේය. ඒ හර්ෂට වැඩක් දෙන්නට සූදානමින්ය.
කලකට පසු ඇප ලැබුණු හර්ෂ වැලිකඩින් නිදහස්ව ආවේය. පසුව ඔහු බිරිය සමඟ ශ් රී පාද වන්දනාවේද යෙදී ඔබේසේකරපුර නිවෙසට පැමිණි දිවා ආහාරය ගැනීමට සැරසුණා පමණි. කොහෙදෝ සිට පැමිණි තුවක්කුකරුවකු හර්ෂ යසස්ට වෙඩි තබා මරා දැමීය. හර්ෂ තම ඥාතියා සමයංගේ කල්ලිය විසින් වෙඩිතබා මරා දැමීම ගැන ඩුබායි සිටි මධුෂ් දැනගත්තේ මිතුරකු දුන් දුරකථන ඇමැතුමක් නිසාය. මින් මධුෂ් දැඩි කෝපයට පත්විය.
“සමයං දඟලනවා වැඩියි. උෟට ගහන්න ඕන”
මධුෂ් තීරණය කළේය. ඔහු මේ බව මිතුරු අංගොඩ ලොක්කාටද කීවේය. ඒ වනවිට අංගොඩ ලොක්කාද සිටියේ සමයං ඝාතනය කිරීමේ උත්සාහයකය. ඊට තවත් හේතුවක් වූයේ ලොක්කාගේ හිතවතකු බණ්ඩා අතුරුගිරිය රූපලාවණ් ය ආයතනයක් තුළ මරා දැමීම ගැන සමයං සමඟ දැඩි වෛරයකින් පසුවීම නිසාය.
මධුෂ්ගේ ඉල්ලීම එක පයින් තීන්දු කළ ලොක්කා සිය හිතවතකු වූ ලඩියාගේද සහාය ඇතිව මධුෂ්ගේ උපදෙස් මත සමයං මරාදැමීමේ සැලසුම සකස් කළේය.
“මධුෂ් කියන්නේ ලංකාවේ ඉන්න හොඳට ප්ලෑන් කරලා දෙයක් කරන අපරාධකාරයෙක්. ඔය සමයං මරන්න කලින්දා මධුෂ් ලොක්කලා එක්ක පැය 06ක්ම ෆෝන් එකෙන් එකදිගට කතා කරලා ගහන විදිහ කිව්වා. මොකද නඩුවලට මධුෂ්ව කාලයක් කළුතර හිරගෙදරටත් එක්ක ගියා. ඒ යන එන ගමන් මධුෂ් ගමන් මා්ර්ගය ගැන හොඳ අවබෝධයකින් තමයි හිටියේ. කඳුවැටි, බෑවුම්, වංගු ඔක්කොම මධුෂ් දන්නවා. ඒවා කිය කියා මධුෂ් අංගොඩ ලොක්කත් එක්ක ලොකු ප්ලෑන් එකක් ගැහැව්වා. ගහන්න වෙපන් දුන්නෙත් මධුෂ්”
ඒ අනුව එතනමඩලදී බන්ධනාගාරයේ බසය හරස්කොට එල්ල කළ වෙඩි ප් රහාරයෙන් බස් රථය තුළ සිටි රණාලේ සමයං ඇතුළු කිහිපදෙනකුම මරු දුටූහ. ඒ අතර බන්ධනාගාර නිලධාරීන්ද විය. මෙය පාතාල කෙරුමන් විසින් සැලසුම් කරන ලද දැවැන්ත ප් රහාරයක් විය. පසුව මේ පිළිබඳ විමර්ශන ඇරැඹි අතර ප් රහාරය මාකඳුරේ මධුෂ් විසින් මෙහෙයවන ලද්දක් බව අනාවරණය කර ගැනිණි. මේ සම්බන්ධයෙන් ප් රහාරයට දායක වූවන් සොයද්දී අංගොඩ ලොක්කා හා ලඩියා බෝට්ටු මාර්ගයෙන් ඉන්දියාවට පැන ගියහ. ඒ මධුෂ් විසින් කරන ලද සැලසුමක ප් රතිඵලයක් ලෙසයි. සමයං ඝාතනයත් සමඟ මධුෂ් මෙන්ම ලොක්කා ඇතුළු කල්ලියද ජයපැන් බොන්නට වූහ.
සමයංගේ ඝාතනය හා එල්ල කළ ප් රහාරයට සම්පූර්ණයෙන්ම මැදිහත් වූයේ මධුෂ්ය. ඔහු දුරකථන තාක්ෂණය ඔස්සේ ප් රහාරය මෙහෙය විය. සමයං ඝාතනයත් සමඟ ඔහුගේ ගෝලබාලයන් සී.සී.කඩව ගිය අතර සමයං ඝාතනය මධුෂ්ගේ සැලැස්මක් මත සිදුවූ බව හෙළි විය.
සමයං කල්ලිය තීරණය කරන්නේ මධුෂ්ට පාඩමක් උගන්වන්නට ඉත්තෙක් මැරිය යුතු බවය. මධුෂ් මේ අතර තම මිතුරා වූ කළු තුෂාරගේ මරණයට සහනයක් ගෙන දුන්නේය. තුෂාරගේ බිරිය ඇමතූ ඔහු ඇයට ඩුබායි රටට එන්නට කීවේය. සිය සැමියාට වූ දේ ගැන දැඩි කෝපයෙන් සිටි ඇය කෙසේ හෝ මධුෂ්ගේ සහාය මත ඩුබායි බලා ගියාය. අවසානයේ මධුෂ් කළු තුෂාරගේ බිරිය සමඟ ඩුබායි රටේ පවුල් කෑවේය.
