Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ශ්‍රී ලංකන් Rap Girl Apziගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
යොවුන් නිරූපන ශිල්පිනී හෂිනි ගුරුගේ නවතම ඡායාරූප පෙළ
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
සුරූපී රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංගගේ තවත් සරාගී ඡායාරූප කිහිපයක් එළියට - Photos
රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, ඇගේ ආදරණීය දියණිය ස්වේතා සමඟ ගත් අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න - Photos
රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
ජනප්‍රිය නිළි ඕෂධි හිමාෂාගේ අලුත්ම වැඩක් එළියට ආ හැටි
පියුමි හංසමාලි සිය 28වන උපන්දිනය සැමරූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
Oct
24
“එයාගේ බාබර් වෙන්නත් වුණා. අපි ඉතිං බැරිම තැන ගැහැනු, පිරිමි, මල්, පළතුරු සෙල්ලම කරන්න ගත්තා..” - සමාජ මාධ්‍යයේ කතාබහ වුනු ෆොටෝෂූට් එක ගැන, රුවංගි රත්නායක කියපු කතාව - Photos

- “එයාගේ බාබර් වෙන්නත් වුණා. අපි ඉතිං බැරිම තැන ගැහැනු, පිරිමි, මල්, පළතුරු සෙල්ලම කරන්න ගත්තා..” - සමාජ මාධ්‍යයේ කතාබහ වුනු ෆොටෝෂූට් එක ගැන, රුවංගි රත්නායක කියපු කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,807 Views
“මගේ රංගනයේ අඩුපාඩු දැක්කත් එයා මට ඒක කෙළින් කියනවා...”
 
“මම ආසා කරන දේ කලාව. එයා මාව ඒකෙන් ඈත් කරන්නේ නැහැ...”
 
“හැබැයි දැන් තනියෙන් ඉන්නවා වගේ නෙමෙයි. වගකීම් තියෙනවා..”
 
පසුගිය දවසක රංගන ශිල්පිනි රුවංගි රත්නායක මංගල ඇඳුමින් සැරසී සැමියා සමඟින් ගත් අපූරූ ඡායාරූප පෙළක් සමාජ මාධ්යයේ හුවමාරු වුනා. ඇය ඒ ගැනත්... ඇගේ පුද්ගලික ජීවිතේ අලුත්ම තොරතුරු ගැනත් සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියා තිබුනා.

රුවංගි විවාහ ගිවිස ගෙන වසරක් ගත වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි හොර රහසේ විවාහ උත්සවය ගත්තද?
ඇත්තටම මම විවාහ ගිවිස ගත්තේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ. ලබන මාසෙට අපි විවාහ වෙලා අවුරුද්දක් වෙනවා. රටේ තිබෙන තත්ත්වයත් එක්ක අපිට මේ අවුරුද්දේ සැලසුම් කරලා තිබ්බ විදිහට විවාහ උත්සවය ගන්න බැරි වුණා. ඒ වුණාට මනාල යුවළක් ලෙස සැරසිලා ෆොටෝ ෂූට් එකක් කළා. ඒ වගේම පවුලේ නෑදෑයන් ළඟම හිතමිතුරන්ට පාටි එකකුත් දුන්නා.
 
ඒ කියන්නේ සැලසුම් වෙනස් කරන්න වුණේ පවතින කොරෝනා තත්ත්වය නිසාද?
ඔව්, මේ අවුරුද්දේ මැද භාගයේ තමයි අපි විවාහ උත්සවයක් ගන්න හිතුවේ. නමුත් පැවැතුණ තත්ත්වය එක්ක ඒ සඳහා ලෑස්ති වෙන්න අපිට බැරි වුණා. අපේ පළමු විවාහ සංවත්සරයත් ලබන මාසේ 07 වැනිදා යෙදෙන නිසා ඊට කලින් මනාලියක් ලෙස සැරසෙන්න ඕනේ කියලා හිතලා තමයි ඒ ෂූට් එක කළේ.
 
කලා ක්ෂේත්රයේ හිත මිතුරෝ ඒ සැමරුමට එකතු කරගන්න බැරි වුණාද?
අපේ පළමුවැනි විවාහ සංවත්සරය උත්සවයක් ලෙස ගන්න හිතාගෙන ඉන්නේ. රටේ තිබුණ තත්ත්වය එක්ක තමයි හිතේ හැටියට විවාහ උත්සවය ගන්න බැරිවුණේ. නමුත් කලා ක්ෂේත්රයේ හිත මිතුරෝ එකතු කරගෙන අපේ පළමු විවාහ සංවත්සරය සමරන්න හිතාගෙන ඉන්නවා.
 
කොරෝනා තත්ත්වය නිසා මාස කිහිපයක් ගෙදරට වෙලා හිටපු කාලේ රුවංගි සැමියාගේ බාබර් වුණා නේද?
අපි විවාහ වුණ අලුත තමයි ඒ කොරෝනා නිවාඩුව නිසා ගෙදරටම වෙලා ඉන්න සිද්ධ වුණේ. මගේ සැමියා කාර්යබහුල කෙනෙක්. නමුත් නිවාඩුවේදී අපි දෙන්නටම එකටම ගත කරන්න අවස්ථාව ලැබුණා. කෑම වර්ග හැදුවා. සෙල්ලම් කළා. එයාගේ බාබර් වෙන්නත් වුණා. කොහේවත් යන්නෙ නැතිව එකතැන ඉන්න හරි අමාරුයි. අපි ඉතිං බැරිම තැන ගැහැනු, පිරිමි, මල්, පලතුරු සෙල්ලම කරන්න ගත්තා. ඔහොම තමයි ඒ කාලය ගෙව්වේ. 
 
