Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
22
කොරෝනා බිලිගත් 14වැනියා IDH රෝහලේ ප්‍රතිකාර ලැබූ අයෙක් - මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 6000 සීමාවත් ඉක්මවා යයි - මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආශ්‍රිතව අනුපොකුරු හතරක් සක්‍රීය වෙයි - සියලු තොරතුරු මෙන්න - Video

- කොරෝනා බිලිගත් 14වැනියා IDH රෝහලේ ප්‍රතිකාර ලැබූ අයෙක් - මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 6000 සීමාවත් ඉක්මවා යයි - මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආශ්‍රිතව අනුපොකුරු හතරක් සක්‍රීය වෙයි - සියලු තොරතුරු මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25 Views
මාතර උද්යාන පාරේ වෛද්යවරියකටද කොවිඩ් 19 වැළඳෙයි...
 
ශ්රී ලංකා රේගු අධිකාරියේ නිලධාරීන් දෙදෙනෙකුටත් කොරෝනා...
 
මෙරට 14 වැනි කොවිඩ් මරණය අද පස්වරුවේ වාර්තා වුණා.
 
මෙලෙස ජීවිතක්ෂයක්ට පත්ව ඇත්තේ කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන අයි.ඩී.එච්. රෝහල වෙත මාරුකර එවූ 50 හැවිරිදි කාන්තාවක්.

මේ අතර කොවිඩ් වෛරස ව්යාප්තිය සැළකිල්ලට ගනිමින් අද පස්වරු 6 සිට නැවත දැනුම් දෙනතුරු කොටහේන පොලිස් බල ප්රදේශයටද නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ලැබුවා.
 
ඒ අනුව කොළඹ දිස්ත්රික්කයේ පොලිස් බල ප්රදේශ 6කට මේ වන විට නිරෝධායන ඇඳිරිනීතිය ක්රියාත්මකයි.
නව කොවිඩ් 19 ආසාදිතයින් 50 අද වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්යාව 6000 සීමාව ඉක්මවා ගියා.
 
කොවිඩ් 19 වෛරසය ව්යාප්තිය වර්ධනයවීම හේතුවෙන් කොළඹ දිස්ත්රික්කයේ මෝදර, වැල්ලම්පිටිය, ග්රෑන්ඩ්පාස්, මට්ටක්කුලිය, බ්ලුමැන්ඩල් පොලිස් බල ප්රදේශවලට වහාම ක්රියාත්මක වන පරිදි පොලිස් නිරෝධායන ඇඳිරිනීතිය පැණවුණේ අද පෙරවරුවේයි.
 
ඒ ලබන සඳුදා දක්වායි.
 
ඇඳිරිනීතිය පැනවීමත් සමග වැල්ලම්පිටිය ඇතුළු කොළඹ ප්රදේශ රැසක දක්නට ලැබුණේ මෙවන් තත්ත්වයක්.
 
මේ අතර අද පස්වරුවේ සිට නැවත දැනුම්දෙනතුරු කොටහේන පොලිස් බල ප්රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ලැබුවා.
 
මේ අතර කොළඹ සිට කුරුණෑගල දක්වා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් ඇඳිරිනීතිය ක්රියාත්මක දංඕවිට ප්රදේශයේදී බස් රථයට මගියෙකු ඇතුළත් කර ගන්නා ආකාරය ගම්පහ දිසාවේ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා මහතාගේ නිරීක්ෂණයට ලක්වීමෙන් පසු අදාළ බස් රථය අත්අඩංගුවට ගැනුනා.
 
බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන නිරෝධාය නීති යටතේ නඩු පැවරීමට තීරණය කර තබෙනවා.
 
මේ අතර කොවිඩ් ආසාදිතයින් 49 දෙනෙකු හමුවීමත් සමග වසා දැමුණු පෑලියගොඩ මතස්ය වෙළෙඳපොළට ඊයේ පෙරවරුවේ පැමිණ සිටි පුද්ගලයින් 800කට වැඩි පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර තවත් 800ක් පමණ ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.
 
මේ ඊයේ රාත්රියේම යුද හමුදා ආරක්ෂාව මධ්ය යේ නිරෝධායන මධ්යස්ථාන වෙත ජනතාව රැගෙන ගිය අයුරුයි.
 
ඔවුන් අතරින් ශරීර උෂ්ණත්වය ඉහළ අගයක් ගත් පුද්ගලයින් රෝහල් කරා යොමු කිරීමටයි පියවර ගැනුණේ.
 
පෑලියගොඩ මත්ස්ය වෙළඳපොළ ආශ්රිතව ආශ්රිතයින් හඳුනාගැනීමට බලපෑ හේතුව එම වෙළඳ සංගමයේ සභාපති ජයසිරි වික්රමආරච්චි මහතා මෙලෙස පැහැදිලි කළා.
 
