Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ශ්‍රී ලංකන් Rap Girl Apziගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
යොවුන් නිරූපන ශිල්පිනී හෂිනි ගුරුගේ නවතම ඡායාරූප පෙළ
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
සුරූපී රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංගගේ තවත් සරාගී ඡායාරූප කිහිපයක් එළියට - Photos
රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, ඇගේ ආදරණීය දියණිය ස්වේතා සමඟ ගත් අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න - Photos
රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
ජනප්‍රිය නිළි ඕෂධි හිමාෂාගේ අලුත්ම වැඩක් එළියට ආ හැටි
පියුමි හංසමාලි සිය 28වන උපන්දිනය සැමරූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
Oct
24
“කොරෝනා රෝගියෙක් අපිට බැනලා මරණ තර්ජනය කළේ ප්‍රතිකාර ලබා ගන්න ගමන්මයි, නිරෝධායන මධ්‍යස්ථානයට යවපු එකට පළිගන්නවා කියලා..” - කොරෝනා උවදුර මැද, මරණය අතේ තියාගෙන ගම්පහ දුව ඇවිදන PHI නිලධාරින් කාටවත් නොකියපු සංවේදී කතාව

- “කොරෝනා රෝගියෙක් අපිට බැනලා මරණ තර්ජනය කළේ ප්‍රතිකාර ලබා ගන්න ගමන්මයි, නිරෝධායන මධ්‍යස්ථානයට යවපු එකට පළිගන්නවා කියලා..” - කොරෝනා උවදුර මැද, මරණය අතේ තියාගෙන ගම්පහ දුව ඇවිදන PHI නිලධාරින් කාටවත් නොකියපු සංවේදී කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,115 Views
“හරිම දුෂ්කරයි. අවිවේකියි. වෙහෙසයි. ඒත් මොනවා කරන්නද? ”
 
“ඇමැතුම්වලට ප්රතිචාර දැක්වූයේ නැහැ කියලා පරුෂ වචනයෙන් බැනලා මැසේජ් එවනව.”
 
“එක දිගට කෝල් එද්දී ඒවට උත්තර දෙනකොට තව කෙනෙක් හිතන්නේ අපි ඒ කෝල් එක ගන්නේ නැහැ කියලා...”
 
නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බොහෝ ප්රදේශවල ජනතාව ජීවිතය ගෙවන්නේ විවේකීවය. වෙනදා මෙන් අතපය දිගහැර, එසේත් නැතිනම් හැකි විධියට බඩ පුරවා ගන්නට තරම් පරිසරයක් නැතත් ඔවුන් ආරක්ෂාකාරීව සිටින බව නම් අප පිළිගත යුතුය.
 
එහෙත් නිරෝධායන ඇඳිරි නීතිය ක්රියාත්මක ප්රදේශවල රාජකාරිය කරන මහජන සෞඛ්ය පරීක්ෂක මහත්වරුන්ගේ ජීවිත නම් අතිශයින්ම කාර්ය බහුලය. ඔවුන්ට මඳක් නැවතී ගිමන් හරින්නට තරම්වත් විවේකයක් නැත. තිබෙන දෙයක් අනුභවකොට බඩකට පුරවා ගන්නට තරම්වත් ඉඩක්ද නැත.

මේ නිසාම අපි දිවුලපිටිය හා මිනුවන්ගොඩ ප්රදේශ භාර මහජන සෞඛ්ය පරීක්ෂක මහත්වරුන් හමුවී තොරතුරු පිළිබඳව විමසන්නට පසුබට නොවූවෙමු.
 
මේ සටහන තබන මොහොත වන විට මිනුවන්ගොඩ ප්රදේශයේ භාර සෞඛ්ය පරීක්ෂකවරයා වූ රන්දෙණිය මහතා උගුරේ ආබාධයකින් පෙළෙන බව දැනගන්නට ලැබිණි.
 
