නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කිරීම වෙනුවෙන් මහජන අදහස් ලබාගැනීම ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ලබන නොවැම්බර් මස 30 වනදාට පෙර එම අදහස් ලබාදීමට හැකියාව පවතින බවයි අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.ප්‍රියන්ත මායාදුන්න සඳහන් කළේ.
ඒ අනුව තම අදහස් ලේකම්, විශේෂඥ කමිටුව, අංක 32, පරිශ්‍ර අංක දෙක, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ හත යන ලිපිනයට ලිපි මගින් යොමු කළ හැකියි.
මීට අමතරව
[email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කරන ලෙසයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.
ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අධිකරණ අමාත්‍යාංශ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.