මේ අතර මත්ද් රව් ය ජාවාරම්කරුවන් රැසක්ද හඳුනාගැනීමට ඔහුට හැකි විය. ඒ කංජිපානි ඉම්රාන් හරහාය. මොරිල් නමැති මත්ද් රව් ය ජාවාරම්කරුට සම්බන්ධ වෙමින් කුඩු ජාවාරම රට පුරා ව් යාප්ත කිරීමට මධුෂ් පියවර ගත්තේය. මෙහිදී ඔහුට තවත් අයකු මුණ ගැසිනි. ඒ මීගමුව බන්ධනාගාරයේ රැඳී සිටියදී දැන හඳුනාගත් පාකිස්තාන් ජාතික සජාන්ය.
පසුව මොරිල්ගෙන්ද වෙන්ව සජාන් සමඟ එකතු වෙමින් මත්ද් රව් ය ජාලයට එකතු වූ මධුෂ් මින් සෑහෙන මුදලක් උපයා ගත්තේය.
මධුෂ්ගේ පියා මියයන්නේ ඔය අතරය. මධුෂ් පියාගේ අවමඟුල් උත්සවයට එනු ඇතැයි බොහෝ දෙනා සිතූහ. පොලිසියද සැක කළේය. ඒත් මධුෂ් පියාගේ අවමඟුලට එක් වූයේ නැත. ඒ පොලිසියට කොටුවෙතැයි බියෙන්ය. ඒත් පියාගේ අවමඟුල ජයටම සිදුකරන ලෙසත් ඊට අවශ් ය මුදල්ද මධුෂ් ලංකාවට එවීය. මධුෂ්ගේ උපදෙස් මත පියාගේ අවමඟුලට ගුවනින් මල් පවා ඉසීමට මධුෂ් කටයුතු කළේය.
කළු තුෂාරගේ බිරියද මධුෂ්ට රැකවරණය ලබා දෙමින් ඩුබායි රටේ ජීවත් වූ අතර කාලයාගේ ඇවෑමෙන් ඔහුට දාව ඇය දියණියක්ද ලැබුවාය.
දියණිය දකින හැම මොහොතකම මධුෂ්ට සිය මිතුරා වූ කළු තුෂාර මතක් විය. කළු තුෂාර මතක් කරද්දී ඔහුගේ බිරියද කදුළු සැලුවාය. මේ නිසා කළු තුෂාරට ප් රහාරය එල්ල කළ අයගෙන් පළිගැනීමටද මධුෂ් සැලසුම් සකස් කළේය.
ඒ සඳහා ඔහු යොදවා ගත්තේ ඔහු සමඟ එකට මීගමුව බන්ධනාගාරයේ සිටි රැදවියෙකි. ඔහු ලවා මත්ද් රව් ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිළියන්දලට ගෙන්වා ප් රහාරයක් එල්ල කිරීමට මධුෂ් ක් රියා කළේය.
ඒ අනුව 2017.05.09 වැනිදා පොලිස් පරීක්ෂක රංගජීව ඇතුළු මත්ද් රව් ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ගමන්ගත් රථයක් එල්ලකොට වෙඩි ප් රහාරයක් එල්ල කෙරිණි. මෙහිදී පොලිස් පරීක්ෂක රංගජීව සිය ජීවිතය බේරාගත්තද ඔවුන් සමඟ සිටි කොස්තාපල්වරයකු වෙඩි පහරින් මිය ගියේය. ඒ අසල සිටි දැරියක්ද වෙඩි ප් රහාරයෙන් මරු දුටුවාය.
රංගජීව වෙඩි ප් රහාරයෙන් බේරීම ගැන මධුෂ් මෙන්ම ඔහුගේ අනියම් බිරියද වෙඩික්කරුවන්ට ෙදාස් නැඟීය.
මෙම ප් රහාරයද රට පුරා මහත් ප් රසිද්ධියක් ඉසිලීය මත්ද් රව් ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට පාතාලකරුවන් එල්ල කළ ප් රහාරයත් සමඟ යළි පාතාලය ඇවිස්සී ගියේය.
මධුෂ් හා අංගොඩ ලොක්කා සිය ආධිපත් ය පතුරවමින් කරන මෙවන් ප් රහාර නිසා රණාලේ සමයංගේ කල්ලියද කලබලයට පත්විය. ඔවුන්ටද මධුෂ්ගේ ගෝලබාලයන්ගෙන් හිරිහැරයක් කරදරයක් වනු ඇතැයි ඔවුහු සිතූහ. මධුෂ්ට පාඩමක් උගන්වන්නට ඔහුගේ ගෝල බාලයන්ට ප් රහාරයක් දිය යුතු බව සමයංගේ කල්ලිය තීරණය කළහ.
ඒ අනුව ඔවුනට හෙළිදරව් වන්නේ මාලිගාවත්තේ රිෆ්කාන් හා මධුෂ් අතර ඇති ගනුදෙනුව ගැනය. මධුෂ් ඩුබායි යවන්නේද රිෆ්කාන් විසින් බව ඔවුහු දැනගත්හ. ඊට අමතර මධුෂ් හා රිෆ්කාන් විසින් කුලී රථ සේවයක්ද අරඹා ඇති බව සමයංගේ ගෝලයෝ දැන ගත්හ. මධුෂ් ඒ සඳහා රුපියල් කොටි ගණනක් එවා ඇති බවද ඔවුන් දැනගත්තේය.
