ශාරුක් ඛාන් කවුද කියලා කියන්නේ බොලිවුඩ්වල ඉන්න දැවැන්තයෙක්. ඒ වගේම කොලිවුඩ්වල ඉන්න දැවැන්තයෙක් තමා රජිනිකාන්ත් කියලා කියන්නේ. ශරුක් ඛාන් ඔහුට අසීමිත ලෙස ගරු කරනවා. ඒ වගේ ශාරුක්ගේ චිත්‍රපටියක රජිනිකාන්ත් වෙනුවෙන් ගීතයක් ඇතුළත් කළ බවත් කවුරුත් දන්නවා.
මේ කියන්න යන්නේ ඒ දෙන්නාගේ සිනමාව ගැන කතාවක් නම් නෙවෙයි. මේ දවස්වල පැවැත්වෙන අයි.පි.එල් තරගාවලියේ ශාරුක්ගේ ඛාන්ගේ කණ්ඩායමක් වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමත් ක්‍රීඩා කරනවා නේ. පසුගිය තරගවල එම කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ දිනේෂ් කාර්තික්.
ඉතිං දිනේෂ් කියලා කියන්නේ රජිනිගේ රසිකයෙක්ලු. ශාරුක් එක්ක කතා කරද්දී රජිනිගේ දෙබස් පවා කියනවාලු. ශාරුක්ට කියලා තියෙනවා රජිනිගේ රසිකයෙක් වුණත් කවදාවත් එයා එක්ක කතා කරන්න ලැබිලා නැහැ. එක සැරයක් දැකලා තියෙනවා කියලා.
මේ කරුණුත් එක්ක ශාරුක් ඛාන් දිනේෂ් කාර්තික්ට පොරොන්දුවක් වෙලා තියෙනවා අයි.පි.එල් ශූරතාව දින්නොත් දිවා ආහාරයක් සඳහා රජිනිගේ ගෙදරට එක්කගෙන යනවා කියලා... මේ ගැන දකුණු ඉන්දිය මාධ්‍ය පවා වාර්තා කරලා තිබුණා.