මේ නිසාම අප සම්බන්ධ කරගන්නේ ශ්රී ලංකා මහජන සෞඛ්ය පරීක්ෂක සංගමයේ උප සභාපති එස්.ඒ.යූ.ටී. කුලරත්න මහතාවය. ඔහු දිවුලපිටිය හා කටාන ප්රදේශ භාර පරිපාලන මහජන සෞඛ්ය පරීක්ෂකවරයාය.
 
“රන්දෙණිය මහත්තයා තමයි මිනුවන්ගොඩ භාරව සිටින්නේ. එතුමා හුඟක් වෙහෙස මහන්සිවෙලා වැඩ කළා. මිනිස්සු එක්කම කතා කරලා තමයි උගුරේ ආබාධය ඇති වුණේ.” කුලරත්න මහතා අපේ කතාබහ අරඹමින් ඒ ගැන මතක් කළේය.
 
මේ දවස්වල මිනුවන්ගොඩ හා දිවුලපිටිය ප්රදේශවල තත්ත්වය පිළිබඳව අමුතුවෙන් ඔබට පැවැසිය යුතු නොවේ.
 
බ්රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ව්යාප්තියත් සමඟම මිනුවන්ගොඩ හා දිවුලපිටිය මෙන්ම කටාන තුළත් ඇති වූයේ දැඩි නොසන්සුන් වාතාවරණයකි.
 
“ඇත්තටම දිවුලපිටියේ සිටින එක්ලක්ෂ හතළිස් හත් දහසක ජනගහනය, කටානේ ඉන්න එක් ලක්ෂ තිස්හත් දහසක ජනහනය එකට එකතු කළාම ලක්ෂ 3ක් වගේ පිරිසක්. මේ හැමෝම බලාගන්න වී තිබෙන්නේ මාත් එක්ක ඉන්න 11 දෙනකුගෙන් සමන්විත මහජන සෞඛ්ය පරීක්ෂක නිලධාරීන්ට.”
 
“ඉතින් හිතන්න.. මොන වගේ ප්රශ්න අපිට එනවද කියලා. හරිම දුෂ්කරයි. අවිවේකියි. වෙහෙසයි. ඒත් මොනවා කරන්නද? ”
 
“මිනුවන්ගොඩ තත්ත්වයත් එහෙමයි. ඒ පළාතේ ජනගහනය එක්ලක්ෂ හැටහත්දාහයි. නිලධාරීන් ඉන්නේ 11 දෙනයි. ”
 
මේ සටහන ලියන මොහොත වන විට දිවුලපිටිය ආශ්රිතව ස්වයං නිරෝධායනය පිරිස 10,000කට ආසන්නය. කටානේ නිරෝධායනය වන පිරිස එක්දහස් පන්සියයකි. මිනුවන්ගොඩ 12,000කි.
 
ඊට අමතරව දිවුලපිටියේ හඳුනාගත් කොරෝනා රෝගීන් සංඛ්යාව 310කි. කටානේ 85කි. මිනුවන්ගොඩ 700කට එහාය.
 
පොකුරු වශයෙන් බිහිවන, හමුවන රෝගීන්ගේ අලුත්ම ප්රවෘත්තිය සිකුරාදා උදේ හමුවූ අකරගම ප්රදේශයේ රෝහලය. පෞද්ගලික රෝහලක සුළු සෞඛ්ය සේවකයකු ලෙස සේවය කරන පුද්ගලයකුගේ පුතකු පවා කොරෝනා රෝගියකු බව පැවැසෙන ප්රවෘත්තිය සඟවා ගෙන නිවෙසට වී සිටියදී කුලරත්න මහතා සොයා ගත්තේය.
 