ඒ අනුව මධුෂ්ට රිදවීමට රිෆ්කාන් මරාදැමිය යුතු යැයි සමයංගේ පිරිස සිතූහ. රිෆ්කාන් ඝාතනය කිරීමේ සැලසුම සකස් කළේ රණාලේ සමයංගේ ප් රධාන පෙළේ සමීපතමයකු වූ කොස් මල්ලි විසින්ය. ඔහුගේ උපදෙස් මත යතුරුපැදියක නැඟත් දෙදෙනකු අලුත්කඩේදී රිෆ්කාන් වෙඩි තබා ඝාතනය කළේය. එහෙත් තුවක්කුකරු ඒ අවට ප් රදේශවාසීහු අල්ලා ගත්හ. ඔහුට පහරදුන් පිරිස ඔහු මරා දමද්දී අනෙකා පැමිණි බයිසිකලයද අතහැර පලාගියේය.
රිෆ්කාන් මරා දැමීම ගැන මධුෂ් දැඩි කෝපයට පත්විය. ඔහු මහ හ¾ඩින් කෑගහමින් රිෆ්කාන් මරා දැමූවන්ගෙන් පළි ගන්නා බව කීවේය. ඒ තරම් සමීප ඇසුරක් මධුෂ් හා රිෆ්කාන් අතර විය.
රිෆ්කාන් ඝාතනය කිරීම පිළිබඳ විමර්ශන ඇරඹූ පොලිසිය ඒ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණය සඳහා ඝාතකයන් පැමිණි යතුරුපැදිය ප් රයෝජනයට ගෙන එහි අංකය ඔස්සේ එහි හිමිකරු කවුදැයි සොයා බැලීය. ඒ අනුව අනාවරණය වූයේ එම යතුරුපැදිය කැලණිමුල්ල, සැලලිහිණි මාවතේ පදිංචි ශාන්ත කුමාර නමැත්තකුට අයත් එකක් බවය. තවදුරටත් කරුණු සේවීමේදී හෙළි වූයේ ‘කොස් මල්ලී’ නම් වූ අන්වර්ථ නාමයෙන් සිටිමින් ඔහු රණාලේ සමයංගේ හිතවාදියකු ලෙස කටයුතු කරන බවය.
එහෙත් මේ බව මාධ් ය මඟින් හෙළිවීමත් සමඟ කොස් මල්ලි ගමෙන් පැන්නේය. ඒ තමා සොයන්නේ පොලිසියෙන් බව ඔහු දැන සිටි නිසාය. එහෙත් මේ සියල්ලක්ම ඩුබායි සිටින මධුෂ්ටද දැනගන්නට ලැබිණි. ඔහු පොලිසියට අමතරව කොස් මල්ලි කෙසේ හෝ සොයාගන්නා ලෙස සිය ගෝලබාලයන්ට දැනුම් දුන්නේය. ඔවුහු කොස් මල්ලි සොයා රටම පීරුහ.
මේ අතර මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකයෙන් රිෆ්කාන්ගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළේය. ඒ අනුව කොස්තාපල් ප් රසන්නට ලැබුණු තොරතුරක් මත රිෆ්කාන් ඝාතනය සඳහා යතුරුපැදිය පැදවූ සංඛ යන අය අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට හැකි විය. ඒ 2018 මාර්තු 08 වැනිදාය.
නිලධාරීන් සංඛගෙන් දීර්ඝ ලෙස ප් රශ්න කරන්නට විය. ඔහු කීවේ කොස් මල්ලිගේ ඉල්ලීම මත තමා යතුරුපැදිය පැදවූ බවය. ඒත් තමා සමඟ පැමිණි පුද්ගලයා නොහඳුනන බවද ඔහු වැඩිදුරටත් කීවේය.
ඊළඟට පොලිසියට අවශ් ය වූයේ කොස් මල්ලි සොයා ගැනීමටය. ඒ අනුව පොලිසිය කොස් මල්ලි කවුදැයි සෙවීය.
‘ශාන්ත කුමාර’ මුල්ලේරියාවේ පදිංචිකරුවෙකි. ඔහු 27 හැවිරිදිය. ඔහුට වැඩිමහල් සහෝදරයකුද සිටී. ඔහු කීයක් හෝ උපයා ගන්නේ මුල්ලේරියාව පරණ පොලිසිය ඉදිරිපිට කොස් කපා විකිණීමෙනි. මේ නිසා මොහු බොහෝ අය හැඳින්වූයේ ‘කොසා’ යන අනවර්ථ නමිනි. මේ නිසා කොසාගේ මල්ලි ශාන්ත කුමාරද කොස් මල්ලි නමින් ප් රචලිත විය.
කොස් මල්ලි රණාලේ සමයංගේ සමීපතමයෙකි. අංගොඩ රත්රන් ඝාතනයට ඔත්තු බැලීමේ චෝදනාව මත වරෙක ඔහු මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයටද කොටු විය. ඒ නිසා ඔහු ගැන නිලධාරීන් දැන සිටියේය.
කොස් මල්ලි සොයා කොළඹ අපරාධ කොට්ඨාසය, මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය ඇතුළු නිලධාරීන් කණ්ඩායම් වශයෙන් රට පීරුවද කොස් මල්ලි සොයා ගැනීමට ඒ කිසිවකුටත් හැකි වුණේ නැත.