මේ අතර පෑලියගොඩ මතස්ය වෙළෙඳ සංකීර්ණයේ සිට ජංගම ලොරි රථයකින් දෙහිවල දුම්රියපොළ පාරේ පොදු වෙළෙඳ සංකීර්ණයට මාළු රැගෙන විත් අළෙවි කරන පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරුවීම හේතුවෙන් දෙහිවල මධ්යම වෙළෙඳ සංකීර්ණයටද අද මුද්රා තැබුණා.
 
ලොරියේ ගමන්ගත් ආශ්රිතයින් 5 දෙනෙකු නිරෝධායන සඳහා යොමු කර ඇතැයි දෙහිවල සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.
 
පෑලියගොඩ මතස්ය වෙළෙඳපොළින් කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමත් සමග කුඩාවැල්ල ධීවර වරායේද අහඹු පීසීආර් පරීක්ෂණ 37ක් පමණ අද සිදු කෙරුණේ අදාළ ධීවර වරායෙන් පෑලියගොඩට මසුන් රැගෙන ගොස් තිබීම හේතුවෙන්.
 
මේ අතර කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ මැනිං වෙළෙඳපොළද අද පෙරවරු 10 සිට වසා දැමුණා.
එය ලබන සඳුදා දක්වා තාවකාලිකව වසා තැබෙන බවයි මැනිං වෙළඳපොළ වෙළඳ සංගමය පැවසුවේ.
 
දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේද අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් 100 දෙනෙකුගේ පමණ පීසිආර් පරීක්ෂණ අද සිදු කෙරුණා.
 
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයෛන් තවත් කොවිඩ් ආසාදිතයින් 17 දෙනෙකු හමුවීමත් සමග එම කලාපයෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්යාව 331 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
මේ අතර කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන්ට තම සේවා හැඳුනුම්පත භාවිත කර සේවා ස්ථානවලට ගමන් කිරීමට අවස්ථාව සළසා දී ඇති අතර පිට පළාත්වල සේවකයින් සඳහා ආයතන මට්ටමින් තිබූ විශේෂ බස් රථ යොදවා තිබෙනවා.
 
මේ විශේෂ කාර්ය බලකාය විසින් ඇඳිරිනීතිය ක්රියාත්මක ගම්පහ දිස්ත්රික්කයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්රියාත්මක කර තිබූ ආකාරයයි.
 
එමෙන්ම යුද හමුදා මූලස්ථානයේ ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩායම කොළඹට ඇතුළු වන රථ වාහනවල ගමන් කරන පුද්ගලයින්ගේ උෂ්ණත්වය අහඹු ලෙස පරීක්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා.
 
සැක සහිත පුද්ගලයින් මෙම කණ්ඩායමට අදාළ ගිලන් රථයකින් යුද හමුදා රෝහල වෙත ඇතුළත් කිරීමටද එහිදී පියවර ගැනුනා.
 
මාතර උද්යාන පාරේ වෛද්යවරියකටද කොවිඩ් 19 වෛසරය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.
 
ඇයගේ නිවසේ පසුගිය දිනක පැවති දානමය පින්කමක් සඳහා මතුගම ප්රදේශයේ පදිංචි සහෝදරියක් පැමිණ ඇති අතර ඇය කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ පසු අදාළ වෛද්යවරිය ඇතුළු ආශ්රිතයින් 8 දෙනෙකුගේද පීසීආර් පරීක්ෂණ සිදු කර තිබෙනවා.
 
ඉන් වෛද්යවරියට පමණක් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති අතර අනෙක් පිරිස නිරෝධානය සඳහා යොමු කළ බව මාතර සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාය සඳහන් කළා.
 
කෑගල්ල දිස්ත්රික්කයේ සිදු කරන ලද පීසීආර් පරීක්ෂණවලින් කොවිඩ් 19 රෝගීන් 23 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
 
ශ්රී ලංකා රේගු අධිකාරියේ නිලධාරීන් දෙදෙනෙකුටද කොවිඩ් 19 ආසාදිත බවට අද තහවුරු වුණා.
 
මේ අතර කල් ඉකුත්වූ රියදුරු බලපත්ර අලුත් කිරීම සඳහා සහන කාලයක් ලබාදීමට බලාපොරොත්තු වන බව ප්රවාහන රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
 
මේ අතර සේවකයින්ට වේතන ගෙවීමේදී ඉලෙක්ට්රොනික ක්රම භාවිත කරන ලෙස බැංකුකරුවන්ගේ සංගමය සේවාදායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.
 
හිරු පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ සමාජය තුළ යම් තරමකට අනු පොකුරු නිර්මාණය වීම අවදානම් සහගත තත්ත්වයක් බවයි.


 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top