ගාල්ල ධීවර වරාය පරිශ්‍රය තාවකාලිකව වසා දමා තිබෙනවා.
ඒ, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමත් සමඟ එම වරාය පරිශ්‍රයේද ඇතිවූ අවදානම සැළකිල්ලට ගනිමින්.
ඊයේ (22) දිනයේ ගාල්ල ධීවර වරායේ ධීවරයින් ඇතුළු සේවා සපයන්නන් 166 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබුණා.
මේ අතර අහුන්ගල්ල - කටුවෙල ග්‍රාමසේවා වසමේ අද දිනයේ පී සී ආර් පරීක්ෂණ සිදුකළ අතර, ඊට සහය ලබාදීමට මාර්ගයේ ගමනාගමනය සීමා කිරීමටයි අහුන්ගල්ල පොලීසිය පියවර ගනු ලැබුවේ.