මේ අතර කොස් මල්ලි පොලිසියට මෙන්ම ඔහුට විරුද්ධ ප් රතිවිරුද්ධ කල්ලි සාමාජිකයන්ගෙන් බේරීමටද ඔහු දැඩි උත්සාහයක් ගත්තේය. ඔහු විවාහකයකු වූවත් කොළඹ කැරෝකේ සමාජ ශාලාවක සේවයේ නිරත වූ කාන්තාවක් සමඟද අනියම් ඇසුරක් පැවැත්වීය.
“මට හොඳ තැනකින් කාමරයක් හොයලා දෙන්න. ටික දවසක් නිදහසේ ඉන්න ඕනේ”
කොස් මල්ලි ඇයට කිහිපවතාවක්ම කීවේය.
ඇය ඒ අනුව මේ බව දන්නා හඳුනන ගමේ කිහිපදෙනකුටම කීවාය. ඒ අනුව අගුණුකොලපැලැස්ස ප් රදේශයේ පදිංචි ලොකු අයියා නමැත්තකුට මේ ගැන දැනගන්නට ලැබිණි.
“හරි මල්ලි එයාව මෙහේ එක්කගෙන එන්න. මෙහේ හොඳ තැනක් තියෙනවා. පරිස්සමින් ඉන්න පුළුවන්. අපිත් ඉන්නවානේ. ඔයා දවසක එයාව එක්කරගෙන එන්න.”
ලොකු අයියා කොස් මල්ලිගේ අනියම් බිරිය විසින් එවනු ලැබූ නියෝජිතයාට එසේ කීවේය.
ඒ 2018 මාර්තු 06 වැනිදාය. ශාන්ත කුමාර හෙවත් ලොකු මල්ලි එදා අඟුණුකොළ පැලැස්සට ආවේ අලුත් නවාතැනක් සොයා ගැනීමේ අරමුණෙනි.
කොස් මල්ලිගේ පැමිණීම වෙනුවෙන් ලොකු අයියා ගෙදරක මත්පැන් සාදයක්ද සූදානම් කර තිබිණි. ලොකු අයියා සමඟ තවත් මිතුරන් කිහිප දෙනකුද මත්පැන් පානය කරන්නට වූහ. කොස් මල්ලිද මේසය මත තිබූ බියර් වීදුරු කිහිපයක් තොල ගෑවේය.
රාත් රි 12.30ට පමණ සාදය නිම විය.
එහෙනම් යමු. ඔයාට තැන පෙන්වන්නම්. ලොකු අයියා කොස්මල්ලිට කීවේය. සියල්ලෝම කොස් මල්ලි සමඟ අලුත් නවාතැන්පොළ සොයා ගියහ. හතරවටින් ගලාගොස් තිබූ දැඩි අඳුර මැද මඳ දුරක් ගිය හිතවතුන් ගැන කොස් මල්ලිට දැනුණේ් සැකයකි.
“කොහෙද ඔය ගේ තියෙන්නේ. දැන් හුඟක් දුර ආවනේ.”
එසේ කී ලොකු අයියා එක්වරම පිටුපස හැරී පසුපසින් එන කොස් මල්ලිගේ බෙල්ලෙන් ඇල්ලුවේය. ඒ සමඟම ලොකු අයියා සමඟ සිටි හිතවතුන්ද කොස් මල්ලිට පහර දෙන්නට වූහ. එකෙකු කොස් මල්ලිගේ දෙඅත් පිටුපසට තබා බැන්දේ අනෙක් අයගේද සහයෝගය ගනිමිනි. කොස් මල්ලි මරහඬ දුන්නේය. ඒ නිසා ඔහුගේ මුවද රෙදි කඩකින් වැසී ගියේය.
පිරිස ටික දුරක් යළි ගමන්කොට වගා බිමකට සේන්දු වූහ. එතැන තිබූ පොල්ගසකට හේත්තු කර කොස් මල්ලි ගස් බැඳ දැමූ පිරිස ඉන් අනතුරුව ඔහුගේ මුවේ එබූ රෙදි කැබැල්ල ඉවත් කළහ.
කොස් මල්ලි ලොකු අයියාගෙන් ඇසීය.
“අලුත්කඩේ ගහපු මර්ඩර් එකටයි අපි උඹ ගෙනාවේ. ඒ උඹේ බයික් එක නේද? පොඩ්ඩක් ඉඳපන් අපේ ලොකු සර්ට උඹට කතා කරන්න ඕනෑලු.”
ඒ අතරතුරේ ගස් බැඳ සිටි කොස් මල්ලිගේ ඡායාරූප කිහිපයක්ද සිය ජංගම දුරකථනයේ සනිටුහන් කර ගැනීමට ලොකු අයියා කටයුතු කළේය.
ඒ සමඟම ලොකු අයියාගේ ජංගම දුරකථනයට ඇමැතුමක් ලැබිණි. ඔහු ඊට පිළිතුරු දී එම දුරකථනය කොස් මල්ලිට දුන්නේය.
“මෙන්න අපේ සර් කතා කරනවා.”
දුරකථනයෙන් එහා කෙළෙවරේ සිටි තැනැත්තා කොස් මල්ලිගෙන් ප් රශ්න කරන්නට විය.
“ඇයි උඹලා රිෆ්කාන් මැරුවේ”
කොස් මල්ලි දන්න හැම දෙයක්ම කීවේය. ඒ ඔහු පොලිස් නිලධාරියකු බව සිතාගෙනය.
“යකෝ මම පොලිසියෙන් නෙමේ. මම මධුෂ්... මාකඳුරේ මධුෂ්”
කොස් මල්ලිට උන්හිටි තැන් අමතක විය. ඔහු බියෙන් වෙව්ලන්නට විය.
එසේ කී මධුෂ් දුරකථනය විසන්ධි කළේය.