ඔබේ සැමියා නිර්මල. ඔහු ඔබේ රංගනය විඳින රසිකයෙක්ද?
ඔව්. එයා මගේ රසිකයෙක්.
 
ඔබ කරන දේවල් ඔහු අගය කරනවද?
ඔව්, මම කරන දේවල් එයා අගය කරනවා. ඒ වගේම මගේ රංගනයේ අඩුපාඩු දැක්කත් එයා මට ඒක කෙළින් කියනවා. මගේ කලා කටයුතුවලට ඔහු හොඳ සහායක් දෙනවා.
 
විවාහ වුණාට පස්සේ රංගනයේ තෝරාබේරා ගැනීම් වැඩි වුණාද?
විවාහ වුණා කියලා මට ලොකු බලපෑමක් එන්නේ නැහැ. මම මේ වෙනකල් කළ නිර්මාණ ප්රේක්ෂක ආකර්ෂණය දිනාගත් හොඳ නිර්මාණ. ඒ නිසා මම කැමැති හොඳ දේවල් මම තෝරාගෙන කරනවා.
 
ඒ කියන්නේ සැමියා රුවංගිට කිසිම තහංචියක් දාන්නේ නැද්ද?
නැහැ. හැබැයි දැන් තනියෙන් ඉන්නවා වගේ නෙමෙයි. පවුල් ජීවිතය ඇතුළේ වගකීම් තියෙනවා. ඒ වගකීම්වලට බාධාවක් නොවෙන්න කලා කටයුතු කරන්න මගේ සැමියා මට නිදහස දීලා තියෙන්නේ. මම ආසා කරන දේ කලාව. එයා මාව ඒකෙන් අෑත් කරන්නේ නැහැ.
 
රංගනයේදී සීමා දාගත්ත දේවල් රුවංගිට තියෙනවද?
මම මට ලැබෙන නිර්මාණවලින් ආස හොඳ දෙයක් තෝරගෙන කරනවා. කොළඹින් පිට ගිහින් දවස් කිහිපයක් නැවතිලා ඉන්න නිර්මාණ ගැන මම දෙපාරක් හිතනවා. නිර්මාණය තුළ විශේෂත්වයක් තියෙනවද කියලා එතැනදී මම බලනවා.
 
පවුල් ජීවිතේ වගකීම් මඟහැර ගන්නේ නැතුව කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න රුවංගිට හැකි වෙයිද?
ඔව්. මම හිතනවා පවුල් ජීවිතේ වගකීම් මඟ හැර ගන්නේ නැතුව කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි කියලා. අපි ආස කරන දේවල්වලට කොහොම හරි කාලය හොයා ගන්නවානේ. ඉතිං හැමදේම සමබර කරගෙන ජීවත් වෙන්න මට පුළුවන් කියලා හිතනවා.
 
දැන් රුවංගි පදිංචි කොළඹද?
ඔව්, මගේ සැමියාගේ ගම ඇඹිලිපිටිය. නමුත් ඔහු ජීවත් වුණෙත් කොළඹ. මගේ වැඩ කටයුතුවලටත් පහසු නිසා අපි කොළඹ නැවතිලා ඉන්නවා. ව්යාපාර කටයුතුවලට අපි දෙන්නම ගමට ගිහින් එනවා.
 
සැමියා මැණික් ව්යාපාරිකයෙක්නේ. රුවංගි ඔහුගේ ව්යාපාර කටයුතුවලට උදවු කරනවද?
මම රංගනයට ගොඩක් කාර්යබහුල නැති නිසා එයාගේ ව්යාපාරවලටත් සහාය දෙනවා. එයා ඒකට කැමැතියි.
 
රුවංගි රංගනයට එද්දී බොහෝ ප්රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත්තා. තාමත් ඒ ප්රේක්ෂක ආකර්ෂණය තියෙනවද?
අම්මෝ ඔව්. මම නිතර දකින්න නැති වුණත් ප්රේක්ෂකයන්ගේ ආදරය අඩු වුණේ නැහැ. පාරේ බැහැලා යද්දි, විවිධ ස්ථානවලදී ප්රේක්ෂකයන් හමු වුණාම කියන දේවල්වලින් ප්රේක්ෂක ආදරය මට අඩුවක් නෑ කියලා දැනෙනවා.
 
රුවංගිගේ ජීවිතේ දැන් හැමදේම ලැබිලද තියෙන්නේ?
පෞද්ගලික ජීවිතේ හැමදේම ලැබිලා තියෙනවා. කලා ජීවිතෙත් ගොඩක් දේවල් ලැබුණා. තව ගුණාත්මක වෙනස් වෙනස් චරිත කරන්න ආසයි.
 
තිළිණි කෞශල්යා විජේසිංහ
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතේ "හදගැස්ම" අතිරේකයෙන්...


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top