කොස්ගම, සාලාව රෝහලෙන් පලාගිය කොවිඩ් ආසාදිත පුද්ගලයා බොරැල්ල ප්‍රදේශයේදී සොයාගෙන ඇති බව වාර්තාවනවා.
අදාළ පුද්ගලයාට එරෙහිව නිරෝධායන නීති යටතේ නඩු පැවරීමට පියවර ගන්නා බවයි සඳහන් වන්නේ.
අලුයම 1ට පමණ 26 හැවිරිදි අදාළ තරුණයා රෝහල් ගත කර ඇති අතර පෙරවරු හයට පමණ පළාගොස් ඇති ඔහු සොයා බුද්ධි අංශ පරීක්ෂණ ආරම්භ කළා.
අදාළ ආසාදිතයාගේ මව ඇතුළු පවුලේ සාමාජිකයන්ද කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන්නේ සාලාව රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.