එතැනින් එහාට ඉතිරි රාජකාරිය පැවැති තිබුණේ ලොකු අයියාටය.
“මට ඕන මුගේ ඔළුව...” ඔළුව අරගෙන කොළඹට එවපන්...”
එසේ කී මධුෂ් කොස් මල්ලිගේ හිස කඳෙන් වෙන්කර අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹට එවන ලෙසත් ඒ සඳහා දෙදෙනකු කොළඹ සිට වාහනයකින් අඟුණුකොළට එවන බවද පැවැසීය.
මධුෂ්ගේ නියෝගය මත සෙසු දේ සිදුවිය. පසුදාට පහන් වන විටම ලොකු අයියා සමඟ සිටි සමීපතයකු කොස් මල්ලි වෙඩි තබා ඝාතනය කළේය. වෙඩි වැදී මැරී වැටුණු කොස් මල්ලිගේ හිස කඳෙන් වෙන් කරනු ලැබුවේ ඉන් අනතුරුවය.
හිරු උදා වී පැයක් ගතවත්ම මධුෂ්ගේ නියෝග මත මෝටර් රියක්ද අඟුණුකොළපැලැස්සට පැමිණ තිබිණි. ඒ පුද්ගලයන් දෙදෙනකු සමඟය. කළු පැහැති මලු තුනක් ඔවුහු ලොකු අයියාට දුන්හ. ඒ තුළට කොස් මල්ලිගේ හිස දමාගත් ඔවුහු යළි වාහනයට නැඟ එතැනින් පිටව ගියහ.
ලොකු අයියා යනු මාකඳුරේ මධුෂ්ගේ ළඟම හිතවතකු බව කොස් මල්ලි මැරුම්කන තුරුම දැන සිටියේ නැත. කොස් මල්ලිගේ හිස කොළඹට යැවූ ලොකු අයියා හා පිරිස හිසෙන් වෙන් කළ ලොකු මල්ලිගේ සිරුර පුලුස්සා දැමීමට කටයුතු කළහ. ඒත් එය හරි නොගිය තැන පැරැණි මැණික් පතලකට සිරුර දමා ඊට උඩින් පස් දමා වළ වසා දැමූහ. ඒ 2018 මාර්තු මස 7 වැනිදාය. කෙසෙල්වත්ත පොලිසියට ලැබුණු දුරකථන ඇමැතුමකි.
“සර්... කාගේද මිනිහෙක්ගේ ඔළුවක් තියෙනවා..” ලද පණිවුඩය අනුව නිලධාරීහු කෙසෙල්වත්ත පොලිස් වසමේ බණ්ඩාරනායක මාවතට ගියහ. නිලධාරීන් කඳෙන් වෙන් වූ හිස කාගේ දැයි සොයා ගැනීමට වෙහෙසුණේය. ඒත් වැඩි කාලයක් යන්නට මත්තෙන් එම හිස මුල්ලේරියාවේ පදිංචි ශාන්ත කුමාර නොහොතේ කොස් මල්ලිගේ බවට නිලධාරීන් තහවුරු කර ගත්තේය.
කොස් මල්ලි ඝාතනය කර ඇති බව මින් තහවුරු වීම නිසා ඊට සම්බන්ධ වුවත් සොයා කොළඹ අපරාධ කොට්ඨාසය පුළුල් පරීක්ෂණ ඇරැඹීය. ඒත් එම පිරිස ඊට කලින් කොටුකර ගැනීමට කඹුරුපිටිය පොලිසියට හැකිවිය. ඒ ලැබුණු තොරතුරක් අනුවය. නිලධාරීන් සැකකරුවන් කොටුකරගත්තේ මධුෂ්ගේ පුංචි අම්මාගේ නිවෙසේ රැඳී සිටියදීය.
පසුව මේ බව කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරීන්ද දැන ගත්තේය. පසුව එහි අධ් යක්ෂ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂකවරුන් වූ මහේෂ් දුනුසිංහ හා නිශාන්ත යන නිලධාරීන් කඹුරුපිටිය පොලිසියට ගොස් අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප් රශ්න කළේය.
කොස් මල්ලිගේ ඝාතනයේ සුල මුල ඉන් අනතුරුව හෙළිවිය. එහෙත් එම පිරිස අතර මෙම ඝාතනයේ ප් රධාන සැකකරු වූ ලොකු අයියා සිටියේ නැත. ඔහු සැඟවී ඇති බවට ඒත්තු ගියේය.
පසුව කළ ප් රශ්න කිරීමේදී කොස් මල්ලිගේ සිරුරු පන්විලයාය ප් රදේශයේ වගාබිමක වළදමා තිබියදී සොයාගැනීමට නිලධාරීන්ට හැකිවිය. කොස් මල්ලිගේ ගෙල කපා දැමූ ස්ථානයද නිලධාරීන් නිරීක්ෂණය කළේය. පසුව මාර්තු මස 19දා කොස් මල්ලිගේ කඳ කොටස ගොඩගැනීමට පොලිසිය ක් රියා කළ අතර ඉන් අනතුරුව කොස් මල්ලි ඝාතනයට යොදාගත් ටී පනස් හය ගිනි අවියද නිලධාරීන් සොයා ගත්තේය.
