පසුව ඇය බොලිවුඩ් සිනමාවට පිවිසියේ මීරාබායි චිත්රපටයේ ගායිකාවක් ලෙසිනුයි.
මේ වනවිට ජනප්රිය ගීත රැසකටම හිමිකම් කීමට සමත් ව තිබෙන ඇය ලොව පුරා රසිකයින්ගේ මහත් අවධානයකට ලක්වූ තරුවක් බවට පත්ව තිබෙනවා.
කෙසේවෙතත් ඇය පිලිබදව මෑතකදී යළි කතාබහක් ඇතිවුනේ ඇයට Rohanpreet Singh විසින් තම විවාහ යෝජනාව ගෙන දුන් මොහොතේ ගත් අපුරූ ජායාරූප කිහිපයක් අන්තර්ජාලයේ පල කිරීමත් සමඟයි.
ඒ වගේම ඉන්දීය මාධ්ය වාර්තා කරලා තියෙන්නේ ඔක්තෝම්බර් 24 වැනිදා ඒ කියන්නේ අද දිනයේ දිල්ලියේදී ඔවුන් දෙදෙනා අතිනත් ගන්නා බවයි.
ටයිම්ස් ඔෆ් ඉන්දීයා සඳහන් කර තිබුනේ, විවාහය 24 වැනි දිනත් (ඒ කියන්නේ අද), 26 වැනිදා පන්ජාබයේ පිළිගැනීමේ උත්සවයකුත් පැවැත්වෙන බවයි.
මෙම විවාහයට පන්ජාබයේ බොහෝ ගායක ගායිකාවන් සහභාගී වන බව තමයි දැනගන්න ලැබෙන්නේ.
මේ අතරතුර නේහා කැක්කර්ගේ සහ රෝහන් ප්රීත් සින්ගේ විවාහයේ ඊයේ පැවැත්වුනු හල්දි උත්සවයේ අපූරු ඡායාරූප කිහිපයකුත් අන්තර්ජාලයේ සැරිසරමින් පවතිනවා.
මේ තියෙන්නේ ඒ ඡායාරූප පෙළ....