පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල සහ සියලු පළාත් කාර්යාල නැවත දැනුම් දෙනතුරු මහජනතාවට විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් එම දෙපර්තමේන්තුව දැනුම් දෙන්නේ ජාතික හඳුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල හරහා ක්‍රියාත්මක බවයි.
ජාතික හඳුනුම්පත් නිකුත් කිරීම ඇතුළු එම දෙපාර්තමේන්තුවෙන් සැපයෙන සේවාවන් පිළිබද තොරතුරු විමසීම සඳහා විශේෂ දුරකථන අංක කිහිපයක් ක්‍රියාත්මකයි.
0115 226126, 0115 226115, 0115 226100, 0115 226150 එම දුරකථන අංක වනවා.