කොස් මල්ලි ගෙල කපා මරා ඔහුගේ ගිය කොටස රිෆ්ඛාන් මරා දැමුණු අලුත්කඩේ පෙදෙසට ගෙනැවිත් දැමුවේ ඩුබායි සිට මාකඳුරේ මධුෂ්ගේ නියෝග මතය. කොස් මල්ලි ඝාතනය ම්ලේච්ඡ ඝාතනයක් ලෙස පොලිසිය හඳුන්වනු ලැබීය. ඊට හුදෙක් හේතු වූයේ කොස් මල්ලි ගෙල කපා මරා දමන අයුරු ෆේස්බුක් වෙබ් අඩවියටද ඇතුළු කර තිබීමය.
කොස් මල්ලි ඝාතනයට සම්බන්ධ වූවන් පොලිසියට කොටු වී ඇති බව දත් මාකඳුරේ මධුෂ් ඩුබායි සිට විමර්ශන නිලධාරීන්ට දුරකථන ඇමැතුමක්දී පැවැසුවේ තමාගේ පිරිසට පහර නොදී කරදර නොකර සාධාරණව පරීක්ෂණ කරන ලෙසය. කොස් මල්ලි ඝාතනය කොට සැනසුම් සුසුම් හෙළුෑ මධුෂ් සිය අනියම් බිරියට උපන් දියණියට මෙන්ම පළමු කසාදේ බිරිය ගයනිට උපන් පුතාටද දැඩිසේ ආදරය කළේය. ඒ බව ගයනිද දැන සිටියේය.
වරෙක තම දරුවාට අවශ් ය ප් රතිකාර ලබා ගැනීමට ගයනි සිය දරුවාද සමඟ සිංගප්පූරුවට ගියාය. ඒ මධුෂ්ගේ සහාය ඇතිවය. සිංගප්පූරුවට පැමිණි ගයනි හා දරුවා මධුෂ් ඩුබායි රටට ගෙන්වා ගත්තේය. අවසානයේ පුතා ඔහු ළඟ තබා යන ලෙස මධුෂ් ගයනිට කීවේය. ගයනි මධුෂ්ගේ අදහසට ඉඩ දුන්නාය.
පාකිස්තානු ජාතිකයා සමඟ සබඳකම් පවත්වමින් මත්ද් රව් ය මෙරටට ඒම ගැන මොරිල් ඇතුළු පිරිසද මධුෂ් ගැන සිටියේ දැඩි වෛරයකි. එහෙත් එය ගණනකට නොගත් මධුෂ් කංජිපානි හා එක්ව සිය ව් යාපාරය කරගෙන ගිය අතර එමඟින් ලැබෙන මුදල්වලින් නිතර නිතර ප් රියසාද පවත්වමින් අනියම් බිරිය දරුවන් හා මිතුරන් සමඟ සතුටු විය.
ඩුබායි රටේ සිට මෙලෙස සංවිධානාත්මක අපරාධ කරමින් පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමටත් ඔවුන්ට තර්ජන ගර්ජන කරමින් සිය ආධිපත් යයට දකුණේ මත්ද් රව් ය ජාලයක් ඇරැඹීමටත් මාකඳුරේ මධුෂ් ගත් උත්සාහයන් බොහෝය.
මිනිස් ඝාතන, මත්ද් රව් ය ජාවාරම හා සංවිධානාත්මක අපරාධ හේතුවෙන් මධුෂ් පොලිසියට මහත් හිසරදයක් වූ අතර පාතාල ක් රියාකාරකම් මැඬලීමේ මෙහෙයුම් අනුව මධුෂ්වද දුටු තැන ඇල්ලීමට ජාත් යන්තර පොලිසිය රතු නිවේදන පවා නිකුත් කර තිබිණි.
මේ අතර මධුෂ්ගේ මෙහෙයවීමෙන් තවත් සුපිරි කොල්ලයක් සිදුවිය. ඒ 2018 නොවැම්බර් මස 5 වැනිදාය. මහරගම ඇරැව්වල පදිංචිකරුවකු සතු කෝටි 800ක් පමණ වටිනා දියමන්තියක් කොල්ලකෑම සඳහා කැවුමා නමැති තම ගෝලයා එම ව් යාපාරිකයාගේ ගෙදරට එවූු මධුෂ් එම දියමන්තිය කොල්ල කෑවේය.
පසුව ඩුබායි සිට එම ව් යාපාරිකයාද ඇමැතූ මධුෂ් දියමන්ති ඔහු අතට පත්වූවත් එය විකුණා මුදලක් දෙන බවද ව් යාපාරිකයාට පැවැසීය. කොල්ලකරුවන් ව් යාපාරිකයාගේ නිවෙසට කඩා වැදුණේ නාකොටික් නිලධාරීන් ලෙසය.
පසුව මේ පිළිබඳ විමර්ශන සිදුකළ පොලිසිය මධුෂ්ගේ ගෝලයා වන කැවුමා සමඟ එම දියමන්තියද අත්අඩංගුවට ගත්තේය. ඒත් තවමත් සමහරු කියන්නේ මධුෂ් ඒ දියමන්තිය ඔහු වෙත ගෙන්වාගත් බවය.
මෙම කොල්ලයද රටේ මහත් ප් රසිද්ධියට පත්විය.
මේ අතර මධුෂ් හා ජාත් යන්තරව මත්ද් රව් ය ජාවාරමේ නිරත වෙන මෙරට ප් රධාන පෙළේ මත්ද් රව් ය ජාවාරම්කරුවකු අතරද දැඩි සටනක් ඇති විය. ඒ මුහුදු මඟින් මෙරටට ගෙන්වනු ලැබූ මත්ද් රව් ය තොගයකින් කිලෝ 140ක පමණ මත්ද් රව් ය තොගයක් මධුෂ් විසින් සිය ගෝල බාලයන් ලවා පැහැර ගැනීමය.
