මුදල් පිළිබඳ කාරක සභාවට බහුතර කැමැත්තෙන් සභාපතිත්වය පත්කළ යුතු බවට වන යෝජනාව බහුතර කැමැත්තෙන් අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
ඊට පක්ෂව ඡන්ද 87ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 17ක් පමණයි.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතීත්වයට යෝජනා කරන ලද සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා වෙනුවට වෙනත් රජයේ මන්ත්‍රීවරයෙකු යෝජනාකිරීමට සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන උත්සාහ කිරීමත් සමඟ අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
මුදල් පිළිබඳ කාරක සභාවට බහුතර කැමැත්තෙන් සභාපතිත්වය පත්කළ යුතු බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටි අතර, විපක්ෂයට ලැබිය යුතු එකම සභාපතීත්වය වන මෙම කාරක සභාවේ සභාපතීත්වය තමන්ට ලබාදෙන ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන ඉල්ලා සිටීම හේතුවෙන් මෙම ගැටළුව උද්ගත වුණා.
ස්ථාවර නියෝග 121.1 විධිවිධාන අනුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා එම කාරක සභාවේ මන්ත්‍රීන් අතරින් කාරක සභාව විසින්ම තෝරාපත් කර ගැනීම සඳහා බහුතර කැමැත්ත විමසීමට කතානායකවරයා ඡන්ද විමසීමක් සිදු කිරීමට තීරණය කරනු ලැබුවා.