“මේ තරුණයගේ පී.සී.ආර්. පරීක්ෂණය සිදුකළ රසායනාගාරය පවා අපිට මේ තොරතුරු වාර්තා කළේ නැහැ. ඒ වගේම මේ රෝගියා වුණත් ඔහු මේ කාලය පුරාවට ඇසුරු කළා. ගිය තැන් ගැන තොරතුරු පවසන්නේ නැහැ. කොහොම වුණත් දැන් අපිට සිද්ධ වුණා, අකරගම රෝහල වසා දමන්න. මේ විධියට රෝගීන් තොරතුරු වසන් කරන එක තමයි අපිට තිබෙන ලොකුම ගැටලුව.”
 
කුලරත්න මහතා ප්රමුඛ මේ මහජන සෞඛ්ය පරීක්ෂක මහත්වරුන්ට මෙවැනි සිදුවීම් නිසා දිවා රෑ දෙකේ වෙනසක් නැත. එක දිගට රාජකාරියේය. වගකීම් රැසක් කරට ගෙන සිටින ඔවුන්ට පෞද්ගලික ජීවිතයක් නැති තරම්ය.
 
“අපි ගෙවල්වලට යන්නේ පාන්දර 3-4ට විතර. ඒ ගිහින් ආපසු ‘හිමිදිරියේම එළියට බහිනවා. නිදාගන්නේ වෙනම තැනක. ඒ වගේම හිමිදිරියේම ගෙදර ගියත් ඇඳන් ඉන්න ඇඳුම් හෝදලා නා ගන්නවා.”
 
“පසුගිය 2 වැනිදා ඉඳලා අපි ගෙදර අය එක්ක තිබෙන සබඳතා දුරකථනයෙන් විතරයි. ඒ අය මහ රෑත් ඇහැරිලා ඉඳලා දුරකථන ඇමැතුම් දිදී ගෙදර එන වෙලාව අහනවා. අපි එනතුරු නිදා ගන්නේ නැහැ.”
 
මේ කාලය පුරාවටම මේ සෞඛ්ය පරීක්ෂක මහත්වරුන්ට ගෙදර අඹුවන්ගේ සහ දරු දැරියන්ගේ ප්රශ්නවලට දායක වී උත්තර සොයා දෙන්නට තරම් ඉඩක් නැත.
 
“ඒත් කමක්් නැහැ කියමුකෝ... මේ වගේ තත්ත්වයක් තුළ අපි අපේ සේවය කරනවා කියමුකෝ... ඒත් අපිට සමාජය තුළින් පවා සමහර අවස්ථාවලදී ඇති වෙන ප්රශ්න සුළු පටු නැහැ."
 
“මේ මෑතක දවසක කොරෝනා රෝගියෙක් අපිට බැනලා මරණ තර්ජනය කළේ ප්රතිකාර ලබා ගන්න ගමන්මයි. ඔහු කියනවා අපිව ගෙනත් දාලා, හමුදාව දාලා ගෙදර අයව නිරෝධායන මධ්යස්ථානයට යවපු එකට පළිගන්නවා කියලා.”
 
“තවත් අය ඒ අයගේ දුරකථන ඇමැතුම්වලට ප්රතිචාර දැක්වූයේ නැහැ කියලා පරුෂ වචනයෙන් බැනලා මැසේජ් එවනව. ඊළඟට කෝල් කරලත් බනිනවා. එක දිගට කෝල් එද්දී ඒවට උත්තර දෙනකොට තව කෙනෙක් හිතන්නේ අපි ඒ කෝල් එක ගන්නේ නැහැ කියලා. නිකම් ඉන්නවා කියලා.'' 
 
මේ පළාත්වල මහජන සෞඛ්ය පරික්ෂක නිලධාරීන් මහජනතාව හමුවට යන්නේ විශේෂිත ඇඳුමකින් සමන්විතවය. මේ ඇඳුම දවසක් පුරාවට දරාගෙන සිටීම අතිශයින්ම වෙහෙසකරය. මෝටර් සයිකලෙන් හෝ සේවය සඳහා පැමිණෙන ඔවුන්ට ගමන් වාරවලදී පවා ඇති වී තිබෙන්නේ දැඩි අපහසුවකි.
 