එම හෙරොයින් මධුෂ් විසින් විකිණීමෙන් රුපියල් කෝටි 40කට ආසන්න මුදලක් සොයාගෙන ඇති අතර ඔහු එම මුදල යොදා ඩුබායි රටේ කාමර 20ක හෝටලයක්ද මිලයට ගෙන ඇත.
එහෙත් ඔහු ඩුබායි රටේ රැඳී සිටින්නේ ව් යාජ ගුවන් ගමන් බලපත් රයක් නිසා ඔහු එම හෝටලයේ ඔප්පු ලියා ඇත්තේ ඔහුගේ හිතවත් ඉන්දීය ජාතියකුගේ නමකටය. ඒ අතර ඩුබායි රටේ පොලිස් ප් රධානියකු පාවිච්චි කරන ලද සුපිරි පන්නයේ වාහනයක්ද වෙන්දේසියක විකිණීමට තිබියදී ඔහු මිලදී ගෙන ඇත.
මේ අතර රටට වින කරමින් මත්ද් රව් ය ජාලයේ යෙදෙන මාකඳුරේ මධුෂ් කොටුකර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු බලධාරීන් දැඩි උත්සාහයක් ගත්හ.
ඒ මධුෂ් නිතර නිතර ප් රිය සාද පවත්වමින් ඒ හරහා ඔහු කොටුකර ගැනීමටය. මේ බව දැනගැනීමට පොලිසිය තවත් පාතාල ක් රියාකාරිකයකුගේ සහාය ලබාගත්තද ඔහුට මධුෂ්ව පොලිසියට කොටු කර දීමට හැකි වූයේ නැත.
එහෙත් මධුෂ්ට එරෙහිව සිටින මත්ද් රව් ය ජාවාරම්කරුවෝද මධුෂ්ව ඩුබායි රටට කොටුකර දීමට මහත් උත්සාහයක් ගත්තේය.
මේ බව නොදත් මාකඳුරේ මධුෂ් සිය අනියම් බිරියට තමාට දාව උපන් දියණියගේ පළමු උපන්දිනය සැමරීම සඳහා ප් රිය සාදයක් සංවිධානය කර තිබුණේ ඔය අතරය. ඒ 2019 වසරේ පෙබරවාරි මස 5 වැනිදාය.
කෙසේ වෙතත් මේ බව මත්ද් රව් ය ජාවාරමේ නියුතු ප් රබලයන් කිහිපදෙනකු මධුෂ්ගේ මේ උපන්දින සාදය පිළිබඳ තොරතුරු දැනගත්හ. ඒත් මධුෂ් ඒ බව දැන නොසිටියේය.
ඒ සමඟම මේ සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ඩුබායි පොලිසියට ලැබිණි. ඒ මෙම ප් රියසාදය තුළ මත්පැන් මෙන්ම මත්ද් රව් යද තිබෙන බව කියමිනි. ඩුබායි පොලිසිය උපන් දින ප් රියසාදය පැවැති හෝටලය වටලන්නේ ඒ තොරතුරට අනුවය.
සාදයට ඩුබායි පොලිස් නිලධාරීන් කඩාවදිත්ම කිහිපදෙනකු එතැනින් පලා ගියහ. ඒත් මාකඳුරේ මධුෂ්, කංජිපානි ඉම්රාන් ඇතුළු සිය දෙනකු පමණ ඩුබායි පොලිසිය ඔවුන්ගේ භාරයට ගත්තේය.
මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස ඩුබායි රටට කොටු වීමත් සමඟ ඔවුන්ගේ ඉරණම සිදුවන්නේ කුමක්දැයි රට පුරා කතාබහට ලක් වූ අතර මධුෂ් බේරා ගැනීමට ඔහුගේ අනියම් බිරියද දැඩි සටනක නිරත වූවාය.
එහෙත් අත්අඩංගුවට ගත් පිරිසගේ රුධිර පරීක්ෂාවට ලක්කිරීමට ඩුබායි පොලිසිය ක් රියා කළේය. ඒ ඔවුන් මත්ද් රව් ය පානය කර ඇත්දැයි දැන ගැනීමටය.
ඒ අනුව මත්ද් රව් ය ශරීරගත නොවූවන් එකිනෙකා මුදාහැරීමටත් ඔවුන් රටින් පිටමං කරන්නටත් ඩුබායි පොලිසිය කටයුතු කළේය. ඒත් මධුෂ් නිදහස්වීමට මඳක් ප් රමාද විය. ඒ නිසා මධුෂ්ගේ බිරිය නීතිඥයන්ගේ සහායද ලබා ගෙන නීතිඥයන් එරටට පවා ගෙන්වාගෙන තිබිණි.
මේ අතර මධුෂ් මෙරටට භාරදෙන ලෙස මෙරට පොලිස් බලධාරීන් ඩුබායි රාජ් යයෙන් ඉල්ලීමක් කළේය. ඒ අතරතුර මධුෂ්ගේ අනියම් බිරියද දරුවන් සමඟින් මෙරටට පැමිණි අතර ගුවන්තොටුපොළේදී ඇගෙන් ප් රකාශයක් ලබාගත් රහස් පොලිස් නිලධාරීන් ඉන් අනතරුව ඇය මුදා හැරියේය.
ඊට පසුව මාකඳුරේ මධුෂ්වද ඩුබායි රටෙන් පිටුවහල් කළ අතර ගුවන් මඟින් මෙරටට පැමිණි මධුෂ් ඉන් අනතුරුව රහස් පොලිසිය මඟින් සිය භාරයට ගනු ලැබීය.
රහස් පොලිසිය මධුෂ්ගෙන් දීර්ඝ ලෙස ප් රශ්න කරන්නට විය. ඒ ඔහු එතෙක් කළ ක් රියාවන් ගැන දැනගැනීම සඳහාය. මිනිස් ඝාතන, කුමන්ත් රණ, සංවිධානාත්මක අපරාධ රැසක් පිළිබඳ රහස් පොලිසිය ඔහුගෙන් දීර්ඝ ලෙස ප් රශ්න කරන්නට විය. ඒ ලබාගත් රැඳවුම් නියෝග මතය.
මෙලෙස වසර එකහමාරක කාලයක් රහස් පොලිසියේ සිටි මධුෂ්ගෙන් තවත් මිනිස් ඝාතන දෙකක් ගැන ප් රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයට අවශ් ය විය.
කොස් මල්ලි ඝාතනය ඉන් එකකි. අනෙක කළුතර එතනමඩලදී බන්ධනාගාර බසයට එල්ල කළ ප් රහාරය පිළිබඳවය. ඊට අමතරව සැඟවුණු ආයුධ කිහිපයක් සොයා ගැනීමටද ඔවුන්ට අවශ් ය වී තිබිණි.
මේ වන විට මධුෂ්ගේ රැඳවුම් නියෝගද අවසන් වන කාලය එළැඹ තිබිණි. සැප්තැම්බර් 26 වැනිදා එම නියෝගය අවසන් වන බව දැන ඊට කලින් ඔහුගෙන් ප් රශ්න කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගෙන් අනුමැතිය ඉල්ලා සිටියේය. ඒ අනුව ඊට අනුමැතිය හිමිවිය. පසුගිය 16 වැනිදා මධුෂ් රහස් පොලිසිය මඟින් කොළඹ අපරාධ කොට්ඨාසයට භාර කෙරිණි.
මධුෂ් කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන ඒමෙන් පසු එහි අධ් යක්ෂ ජේ යෂ්ඨ පොලිස් අධිකාරි ජනක නන්දන හා පාලන මෙහෙයුම් සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ප් රධාන පොලිස් පරික් ෂක ඇනස්ලම් ද සිල්වා ඇතුළු නිලධාරීන් ඔහුගෙන් ප් රශ්න කිරීම ඇරැඹූහ.
ඒ බස්නාහිර පළාත භාර ජේ යෂ්ඨ නියෝජ් ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය මතය. එම ප් රශ්න කිරීමේදී කොටිකාවත්ත ප් රදේශයේ ගරාජයක සඟවා තිබූ කෝටි 10ක හෙරොයින් තොගයක් සොයාගැනීමට නිලධාරීන්ට හැකිවිය. “සර්... මට හෑන්ඩ් ෆෝන් එකක් දෙන්න. මේ බිස්නස් එකේ තවත් වැඩකාරයෝ ඉන්නවා. මම සර්ලට උන්ගේ ඒවත් අල්ලලා දෙන්නම්”
එසේ නිලධාරීන්ට පැවැසූ මධුෂ් ඔවුන්ගේ අනුදැනුම මත ජංගම දුරකථනයක් ඔස්සේ තවත් කුඩු තොගයක තොරතුරු හෙළිකරන ලදී. ඒ අනුව එම කුඩු තොගය සැඟවූ බව කියන මාලිගාවත්ත ඇපල්වත්ත ප් රදේශයේ “ලක්සෙත” මහල් නිවාස සංකීර්ණයට රැගෙන යමට නිලධාරීහු කටයුතු කළහ.
ඒ ඉකුත් 20 වැනිදා අලුයම 3ට පමණය. නිලධාරීන් සමඟ මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මාලයක සඟවා තිබූ මත්ද් රව් ය තොගය සොයාගැනීමට ගිය මධුෂ් වෙතට ඒ මොහොතේ එල්ල වූයේ වෙඩි ප් රහාරයකි.
මහල් නිවාස සංකීර්ණයේ උඩුමහලේ සිට එල්ල වූ මෙම වෙඩි ප් රහාරයට ප් රතිප් රහාර දීමට පොලිස් නිලධාරීන්ද කටයුතු කළ අතර ඒ අතරතුරදී මධුෂ්ටද වෙඩි වැදිණි. ඉන් පසු ප් රහාරය එල්ල කළ පිරිස යතුරුපැදිවල නැඟී පලාගියේ නිලධාරීන් වෙත අත් බෝම්බ ප් රහාරයක්ද එල්ල කරමිනි.
මෙම ප් රහාරයෙන් මධුෂ් මියගිය අතර පොලිස් නිලධාරීන් දෙදෙනකුට තුවාල සිදුවිණි. ප් රහාරකයන් පැමිණි යතුරුපැදියක්ද ඔවුන් ගෙනෙන ලද පිස්තෝල දෙකක්ද මහල් නිවාස සංකීර්ණය අසල වැටී තිබියදී සොයා ගැනිණි.
වසර කිහිපයක් තිස්සේ මෙරටට වින කරමින් මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, සංවිධානාත්මක අපරාධ සිදුකරමින් රට පුරා මත්ද් රව් ය ජාවාරම ව් යාප්ත කර දේශීය මෙන්ම විදේශගතවද අපරාධවල නිරත වූ පාතල ලෝකයේ තවත් ගෝඩ්ෆාදර් කෙනකු වන්නට ගිය මධුෂ්ගේ කෙරුම් ඉකුත්දා නිමාවට පත්විණි.
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්... VIDEO VIDEO VIDEO