“දැන් අපි ඒ ඇඳුම අඳින්නේ නැහැ. ඇත්තටම ඇඳලා වැඩ කරන්න බැහැ. ඒ නිසාම පුරුදු නිල ඇඳුම ඇඳලා යනවා. මෙහෙම යන එක ලොකු ගැටලුවක් තමයි. ඒත් මොනවා කියලා කරන්නද?”
 
මහජන සෞඛ්ය පරීක්ෂක මහත්වරුන් මේ සියලු අපහසුතා හා දුක් ගැහැට දරා ගනිමින් ගම්පුරා ඇවිදිමින් සේවය සලසද්දී ඇතැම් අවස්ථාවල සානුකම්පිත සිදුවීම්වලට පවා මුහුණ පායි. ඔවුන් ඒ ගැන කතා කරන්නේ මෙහෙමය.
 
“සමහර ගෙවල්වල අම්මා එක කඳවුරක නිරෝධායනය වෙනවා. තාත්තා තවත් කඳවුරක. පුංචි දරුවෝ ආච්චි අම්මා ළඟ. එහෙම දරුවෝ කෑ ගහලා අම්මව ගෙනත් දෙන්න කියලා අඬනවා. තවත් ගෙවල්වල ගැහැනු දරුවෝ විතරක් අම්මා තාත්තා නැතිව ජීවත් වෙනවා. දැන් දැන් නිරෝධායනය වුණු පිරිස් එකා දෙන්නා නිවෙස් කරා එන නිසා තමයි ප්රශ්න. හැමෝම ගෙදරට එනතුරු ගැටලු ගොඩයි.”
 
තවත් සමහර අවස්ථාවලදී ආර්ථික ප්රශ්න මැද ජීවත් වන ජනතාව පවා හඬා වැලපෙමින් පවසන්නේ කුසගින්න ඉවසා දරා ගැනීමට නොහැකි තැනය. ඔවුන් මේ මහජන සෞඛ්ය පරික්ෂක නිලධාරීන් අමතා ඉල්ලන්නේ ඊට සහනයකි.
 
“අපි මේ වගේ වෙලාවට ගමේ ග්රාම සේවක මහත්තයා දැනුවත් කරනවා. වෙන මොනවා කියලා කරන්නද? ඊළඟට සමහර නිදන්ගත රෝගවලට ගොදුරු වී සිටින අය බෙහෙත් ඉවරයි. ඒවා ගෙනත් දෙන්න කියලා බැගෑපත් වෙනවා. ඇත්තටම කිව්වොත් එහෙම වෙලාවට අපි දිවා රෑ නොබලා ඒ බෙහෙත් අවශ්ය කෙනාට ගෙනිහින් දෙනවා.”
 
“තවත් සමහර වෙලාවට සාමාන්ය ලෙඩ දුක්වලින් පෙළෙන අයව අපිට ඉස්පිරිතාලෙ අරන් යන්න සිද්ධ වෙනවා. ඊළඟට ටිකට් කැපුවහම ආපහු ගෙදරට අරන් එන්න සිදුවෙනවා. ලක්ෂ තුනක ජනගහනයක්. අපි 11 දෙනෙක් මේ හැමදේම කරමින් බලාගන්නේ කොහොමද කියලා හිතන්නකෝ.”
 
කෙසේ හෝ මේ දුෂ්කර රාජකාරියට කැපවී, ඔරොත්තු නොදෙන තරමේ මහජන සේවයක් ඉටුකරන මේ සෞඛ්ය පරීක්ෂක මහත්වරුන්ගේ අභ්යන්තරයට එබී බලන්නටද අපි අමතක නොකළෙමු. ඒ මේ කතාබහේදී අපට ඇසුණු ඇතැම් වාක්ය සැලකිල්ලට ගනිමින්. මේ තරම් මහන්සි වන ඔහු ඇතුළු මහජන සෞඛ්ය පරික්ෂක මහත්වරුන්ට ශ්රමයට සරිලන වැටුපක් ලැබෙන්නේ දැයි අප ප්රශ්න කළේ ඒ අනුවය.
 
“මගේ මුළු වැටුප නම් 60,000ක් විතර. අනිත් අයට අඩුයි. නමුත් අපි හැමෝම බැංකුවලට ණයයි. විවිධ ණය අරගෙන තමයි ගෙවල් හැදුවේ. හදන්නේ. දරුවන්ගේ ඕනෑ එපාකම් ඉටු කරන්නේ.''
 
“ඉතින් වැටුප අතට ලැබෙනකොට ඒ හැම ණයක්ම අඩු වෙලා අතට ලැබෙන්නේ පුංචිම පුංචි මුදලක්. ඒ මුදලට තමයි අපි මේ සේවය කරන්නේ.” කුලරත්න මහතා හැඟුම්බරව කියා සිටියේය.
 
මේ ආකාරයට දැඩි ආර්ථික ප්රශ්න මැද සේවය කරන මහජන සෞඛ්ය පරික්ෂක මහත්වරුන්ට මේ දවස්වල තවත් වියදමක් දැරීමට සිදුවී ඇත. ඒ වියදම් පවා පොකට්ටුවට තදින් දැනෙන බව ඇත්තකි.
 
“අපි දවසකට කොහේ කොහේ යනවද? ඒ ගියාම කොරෝනා රෝගිකු හෝ ඒ ආශි්රතයකු ගැන අහන්න, දැන ගන්න ලැබුණු හැටියේ අපේ පෞද්ගලික ජංගම දුරකථනයෙන් එහෙට මෙහෙට කතා කර කර ඒ ගැන විමසනවා. අපිට එක රෝගියකුගෙන් ලැබෙන දුරකථන අංක 10 -12 ද ඒවා ගැන බලන්නේ නැතිව කතා කරනවා. අන්තිමට දන්නෙම නැහැ දුරකථනයේ මුදල් ඉවර වෙනවා.''
 
“ඉතින් ආපහු කාඩ් එකක් අරන් කේරඩිට් දාගන්නවා. මේ නිසාම දවසකට රුපියල් 300 -400ක් විතර වියදම් වෙනවා. මේ විදිහට මාසයක් විතර වියදම් කළොත් කීයක් පොකට්ටුවෙන් ගිහින්ද? ඒත් රාජකාරියනේ. එහෙම හිතලා හිත හදා ගන්නවා.”
 
පරිපාලන මහජන සෞඛ්ය පරික්ෂක කුලරත්න මහතා මේ තොරතුරු ඔස්සේ අනාවරණය කරන්නේ කොරෝනා බිහිසුණු වසංගත රෝගයක් ඉදිරියේ මහජනතාව සමඟ සමීපව ඇසුරු කරමින් අනිවාර්යයෙන්ම රාජකාරිය ඉටු කළ යුතු නිලධාරි පිරිසක් එසේත් නැත්නම් තවත් මිනිසුන් පිරිසක් මුහුණ දී ඇති සානුකම්පිත ගැටලු පිළිබඳවය. එහෙත් ඒ ගැටලු හා අභියෝග ඉදිරියේ ඔවුන් රජයට හෝ වගකිව යුතු අංශවලට අභියෝග කිරීමට තරම් අමානුෂික වී නැත. එහෙත් මනුෂ්යයන් හැටියට වගකිව යුතු අංශ ඒ ගැන සොයා බැලීම නම් කාලෝචිතය. මන්ද මේ සේවය ඔබට මට හෝ තවත් කෙනකුට කිරීමට නොහැකි නිසාය. එය කළ හැක්කේ මහජන සෞඛ්ය පරීක්ෂක මහත්වරුන්ටම පමණි.
 
සමන් ප්රියංකර නම්මුනිගේ
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්...
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top